Lamborghini_සමාගමේ_සැඟවුනු_තතු

uditha224

Well-known member
  • Lamborghini_සමාගමේ_සැඟවුනු_තතු

    Lamborghini සමාගමේ සැඟවුනු තතු...:shocked:

    logo.jpg


    Lamborghini සමාගමේ සැඟවුනු තතු කිහිපයක් ගැනයි ඔවුන්ගේ එදා මෙදා තුර විශිෂ්ඨ නිෂ්පාදන කීපයක් ගැනයි මේ ලිපියෙන් ඔයාලට දැන ගන්න පුලුවන් .මේ ලිපියේ දී මම Lamborghini සමාගමේ සම්පූර්ණම ඉතිහාසය ගැන නම් කියන්නෙ නැහැ.ඒ වුනත් ඔවුන් මේ වෙනතෙක් නිපදවූ විශිෂ්ඨතම සහ ටිකක් අමුතු නිශ්පාදන ගැන විස්තරයක් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා

    Lamborghini කියන නම ඇහුනු ගමන්ම කට්ටියටම මතක් වෙන්නේ විදුලි වේගයෙන් ධාවනය කරන්න පුලුවන් මෝටර් රථ නිශ්පාදනය කරන සමාගමක්.මෙම සමාගමේ නිර්මාතෲ වනුයේ ඉතාලියේ Ferruccio Lamborghini ය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව Ferruccio Lamborghini යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කරන ස්ථානයක් ආරම්භ කළ අතර ඔහු එය ට්‍රැක්ටර් නිශ්පාදන කර්මාන්ත ශාලාවක් දක්වා වැඩිදියුනු කළේය.එනම් Lamborghini පළමු නිර්මාණය (1951 දී) මෝටර් රථයක් නොව ට්‍රැක්ටරයකි.:shocked::shocked:(Lamborghini -22PS).

    Lamborghini_22PS.jpg


    මේ වන විටත් Lamborghini වෙළඳනාමයෙන් නිපදවෙන්නේ අධිවේගී මෝටර් රථ පමණක් නොවේ.තවමත් ඔවුන් ට්‍රැක්ටර් නිශ්පාදනයද සිදු කරනු ලබයි. :baffled:(Lamborghini R6-150)


    r6+.150.jpg



    * Lamborghini සමාගමේ සළකුණ ලෙස පුෂ්ටිමත් ගවයෙකු ගේ රූපයක් යොදා තිබෙන අතර ඊට හේතුව නම් Ferruccio Lamborghini ගේ උපන් ලග්නය වන්නේ වෘෂභ(Taurus) වීම හේතු කොට ගෙනය. :D
    ( Ferruccio Lamborghini හට ගව පට්ටියක් තිබුනා යයි ද (Ferruccio Lamborghini ගේ දෙමව්පියන්ට ගව පට්ටියක් තිබූ බව නම් සැබෑවකි.) :D:rofl:එහෙයින් සළකුණට ගවයෙකුගේ රූපයක් යොදා ගත්තා යැයි කතාවක් තිබුනද එහි කිසිදු සථ්‍යතාවක් නොමැත.
    Lamborghini මෝටර් රථ කිහිපයකට ගවයන්ගේ නම් යොදා ගෙන ඇති බව නම් සැබෑවකි ඒ වුවද ඒ යොදාගෙන ඇත්තේ ගොන් පොර වලින් අතීථයේ වාර්ථා තැබූ සහ වංශකතා වල සඳහන් වන ගොනුන්ගේ නම් ය.

    උදා-:Lamborghini Miura/Lamborghini Murciélago ලෙස නම් කර ඇති මෝටර් රථ 2 නම් කර ඇත්තේ ස්පාඤ්ඤයේ අතීතයේ ගොන් පොර වලින් වාර්ථා තැබූ Miura නම් ගොනා සහ murcielago යන ගව විශේෂය පදනම් කොට ගෙනය.murcielago යනු දැනටත් ස්පාඤ්ඤයේ සිටින ගොන් පොර වලටම ගන්නා වූ හැඩි දැඩි හරකුන් විශේෂයකි.ඉතාලියේ නිෂ්පාදනය කරන මෝටර් රථ වලට ස්පාඤ්ඤයේ ගවයන්ගේ නම් ලබා දුන්නේ ඇයිද යන බව නම් ප්‍රහේලිකාවකි)


    * Ferruccio Lamborghini මෝටර් රථ නිෂ්පාදනයට යොමු වන්නේ 1963 වර්ශයේදී ය.1963 දී ඔහු තම මෝටර් රථ නිශ්පාදන කර්මාන්ත ශාලාව ආරම්භ කරන අතර එම වසරේදීම තම පළමු මෝටර් රථය "Lamborghini 350-GTV" නිශ්පාදනය කල ද එම මෝටර් රථය වෙළඳපොල ට ඉදිරිපත් කළේ නැත.නමුත් 1964 වසරේදී Lamborghini 350-GTV මෝටර් රථයේම තවත් වැඩිදියුනු කරන ලද මෝටර් රථයක් ලෙසින් "Lamborghini 350GT" ලොවට හඳුන්වා දුන් අතර මෙම රථ 120ක් වෙළඳපොලට නිකුත් කරන ලදි.

    350GTV+&350+GT.jpg



    *
    1966 වසරේදී මෙම සමාගම විසින් "Lamborghini Miura" යන නාමයෙන් තවත් විශිෂ්ඨ නිර්මාණයක් ලොවට හඳුන්වා දෙන ලදි. Lamborghini Miura මෝටර් රථය Lamborghini සමාගමෙන් නිපද වූ පළමු මධ්‍යගත එන්ජිමක් සහිත (Mid Engine) මෝටර් රථයයි. Lamborghini සමාගමේ සුපිරි කාර්(super car) සංකල්පය ආරම්භ වුනේ මෙම මෝටර් රථයත් සමග ය. මෙම මෝටර් රථයෙන් පසු Lamborghini සමාගම නිපදවු සෑම මෝටර් රථයක්ම මධ්‍යගත එන්ජින් (Mid Engine) සහිත මෝටර් රථ වේ.
    (1968 නිපද වූ Lamborghini Espada මෝටර් රථය හැර)


    Miura.jpg



    * 1972 වසරේදී Lamborghini ට්‍රැක්ටර් නිෂ්පාදනය SAME නම් වූ වෙනත් සමාගමකට පවරන ලදි.

    * 1973 වසරේදී Lamborghini සමාගම විසින් "Lamborghini Urraco" නමින් තවත් විශිෂ්ඨ මෝටර් රථයක් ලොවට හඳුන්වා දුනි.මෙම රථයටම ආවේණික බඳ විලාසිතාව නිසා අදටත් මෙම රථය ඉතා ප්‍රසිද්ධ ය.

    uracco.jpg



    * 1974 වසරේදී Lamborghini සමාගම "Lamborghini Countach" නමින් තවත් අද්විතීය මෝටර් රථයක් එලි දැක් වූ අතර මෙම Lamborghini Countach නම් වූ අසමසම මෝටර් රථය Lamborghini Murciélago සහ Lamborghini Gallardo මෝටර් රථ 2 එලි දක්වන තෙක් Lamborghini සමාගම විසින් නිපද වූ මෝටර් රථ වලින් ප්‍රසිද්ධම වූ මෝටර් රථය වූ අතර සුපිරි කාර් (Super Car) සංකල්පයේ පෙරලියක් ඇති කල මෙම මෝටර් රථය Lamborghini සමාගම තැබූ මගසළකුණකි.

    countach.jpg



    * 1973 ලෝක ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි ලෙස ආර්ථික පරිහාණියකටලක් වූ Lamborghini සමාගමේ හිමිකාරත්වය 1987 වසරේදී ඇමෙරිකාවේ "Chrysler" සමාගමට හිමිවිය.

    chrysle+rlogo.jpg



    * අයිතිකාරත්වය වෙනස් වනවාත් සමගම Lamborghini සම්ප්‍රදායට පටහැනි ආකාරයක මෝටර් රථයක් මෙම සමාගමෙන් එලි දක්වන ලදි. එනම් Lamborghini LM-002 නම් වූ Pick-up කාණ්ඩයේ මෝටර් රියයි.මෙම Lamborghini Pick-up රථය "Rambo Lambo" නමින්ද හැඳින්වේ.

    Lm-002.jpg



    *1990 වසරේදී Lamborghini සමාගම තවත් පෙරළිකාර මෝටර් රථයක් ලොවට හඳුන්වා දුනි.එනම් "Lamborghini Diablo" මෝටර් රථයයි.මෙම මෝටර් රථය 1990 වසරේ ලොව වේගවත්ම මෝටර් රථයද වේ.

    Diablo.jpg



    *1991 වසරේ පටන් පිට පිට සිදුවූ අලාභ හේතුවෙන් 1994 වසරේදී Lamborghini සමාගම Chrysler සමාගම විසින් "MegaTech" නම් වූ ඉන්දුනීසියානු සමාගමට විකුණන ළදි.

    *1993 වසරේ Lamborghini සමාගමේ නිර්මාතෲ වූ Ferruccio Lamborghini මහතා ගේ අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ අභාවයෙන් පසුව ඔහුගේ සමාගම ඔහුට ගෞරවයක් වශයෙන් ඔහුගේ නාමයෙන් නම් කරන ලදි. "Automobili Lamborghini"

    *1998 වසරේදී ආර්ථික අපහසුතා කරණ කොට ගෙන Lamborghini සමාගම නැවතත් MegaTech සමාගම විසින් ජර්මනියේ "AUDI" සමාගමට විකුණන ලදි.
    ("AUDI" සමාගමේ හිමිකාරත්වය දරන්නේ ජර්මනියේ "Volkswagen" සමාගමයි.එනම් AUDI සමාගමVolkswagen සමාගමේ ම කොටසකි ).තවමත් Lamborghini සමාගමේ හිමිකාරත්වය අයත් වන්නේ AUDI සමාගමට ය.


    vwaudi.jpg



    *අයිතිකාරත්වය AUDI සමාගමට හිමි වීමෙන් පසුව 2001 වර්ෂයේදී Lamborghini සමාගම විසින් "Lamborghini Murciélago" නමින් පෙරළිකාර මෝටර් රථයක් ලොවට හඳුන්වා දෙන ලදි. Lamborghini Murciélago මෝටර් රථය ගැන නම් බොහෝ දෙනෙක් අසා ඇතුවාට සැකයක් නැත. Lamborghini Reventón සහ Lamborghini Aventador රථ ලොවට එලි දක්වන තුරාවට වසර 10ක් එක දිගට Lamborghini සමාගමේ කීර්ති නාමය රැක ගෙන සිටියේ මෙම මෝටර් රථයයි.

    Murcielago.jpg


    * Lamborghini සමාගමෙන් නිපදවන ලද වේගවත්ම මෝටර් රථයද Lamborghini Murciélago වර්ගයේම තවදුරටත් වැඩි දියුනු කරන ලද "LamborghiniMurciélago R-GT" මෝටර් රථයයි.නමුත් මෙම රථය මහා මාර්ගයේ ධාවනයට අවසර නැත.එනම් මෙම රථය ධාවනය කිරීමට අවසර ඇත්තේ ධාවන පථයක පමණි.(370Km/h)

    murcielago+R-GT.jpg



    *2003 වර්ෂයේදී Lamborghini සමාගම විසින් තවත් පෙරළිකාර මෝටර් රථයක් "Lamborghini Gallardo" නමින් ලොවට හඳුන්වා දෙන ලදි. Lamborghini සමාගමේ අනෙක් මෝටර් රථ වලට සාපේක්ෂව මෙම මෝටර් රිය කුඩා හෙයින් සහ එන්ජින් ධාරිතාවයෙන් අඩු නිසා Lamborghini Gallardo රථය "Baby Lambo" යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වේ.සාපේක්ෂ වශයෙන් කුඩා මෝටර් රථයක් වුවද Lamborghini සමාගමේ මෝටර් රථ වලින් වඩාත්ම ප්‍රසිද්ධ මෝටර් රථය වන්නේද Lamborghini Gallardo රථයයි.මෙම මෝටර් රථය ලංකාවේ බොහෝ දෙනෙක් මේ වනවිටම හොඳින් දන්නවාට සැකයක් නොමැත.මක් නිසාද යත් "දිලන්ත මාලගමුව" මහතා විසින් මෑතකදී මෙම වර්ගයේ මෝටර් රියක් ලංකාවට ආනයනය කිරීම බොහෝ දෙනෙක් දන්නා කරුණකි

    * Lamborghini සමාගමෙන් මෙතෙක් නිපදවූ සෑම මෝටර් රථයකටම V-12 වර්ගයේ සිලිණ්ඩර් 12 එන්ජිමක් තිබුනද Lamborghini Gallardo රථයේ ඇත්තේ V-10 වර්ගයේ සිලිණ්ඩර් 10 එන්ජිමකි. (Lamborghini Urraco මෝටර් රථය හැර)

    * "Audi" සමාගමෙන් නිපදවන "Audi R-8" V-10 එන්ජින් ඇති මාදිලිය Lamborghini Gallardo රථයම වේ.වෙනස් කමක් ඇත්තේ බඳ පමණි.

    Gallardo.jpg


    * 2010 වසරේදී Lamborghini Gallardo රථයේම තවත් වැඩි දියුණු කරන ලද මාදිලියක් "Lamborghini gallardo superleggera" ලෙස ලොවට ඉදිරිපත් කළ අතර මේ වන විට අනෙකුත් සියලුම Lamborghini රථ වලට වඩා මෙම Lamborghini gallardo superleggera මාදිලියට ඉල්ලුමක් ඇත.

    gallardo+superleggera+.jpg


    * Lamborghini සමාගම වැඩිම මෝටර් රථ ප්‍රමාණයක් අලේවි කරන ලද්දේ 2007 වසරේ වන අතර ප්‍රමාණයෙන් නම් මෝටර් රථ 2850ක් ඔවුන් වෙළඳපොලට ඉදිරිපත් කර ඇත.

    *2008 වසරේදී Lamborghini සමාගම විසින් ඉතාමත් පෙරළිකාර මෝටර් රථයක් ලොවට ඉදිරිපත් කරන ලදි. එනම් "Lamborghini Reventón" මෝටර් රථයයි. F-22 Raptor නම් ඇමෙරිකානු ප්‍රහාරක යානයේ ආකෘතිය පාදක කොට ගෙන නිපදවූ මෙම මෝටර් රථය බැලූ බැල්මට සිහිවන්නේ ප්‍රහාරක ගුවන් යානයකි.මෙම රියේ සම්පූර්ණ බඳ ම නිමකර ඇත්තේ ඉතාමත්ම ශක්තිමත් සහ ඉතාම සැහැල්ලු කාබන් තන්තු (Carbon Fiber) වලිනි. මුදල් තිබූ පමණින්ම මෙම මෝටර් රථයක් මිලදී ගත නොහැක. මෙම සුවිශේෂ මෝටර් රථය මිලදී ගැනීමට නම් කුමන හෝ අංශයකින් ලොවම පිලිගත් අයෙකු වීමද අත්‍යාවශ්‍ය කරුණකි. බොහෝ දෙනෙක් දන්නා වූ Tanner Foust නම් වූ රැළි(Rally) ධාවන ශූරයා මෙම Lamborghini Reventón රථයක සාඩම්බර හිමිකරුවෙකි. Lamborghini Reventón වර්ගයේ රථයක් දැන් නම් මිලදී ගැනීම ඕනෑම අයෙකුට දැන් නම් ඉතාමත්ම අපහසු කරුණකි. මක් නිසාද යත් මෙම මෝටර් රථ නිපදවා ඇත්තේ 21ක් පමණක් වන අතර එයින් එක් රියක් Lamborghini කෞතුකාගාරයට ය. ඉතිරි මෝටර් රථ 20ම අලෙවි වී අවසන් අතර මෙම මෝටර් රථය පිළිබඳව Lamborghini සමාගම විසින් ලොවට හෙලි කළ විගසම මෝටර් රථ 20ටම ඇණවුම් ලැබී අවසානය. මෙම රථය Lamborghini සමාගමේ ඉතාමත්ම සීමිත නිශ්පාදනයක් වන අතර මෙය නිපදවා ඇත්තේ Lamborghini සමාගමේ ප්‍රෞඩත්වය ලොවට විදහා දැක්වීම පිණිසය. Lamborghini සමාගමෙන් මේ වෙනතෙක් නිපදවා ඇති මෝටර් රථ වලින් වැඩිම මිලකට අලෙවි වූ මෝටර් රථය වන්නේද මෙයයි. මෙහි වටිනාකම පටන් ගන්නේ ඇමෙරිකානු ඩොලර් 1,600,000 කටය. :shocked:

    {{ තීරු බදු රහිතව=ශ්‍රී ලංකා රුපියල් මිලියන 214.075 /තීරු බදු සහිතව=ශ්‍රී ලංකා රුපියල් මිලියන 1284.45,,,,,, [අධි එන්ජින් ධාරිථා,අධි වේග මෝටර් රථ බදු ප්‍රතිශතය=500% ]

    ලංකාවෙ බදු ගැන කියන්න දෙයක් නෑ නෙ ඉතිං... :P:P:frown::dull:

    reventon.jpg


    *2011 වසරේදී Lamborghini සමාගම විසින් තවත් පෙරළිකාර නිශ්පාදනයක් වන "Lamborghini Aventador" මෝටර් රථය ලොවට හඳුන්වා දෙනු ලැබුවා. මෙම Lamborghini Aventador නම් මෝටර් රථයද හැඩය යම් තාක් දුරට Lamborghini Reventón රථයට සමානකම් ඇත. මෙම Lamborghini Aventador නම් රථය Lamborghini සමාගමෙන් නිපදවන ලද වැඩිම හැසිරවීමේ හැකියාවක් ඇති (Maneuverable) මෝටර් රථයයි. හැසිරවීමේ හැකියාව වැඩි වුවා පමණක් නොව මෙම මෝටර් රථය වේගයෙන්ද ඉතාමත් ඉහල (350Km/h) මෝටර් රථයකි.

    මෙම Lamborghini Aventador නම් මෝටර් රිය Lamborghini සමාගමෙන් නිපදවූ මෝටර් රථ අතරින් දෙවෙනියට වේගවත්ම මෝටර් රථයයි.එසේ වුවද Lamborghini සමාගමේ නිපදවූ මෝටර් රථ අතරින් මහා මාර්ගයේ ධාවනයට අවසර ඇති මෝටර් රථ අතුරින් වේගවත්ම රිය වන්නේ Lamborghini Aventador මෝටර් රථය යි.

    Aventador.jpg


    පහත රූපයෙන් දැක්වෙන්නේ ඉතාලියේ Sant'Agata Bolognese, Bologna, Italy ලිපිනයේ පිහිටි Lamborghini කර්මාන්ත ශාලාවයි.

    company.jpg


    හරි දැන් ඉතින් කියවලා ඉවර උනාම කරන්න ඕන දේවල් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.... හික්ස්...
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කලින් කියවල තියෙනව මචං තුන් හතර පාරක්ම..
    අවුලක් නැහැ.. තව පාරක් කියෙව්වා..
    වැදගත් දේවල් සිය වතාවක් කියෙව්වත් අපරාදයක් වෙන්නෑ..
    ජය මචං!

     

    uditha224

    Well-known member

  • Ela Ela..

    thanks matchan ela

    patta macho..... rep

    ela thread eka machan..rep+

    patta rep

    2013 - Lamborghini Veneno :P




    apitanam lambo ekaka yanna wenne NFS waladi thama..:P:P:P
    rep+

    saga unu thathu nam neme mewa


    කලින් කියවල තියෙනව මචං තුන් හතර පාරක්ම..
    අවුලක් නැහැ.. තව පාරක් කියෙව්වා..
    වැදගත් දේවල් සිය වතාවක් කියෙව්වත් අපරාදයක් වෙන්නෑ..
    ජය මචං!


    ela machan.


    තෑන්ක් යු :cool::cool::cool: