අප්පෝ එහෙනම් ඉතින් හොද ගානකට තට්ටු වෙයි. මම පොඩි කැමරා එකක් ගෙනල්ල warehouse එකේ තියෙනවට 6000ක් වගේ ගත්තා. ටැක්ස් එක්ක 9990ක් උනා ඔක්කොම ගොඩක් ගලවල තිබ්බේ ෆෙඩෙක්ස් උන්ගේ ගාස්තු. කැමරා එකේ වටිනාකම දාල තිබ්බේ ඩොලර් 30ක් කියලා. නෝමල් පොස්ට් අවා නම් රුපියල් 1000න් ශේප් වෙන්නේ තිබ්බා.
fedex එකට ලැප් එක දාල නැත්තම් කියන්න usps එකට දාන්න කියලා. fedex දාල ඉවරයි නම් රුපියල් 10000-20000ක් ලැහැස්ති කරලා තියා ගන්න. සමහර විට ලැප් එක ඔරුගොදවත්තෙන් ගන්න කියලා ඩොකියුමන්ට් මිටියක් ගෙදරට ඩොමැක්ස් එකෙන් එවයි. ඒවටත් 2000ක් විතර ගන්නවා ෆෙඩේක්ස් උන්.
මම usps එකේ ලැප් එකක් ගෙනාවා ටැක්ස් කරේ 3750ක් විතරයි.