මචන්ලා ඊයේ මට වුන වැඩක් කියන්න යන්නේ. මගේ කම්පැනි එකේ ඩොමේන් එක ගත්තේ ලංකා හොස්ට් ලගෙන්. හොස්ටින්ග් එක හොස්ට්ගේටර් ලගෙන් ගත්තේ. මේ ලඟදි මම ඊමේල් සර්වර් එකක් සල්ලි වලට ගත්තා. එතකොට මගේ ඊමේල් ඔක්කොම වැඩ කරන්නේ අලුත් සර්වර් එක හරහා. ඉතින් මට MX රෙකෝඩ් එක වෙනස් කරගන්න ඕනේ ඊමේල් සර්වර් එකේ අයිපී ඇඩ්‍රස් එකට. ඒක කරලා දෙන්න කියල මම රික්වෙස්ට් 2ක් කලා ලංකා හොස්ට් ලට. බැරිම තැන මම ඊයේ කෝල් කලා 0777 238 248 නම්බර් එකට. පිරිමි කෙනෙක් කෝල් එක ගත්තෙ මම කිව්වා මගේ අවශ්‍යතාවය එතකොට මිනිහා කියන්න ගත්තා ඔයාලා හොස්ට්ගේටර් එකෙන් හොස්ටින්ග් ගත්ත නිසා අපිට මුකුත් කරන්න බෑ කියලා. මම කිව්වා හෝස්ටින් එක නෙමෙයි මට ඕනේ ඩොමේන් එකට MX රෙකෝඩ් එක ඇඩ් කරගන්න කියලා. මිනිහා කියනවා එයාලගෙන් හොස්ටින්ග් ගත්තා නම් කරගන්න පුළුවන් කියලා. එතනින් ගානක් කඩාගන්න හැදුවේ මගෙන්. අන්තිමට මට කිව්වා ඩෝමේන් එක කැමති කෙනෙක්ට දගන්න මට ප්‍රශ්නයක් නෑ මම ගාව කස්ටමර්ස් ල ගොඩාක් ඉන්නවා ඔයා නැතිවුනා කියල මට ප්‍රශ්නයක් නෑ කියලා. මටත් මොකද මමනෙ සල්ලි වියදම් කරන්නේ. ඉතින් මම තීරණය කලා වෙන කෙනෙක්ට ඩොමේන් එක ට්‍රාන්ස්වර් කරන්න කියලා. ඒත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මුන්ට අපි සල්ලි දීල වැඩක් කරගන්න ගියාම අපිට පාට් දාන එකයි. ඔයාලටත් ලංකා හොස්ට් ලගෙන් මේ වගේ අත්දැකීම් තියෙනවාද. අනික තාක්ෂණික ප්‍රශ්න විසඳගන්න ගියාම සසර කලකිරෙනවා. මම ලද අත්දැකීම ඔයාලට කියන්නේ ඔයාලත් අමාරුවේ නොවැටෙන්න කියලා.
Domain name eka aragena nameservers dala thiyena thanin thamai wenas karanna one. Hostgator eke nameservers use karanawanam hostgator eken thamai wenas karanna one. umbalath danna pukakuth na baninna nam dannawa minissunta.

lankawe hosting karana ewun danna deyak na ban reseller account aran talk denne data center thiyenawa wage. Eth customers la th danagena inna one ABC wath.menna buwa awilla![]()
මචන් ඒක වැරදි නේද. මම පින්තූරයක් දාලා ඇති.
දැනට කරල තියෙන්නේ 2 විදිය තමයි. මට ඕනේ 1 විදිය කරගන්න. ඩොමේන් එක තියෙන්නේ ලංකා හොස්ට් ලඟ. ඒකයි MX රෙකෝඩ් එකක් දාල දෙන්න කියල ඉල්ලුවේ.



උබ කරන්න ඕන වැඩේ මාර්ය් කරගෙන. හරි නම් ඩෝමේන් එක ගෝඩැඩී වගේ තැනකින් අරගෙන ලංකාවේ තැනකිනුයි හොස්ටින් ගන්න තිබ්බේ. ට්‍රාන්ස්ෆර් කරද්දි කෝඩ් එකක් දෙනවා. ඒක උන් නොදී හිටියොත් උබ කොහොමද ඩොමේන් එක ට්‍රාන්ස්ෆර් කරන්නේ?
කවදාවත් විශ්වාසයක් නැති කොහෙන්වත් ඩොමේන් ගන්න එපා. ගෝඩැඩී නේම්චීප් වලින් ගන්න බලන්න. හොස්ටින් උනත් හොඳ තැනකින් ගන්න බලන්න.