Landune - අමරසිරි පීරිස්

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Landune - අමරසිරි පීරිස්

    ළඳුනේ ………. ළඳුනේ ………….

    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ…

    දෙනෝ දහක් අත ගත්ත ද
    සැමියෙකු නැති ළඳුනේ
    නෑයෙක් නෑකම් නො කියන
    වීදි සරන ළඳුනේ ... ළඳුනේ …

    තෙල් මල් ගෙන දෝත පුරා
    මුනි කුටියට පිය මනිනා
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …

    බුදුන් දැක නිවන් දකිමැයි
    දෙව්රම යන පාර අහන
    ඔබ ද පටාචාරාවකි
    ඔබ ද කිසා ගෝතමියකි

    පිරිමින්ගේ පාප කඳට
    දෝස විඳින ළඳුනේ
    රහසේ පව් කරන දනා
    එලියෙ රවන ළඳුනේ
    ලැම පමණක් ලොවට පෙනෙන
    ළය නො පෙනෙන ළඳුනේ
    කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ


    පද - රන්බණ්ඩා සෙනෙවිරත්න
    නද - ප්රේමසිරි කේමදාස
    හඬ - අමරසිරි පීරිස්
     
    Last edited:

    callkalpa

    Junior member
  • Nov 21, 2006
    166
    0
    16
    Galle
    නියම වැඩක්.

    මාත් කැමතිම ගායකයෙක් තමයි, අමරසිරි පීරිස්.
     

    bhagya92

    Member
    Nov 13, 2007
    80
    0
    0
    d_nadeesha i have guitar chords to amarasiri peiris' landune
    if u mean guitar music chords i can give you
     

    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්මයා දවසක් හැන්දෑවක නුවර වැව ගාව ඉද්දි දැක්කලු සුදු සාරියක් ඇදගත්තු ගෑනු කෙනෙක් මල් වට්ටියක් අරන් පන්සල් යනවා. එතකොට එයත් එක්ක හිටපු යාලුවෙක් කීවලු මෙයා අර වගේ කෙනෙක් කියලා. එතකොට තමා මෙයාට මේ සිංන්දුවට අදහස ඇවිත් තියෙන්නේ...
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    සමාජයේ නුදුටු පැතිකඩක් ගී පද සංකල්පනාවකට මුසුකල මේ ගීය ගැයෙන හඩ ඉතාම රසවත් - මාගේ ප්‍රියතම ගීයක්. රාත්‍රී 10න් පස්සෙ වගේ පරිසරය නිෂ්ශබ්ද වේලාවක අහල බලන්න!! :)
     

    Akiisha

    Junior member
  • Dec 7, 2008
    166
    8
    18
    සමාජයේ නුදුටු පැතිකඩක් ගී පද සංකල්පනාවකට මුසුකල මේ ගීය ගැයෙන හඩ ඉතාම රසවත් - මාගේ ප්‍රියතම ගීයක්. රාත්‍රී 10න් පස්සෙ වගේ පරිසරය නිෂ්ශබ්ද වේලාවක අහල බලන්න!! :)
    ow machan .....
    umbe kathawa nam sahathika aththaban.