Lankawe ekekta love karala higamanata watuna ප්‍රංශ_සුද්දී

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    Lankawe ekekta love karala higamanata watuna ප්‍රංශ_සුද්දී

    ලංකාවේ කළු කොල්ලෙක් වෙනුවෙන් ගෙවල් දොරවල් උකස් කර දී සිඟමනට වැටුණු ප්‍රංශ යුවතිය මරීනාගේ කතාව

    France-Girl-Marina-Affair-With-Sri-Lankan-Boy__1486962999_58.153.226.192.jpg

    මරිනා ප්‍රංශ ජාතික කාන්තාවකි. ඇය කුඩා කාලයේ සිට මැදිවිය දක්‌වාම ගත කරනු ලැබුවේ කටුක දිවි පෙවෙතකි. ඇය නොයෙකුත් කම්කටොළු වලට මුහුණ දුන්නාය. ඇයගේ විවාහදිවිය පවා කඩාකප්පල් වූවාය. මරිනාගේ එකම පුතු කුඩා අවදියේම ඇගේ සැමියා මරිනා හැරදමා ගියේය. මේ නිසා මරිනා දැඩි අසරණ තත්ත්වයට පත්වූවාය. ඇයට ජීවත්විම සඳහා දැඩි අරගලයක නිරත වන්නට සිදුවූවාය. එතරම් උගත් යුවතියක්‌ නොවූ මරිනා එම රටේ කම්කරු රැකියාවක්‌ කළාය.

    ඇයට අනිකුත් ප්‍රංශ ජාතික යුවතියන් මෙන් රට රටවලට සංචාරය කිරීමටද වාසනාව හිමිවූයේ නැත. ඇය ධනවත් යුවතියක්‌ නොවූවාය. තම වයස්‌ගත මව රැකබලා ගැනීමට සිදු වූයේද මරිනාටය. ඒ සඳහා ඇයට ප්‍රංශ රජයෙන් දීමනාවක්‌ද ලබා දුන්නාය. මරිනා මවට ඇප උපස්‌ථාන කරමින් මව හොඳින් රැකබලා ගත්තාය. මේ අතරේ මරිනාගේ මව මියගියාය. මවගේ මියයැමත් සමඟ ඇයට මවගේ දේපල අයිති වූවාය. මරිනාට තිබූ එකම දේපල මවගෙන් ලැබුණු එම දේපල වූවාය. මේ වනවිට මරිනාගේ පුතු සුන්දර යොවුන් වියේ පසු වූ තරුණයකු බවට පත්ව සිටියේය. මව විඳපු දුක්‌ ගැහැට පුතු හොඳින් දැන සිටියේය. අම්මේ දැන් අම්මා මැදිවියේ පසුවන කාන්තාවක්‌. මේ කාලය තුළ අම්මාට විනෝදවන්න පිටරටකට යන්න ලැබුණේ නැහැ. අම්මා කැමති රටකට ගිහින් විනෝද වෙලා එන්න.. පුතු මරිනාට කීවේය.

    පුතා කියන කතාව ඇත්ත. මගේ ජීවිත කාලය තුළ උරුම වෙලා තිබුණේ දුක වේදනාව. මාත් කැමතියි පිටරටකට ගිහින් විනෝද වෙලා එන්න මරිනාද තම පුතුට කීවාය. ලංකාව සුන්දර රටක්‌ බව කියනවා. මා කැමැතියි ලංකාවට යන්න..... පුතුට එසේ කියූ මරිනා ලංකාවට ඒමට තීන්දු කළාය. ඇය සති දෙකක සංචාරයක්‌ සඳහා මෙරටට පැමිණියාය. ඇය පැමිණියේ හික්‌කඩුව සංචාරක පුරවරයටය. හික්‌කඩුව වෙරළ තීරය හා එහි සුන්දරත්වය ඇගේ නෙත් සිත් පැහැරගෙන තිබුණාය. කොටින්ම කිවහොත් හික්‌කඩුවේ වෙරළ තීරයට ඇය වශීවී සිටියාය. ඇය වෙනත් රටකට පැමිණ සිටියේ ජීවිතයේ පළමු වරටය. ඒ නිසා ඇයට සංචාර ගැන එතරම් අත්දැකීමක්‌ නොවීය.

    ප්‍රංශයට යැමට දින දෙකකට පමණ ඉහතදී මරිනාට හික්‌කඩු වෙරළ තීරයේ දී තරුණ කොලු ගැටයකු හමුවිය. හේ සංචාරක මගපෙන්වන්නෙකි. ඒ වනවිට මරිනා හතළිස්‌ දෙහැවිරිදි වියේ පසු වූවාය. මේ කොලු ගැටයාගේ වයස මරිනාගේ වයස මෙන් අඩකටත් වඩා අඩු වූවාය. මේ ගැටවරයා මරිනා සමඟ කථා බහට වැටුණේ හික්‌කඩුව වෙරළ තීරයේ දීය. ඔහුගේ කතා බස්‌වලට මරිනා වශී වූවාය. මේ කොලු ගැටයාද තමන් දන්නා සියලු වචන හරඹ මෙන්ම උපක්‍රම භාවිතා කරමින් මරිනා තම වසඟයට ගැනීමට සමත් වූයේය. නොයෙකුත් දුක්‌ ගැහැටවලට ලක්‌ව සිටි මරිනාට මෙම කොලුගැටයා හමුවීම ඉහේ මලක්‌ පිපුණා වැනිය.

    සංචාරක මගපෙන්වන්නා හමුවීම මරිනාගේ ජීවිතයේ දෙවැනි උපත මෙන් හැඟීමක්‌ ඇය තුළ ඇති වූවාය. ඇය මීට පෙර මේ අයුරින් වෙනත් අය ආශ්‍රය කොට තිබුණේ නැත. අඩුම තරමින් ඇය ක්‌ල්බ්වලට ගොස්‌ කා බී විනෝද වී තිබුණේද නැත. මේ නිසා මරිනාගේ ජීවිතය අලුත් වූවාය. මේ කොලු ගැටයාද මරිනාට අලුත් ලෝකයක්‌ මවාපා පෙන්වා තිබුණි. මරිනා මේ කොලු ගැටයාගේ වදන්වලට කෙතරම් වශී වූයේද යත් දින දෙකක්‌ තුළදී මොවුන් දෙදෙනා ප්‍රේමවන්තයන් බවට පත්ව සිටියහ.

    මරිනාට තව දින දෙකකින් ප්‍රංශයට යැමට සිදුවීම ඇයට දරාගත නොහැකි වූවාය. ඒ විතරක්‌ නොව මේ කොලුගැටයාට සමුදීම මරිනාට මහත් දුක්‌බර සමුගැනීමක්‌ වූවාය. අලුතෙන් හමුවූ ප්‍රේමවන්තයා මීට සති දෙකකට පමණ ඉහතදී මුණගැසුණා නම් කෙතරම් අගනේද කියා ඇය කල්පනා කළාය. ප්‍රේමවන්තයා සමඟ ගතකළ දින දෙක ඇගේ ජීවිතයේ ගත කළ සුන්දරම දින දෙක විය.

    මට ඔයා දාලා යන්න බැහැ. මේ සමුගැනීම මට ඉතා වේදනාබර සමුගැනීමක්‌, මා ඉතා ටික දිනකින්ම ලංකාවට එනවා. මා ලංකාවට කැමැතියි. අපි ලංකාවේදී අලුත් ජීවිතයක්‌ ගතකරමු මරිනා ඉකි බිඳිමින් ප්‍රේමවන්තයාට සමුදී නැවත ප්‍රංශය බලා පිටත්ව ගියාය. ඇය ප්‍රංශයට ගියද සිතින් ජීවත් වූයේ ලංකාවේය. ඒ විතරක්‌ නොව අලුතින් හමුවූ ප්‍රේමවන්තයා සමඟ ඇය මුහුණු පොත හරහා මෙන්ම දුරකථනය මගින් ගනුදෙනු කළාය. හික්‌කඩුව වෙරළ තීරය, එම ප්‍රදේශය ගැන මෙන්ම අපේ සංස්‌කෘතිය ගැන මරිනා අලුතෙන් සිතන්නට වූවාය.

    මට දැන් ලංකාවේ ප්‍රේමවන්තයෙක්‌ද ඉන්නවා. ලංකාවට ගිහින් ඉතා පහසුවෙන් අලුත් ජීවිතයක්‌ ආරම්භ කරන්න පුළුවන්. එසේ සිතමින් අලුතෙන් ජීවිතය සැලසුම් කරන අයුරු මරිනා කල්පනා කරන්නට වූවාය. ඒ අනුව මරිනා නැවත ලංකාවට යැමට තීන්දු කළාය. ඇය ප්‍රංශයේ කරමින් සිටි රැකියාවෙන් ඉල්ලා අස්‌වූවාය. ඇයට රැකියා ස්‌ථානයෙන් යම් මුදලක්‌ද ලැබුණි. ඇය සතුව තිබූ නවාතැන්පළද විකුණා දැමුවාය. මේ මුදල්ද රැගෙන මරිනා නැවත ලංකාවට පැමිණියාය. ඒ ප්‍රේමවන්තයා සමඟ අලුතෙන් ජීවිතයක්‌ ආරම්භ කිරීම සඳහාය.

    ඇය මෙවර ලංකාවට පැමිණියේ මාසයක පමණ කාලයකට වීසා ලබාගෙනය. අපි හික්‌කඩුවෙන් ගෙයක්‌ මිලදී ගමු. ප්‍රේමවන්තයා මරිනාට යෝජනා කළාය. ඒ අනුව හික්‌කඩුව ප්‍රදේශයේ වෙරළ ආශ්‍රිත ප්‍රදේශයකින් ඉඩමක්‌ හා නිවසක්‌ මරිනා මිලදී ගත්තාය. එම නිවස හා ඉඩම මිලදීගනු ලැබුවේ මරිනාගේ ප්‍රේමවන්තයාගේ නමටය. අපි මේ නිවස තවත් පුළුල් කොට තට්‌ටු දෙකට ඉදිකරලා ප්‍රංශ ජාතිකයන්ට නවාතැන් දීමේ තානායමක්‌ විදියට පවත්වාගෙන යමු. ඔයා එහි පරිපාලන කටයුතු භාරගෙන වැඩ කරන්න... මරිනා යෝජනා කළාය. මරිනාගේ යෝජනාවට ප්‍රේමවන්තයාද එක පයින් කැමති වූවාය.

    ඒ අනුව මරිනා ප්‍රේමවන්තයාගේ නමට නිවස හා ඉඩම මිලදී ගැනීමෙන් පසු ඔහු එකවරම වෙනස්‌ වූයේය. ප්‍රේමවන්තයා විසින් මරිනා මගහරින්නට විය. ඒ විතරක්‌ නොව ඇතැම් දිනවල නිවසේ දොර වසා ඔහු යතුර රැගෙන ගියේය. මේ නිසා මරිනාට ඇතැම් දිනවල රාත්‍රිය ගත කිරීමට සිදුවූයේ නිවසේ ඉස්‌තෝප්පුවේය. සමහරක්‌ දිනවල ප්‍රේමවන්තයා සිටින තැනක්‌ සොයාගෙන ගොස්‌ ඔහුගෙන් නිවසේ යතුර ඉල්ලාගෙන ආවේය. ඇතැම් දිනවල මරිනාට නිවසේ තිබූ තම ඇඳුම් පැළඳුම් පවා ගැනීමට නොහැකි වූවාය. එක්‌ දිනක කුස්‌සියේ දොරකඩා නිවසට ඇතුල්වී තම ඇඳුම් පැළඳුම් ගැනීමට මරිනාට සිදුවිය. ප්‍රේමවන්තයා විසින් කරනු ලබන අඩන්තේට්‌ටම් නිසා ඇය දැඩි කලකිරීමට පත්ව සිටියාය. ප්‍රේමවන්තයාට අවශ්‍ය වූයේ මාසයක්‌ යනතෙක්‌ මරිනා මඟහැර සිටීමටය. ඉන්පසු දේපල තමන්ට අයත්වන බැවිනි.

    සුන්දර ජීවිතයක්‌ ගත කිරීමට මෙරටට පැමිණි මරිනාගේ බලාපොරොත්තු ඒ වනවිට සුන්වීගොස්‌ තිබුණාය. ඇයට මේ ගැන කියන්නට ලංකාවේ කිසිදු හිතවතෙකු සිටියේද නැත. ප්‍රංශයේ තම හිතවතුන් සමගද මරිනාට සම්බන්ධකම් තිබුණේ නැත. මේ නිසා මරිනා දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටියාය. ඇයට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමටද නොහැකි වූවාය. මේ ප්‍රශ්නයේ දී භාෂා ප්‍රශ්නයද ඇයට දැඩි ලෙස බල පෑවාය. ඇය මේ ගැන පොලිසියට ගොස්‌ පැමිණිල්ලක්‌ කළාය. නීති මගින් කටයුතු කිරීමට උත්සාහ කළද එහෙත් පොලිසියෙන්ද ඇයට පිළිසරණක්‌ ලැබුණේ නැත.

    පොලිසියටද මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී නොයෙකුත් ගැටලු ඇතිවිය. එක්‌ අවස්‌ථාවකදී ප්‍රේමවන්තයා පොලිසියට කැඳවීය. මෙයා මට නිවසක්‌ අරන් දීලා තියෙන්නේ පරිත්‍යාගයක්‌ වශයෙන්, නැතිව එයාට පදිංචි වෙලා ඉන්න නෙවෙයි. ප්‍රේමවන්තයා කීවේය. මේ නිසා පොලිසියටද නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු ඇතිවිය. තමන්ට මෙරට ගැන අලුත් ලෝකයක්‌ අල්ලේ මවාපෑ ප්‍රේමවන්තයා මේ අයුරින් වෙනස්‌ වේවි යෑයි කියා මරිනා කිසිවිටෙකවත් සිතුවේ නැත. මේ වනවිට මරිනා අත තිබූ මුදල්ද වියදම් වී තිබුණාය. ඇය දැඩිලෙස මත්පැන් පානයට හා දුම්වැටිවලට ඇබ්බැහිවී සිටියාය. ඇය ප්‍රංශයේ සිට ගෙනවිත් තිබූ භාණ්‌ඩ එකින් එක විකුණා මත්පැන් පානය කළාය. ඇය සතුව තිබූ කැමරාවද විකුණා ඇය එම මුදලින් මත්පැන් පානය කළාය.

    ඒ වනවිට මරිනා සිඟන්නියකගේ තත්ත්වයට පත්ව සිටියාය. මරිනා නීතිඥ තුෂාර ද සිල්වා මහතාට හමුවන විට ඇය සතුව තිබූ එකම වස්‌තුව වූ ලැප්ටොප් පරිගණකයද විකුණා තිබුණි. එම පරිගණකය විකුණා ලැබූ මුදලින් මත්පැන් බෝතලයක්‌ ගෙන නීතිඥ තුෂාර ද සිල්වා හමුවීය. අපි මේ ගැන නීති මගින් කටයුතු කරමු... තුෂාර ද සිල්වා මරිනාට කීවාය. ඒ වනවිටත් මරිනා මත්පැන්වලට ඇබ්බැහිවී දැඩි ලෙස කලකිරීමට පත්ව සිටියාය. ඒ වන විට ඇයට අපේ සංස්‌කෘතිය, අපේ රට මිනිස්‌සු ගැන මෙන්ම නීතිය ගැන විශ්වාසයක්‌ නොතිබුණාය.

    මේ ප්‍රංශ ජාතික කාන්තාවගේ පුතා කුමන හෝ සම්බන්ධයක්‌ හදාගෙන ඇයට යලි ප්‍රංශයට එන්න ගුවන් ටිකට්‌ එකක්‌ එවනවා කියා තිබුණා. ඇය යළි ප්‍රංශයට ගියාද කුමක්‌ වුණාද කියලා දන්නේ නැහැ. ඒ ගැන තවම අභිරහසක්‌. අපේ රටේ ඉන්න සංචාරක මඟපෙන්වන්නෝ හරිම දක්‌ෂයි රටට එන විදේශිකයන් අවශ්‍යතාවය හරියට හඳුනා ගන්න. මේ ඉන්න ගයිඩ්ලා හරියට මනෝ විද්‍යාඥයන් වගේ. මේ කාන්තාව ආවේ ඇය තුළ තිබූ පාළුව, කාන්සිය, විඩාව එක්‌ක කෙටි නිවාඩුවක්‌ ගත කරන්න.. ඇය ලංකාවේ පදිංචි වෙලා ඉන්න නෙවෙයි ආවේ.

    නමුත් සංචාරක මගපෙන්වන්නාගේ දක්‌ෂතාවය නිසා මොහොතකින් සියල්ල වෙනස්‌ වුණා. ඔවුන් හරි දක්‌ෂයි අවශ්‍ය පුද්ගලයාට අවශ්‍ය ප්‍රතිකාරය කරන්න. වංචා කරන්න දක්‌ෂයි. මනෝ වෛද්‍යවරුන්ට වඩා දක්‌ෂයි. ගයිඩ්ලා අදාල විදේශිකයාගේ අවශ්‍යතාවය ඉටුකරන්න පැය විසි හතර පුරාම සැලසුම් කරනවා. දේපල වංචා කළා කියලා ගයිඩ්ට වන වාසියකුත් නැහැ. ඔහුත් ඒක කාට හරි අඩුමුදලකට විකුණනවා. එක වචනයකට මුළු ජීවිතයම නැති කරගත්තා. පොලිසියට කරන්න දෙයක්‌ නැහැ. මේක අපරාධ වරදක්‌ නොවන නිසා. නමුත් භාෂා ප්‍රශ්න තියෙනවා. සැකකරු කොහේද කියලා දන්නේ නැහැ. ප්‍රංශ ජාතික කාන්තාව හරියට කට උත්තරය දෙන්නේ නැහැ. පැමිණිල්ලක්‌ පොලිස්‌ පොතේ ලියවුණා විතරයි. නීතිඥ තුෂාර ද සිල්වා මහතා කීවේය.

    ගාල්ල -ලලිත් චාමින්ද

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    දැන් තේරෙනවද Sharma01 ගේ අගේ?උඹල හැමෝම උට විහිලු කරා. ශර්මා උතුමාණන්ගේ උපදෙස් නිසා මගේ ජීවිතේ සෑහෙන යහපත් අතට හැරුනා :yes::yes::)

    උඹලත් ඌ කියන දේ අහල ඉන්න ගෑනු ඩිවෝස් කරලා කෙල්ලෝ එළවලා සුද්දියෙක් සෙට් කරගනිල්ලා :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උව් බන් ඌ කියන කතාව ඇත්ත කියල මටත් ලඟදි තේරුනා.... ල0කාවෙ කෙල්ලොත් එක්ක යාලු වෙලා අපි අපරාදයක් කරගන්නෙ... :yes::yes::yes:
     
    Katayaa

    Banned
    Jan 31, 2017
    241
    21
    0
    දැන් තේරෙනවද Sharma01 ගේ අගේ?උඹල හැමෝම උට විහිලු කරා. ශර්මා උතුමාණන්ගේ උපදෙස් නිසා මගේ ජීවිතේ සෑහෙන යහපත් අතට හැරුනා :yes::yes::)

    උඹලත් ඌ කියන දේ අහල ඉන්න ගෑනු ඩිවෝස් කරලා කෙල්ලෝ එළවලා සුද්දියෙක් සෙට් කරගනිල්ලා :yes::yes::yes:

    math ekka ekata school gya ekek me tika kalekata kalin fb eken aye set una. u o/l witarai kale wale wal nathuwa idala kohoma hari italy panala.

    u ehe italy ganiyek badala bara ganaka grapes farm ekak gewal dekak ehema okkoma uta. mehe niwaduwata awith set una welawal walata wiyadam ehema kale sudda wage.

    ekama awula uta 29 ganita 55. :lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,336
    20,733
    113
    Panadura
    math ekka ekata school gya ekek me tika kalekata kalin fb eken aye set una. u o/l witarai kale wale wal nathuwa idala kohoma hari italy panala.

    u ehe italy ganiyek badala bara ganaka grapes farm ekak gewal dekak ehema okkoma uta. mehe niwaduwata awith set una welawal walata wiyadam ehema kale sudda wage.

    ekama awula uta 29 ganita 55. :lol:

    :baffled: :P :P
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    දැන් තේරෙනවද Sharma01 ගේ අගේ?උඹල හැමෝම උට විහිලු කරා. ශර්මා උතුමාණන්ගේ උපදෙස් නිසා මගේ ජීවිතේ සෑහෙන යහපත් අතට හැරුනා :yes::yes::)

    උඹලත් ඌ කියන දේ අහල ඉන්න ගෑනු ඩිවෝස් කරලා කෙල්ලෝ එළවලා සුද්දියෙක් සෙට් කරගනිල්ලා :yes::yes::yes:

    maka kiyawapuwahama,matath okama hethuna bn !
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උව් බන් ඌ කියන කතාව ඇත්ත කියල මටත් ලඟදි තේරුනා.... ල0කාවෙ කෙල්ලොත් එක්ක යාලු වෙලා අපි අපරාදයක් කරගන්නෙ... :yes::yes::yes:
    ඔව් බන් පහුවෙලා හරි අපිට ඇත්ත තේරුණ එක හොඳයි :yes:

    math ekka ekata school gya ekek me tika kalekata kalin fb eken aye set una. u o/l witarai kale wale wal nathuwa idala kohoma hari italy panala.

    u ehe italy ganiyek badala bara ganaka grapes farm ekak gewal dekak ehema okkoma uta. mehe niwaduwata awith set una welawal walata wiyadam ehema kale sudda wage.

    ekama awula uta 29 ganita 55. :lol:
    අපෝ ඒකට මොකද බන්. 55 නෙවේ 75 උනත් ලංකාවේ කළු කැත කොට කෙල්ලොන්ට වඩා කොච්චර ලස්සන ඇතිද :love: හුරුබුහුටි ඇතිද :love: නින්දයනකම් කතන්දර අහගන්නත් පුළුවන් :love::love: අලුත් අවුරුද්දට බුලත් දීල වඳින්නත් පුළුවන්නෙ ගෑනිට :) අනේ වාසනාවන් :love::love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපෝ ඒකට මොකද බන්. 55 නෙවේ 75 උනත් ලංකාවේ කළු කැත කොට කෙල්ලොන්ට වඩා කොච්චර ලස්සන ඇතිද :love: හුරුබුහුටි ඇතිද :love: නින්දයනකම් කතන්දර අහගන්නත් පුළුවන් :love::love: අලුත් අවුරුද්දට බුලත් දීල වඳින්නත් පුළුවන්නෙ ගෑනිට :) අනේ වාසනාවන් :love::love:

    :lol::lol::baffled:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඔව් බන් පහුවෙලා හරි අපිට ඇත්ත තේරුණ එක හොඳයි :yes:

    අපෝ ඒකට මොකද බන්. 55 නෙවේ 75 උනත් ලංකාවේ කළු කැත කොට කෙල්ලොන්ට වඩා කොච්චර ලස්සන ඇතිද :love: හුරුබුහුටි ඇතිද :love: නින්දයනකම් කතන්දර අහගන්නත් පුළුවන් :love::love: අලුත් අවුරුද්දට බුලත් දීල වඳින්නත් පුළුවන්නෙ ගෑනිට :) අනේ වාසනාවන් :love::love:

    1126.gif
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia

    Italy වල මම දන්නෙ නෑ. මෙහේ ඉන්න සමහර 55-60 ගෑණු දැක්කම ලංකාවෙ 25 කෙල්ලො මොක්කුද කියල හිතෙනවා!
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Italy වල මම දන්නෙ නෑ. මෙහේ ඉන්න සමහර 55-60 ගෑණු දැක්කම ලංකාවෙ 25 කෙල්ලො මොක්කුද කියල හිතෙනවා!

    මම අහල තියෙන්නෙ ඔසී ගෑනු කැතයි කියලනෙ.... :baffled: :baffled:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    මම අහල තියෙන්නෙ ඔසී ගෑනු කැතයි කියලනෙ.... :baffled: :baffled:

    :yes:ඔසී ගෑනු මහතයි බන්.සමහරුන්ගේ කලුපාට තිත් තිත් තියෙනවා.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මම අහල තියෙන්නෙ ඔසී ගෑනු කැතයි කියලනෙ.... :baffled: :baffled:

    England වලින් ආපු ඔරිජිනල් සුද්දියො නම් හෙණ කැතයි. ඒත් mix වෙච්ච සමහර ඒවුන් නම් මාර ලස්සනයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    England වලින් ආපු ඔරිජිනල් සුද්දියො නම් හෙණ කැතයි. ඒත් mix වෙච්ච සමහර ඒවුන් නම් මාර ලස්සනයි.

    මික්ස් වෙච්ච උන් කිව්වෙ.? මොන ජාතියත් එක්ක මික්ස් වෙච්ච උන්ද.?
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මික්ස් වෙච්ච උන් කිව්වෙ.? මොන ජාතියත් එක්ක මික්ස් වෙච්ච උන්ද.?

    ඔව්, විශේෂයෙන් Indian සහ Chinese එක්ක මික්ස් වුන ගෑණු නම් දැක්කම නළියනවා!
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව්, විශේෂයෙන් Indian සහ Chinese එක්ක මික්ස් වුන ගෑණු නම් දැක්කම නළියනවා!

    උන්ගෙ අර කලු ඩොට් සීන් එක නද්ද.? ගෑනු(feminine) පෙනුම තියනවද ?