Law of attraction

👇👇👇


  • Total voters
    170

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    හිතන්න ඔයාට BMW එකක් ගන්න ඕන. ඔයාට ඒක ගන්න රුපියලක් මදි. ඉතින් ඔයා නිතරම බස් එකේ යන ගමන් bmw කාර් එකෙන් යනවා හීන මව මව යන්නේ. පස්සේ ඔයාගෙ positive thinking නිසා ඔයාට ඒ මදි වුන රුපියල හොයන්න අදහස් පහළ වෙනවා. කොහොම හරි positive thinking නිසා ඔයාට නොදැනීම ඔයාම උත්සහවන්ත වෙලා කාර් එක අරගන්නවා.
    මොකක්ද බන් මේ කුනුහරුපේ. යකෝ කාර් එකක් ගන්න රුපියලක් මදි නම් ඔච්චර නැහෙන්න ඕනෙද. හීන මවන්න ඕනේ නැහැ රුපියලට රුපියල් 5ක් හරි දාල කාර් එකක් ගන්න එකනේ කරන්න තියෙන්නේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,236
    1
    59,494
    113
    Mother Earth
    මොකක්ද බන් මේ කුනුහරුපේ. යකෝ කාර් එකක් ගන්න රුපියලක් මදි නම් ඔච්චර නැහෙන්න ඕනෙද. හීන මවන්න ඕනේ නැහැ රුපියලට රුපියල් 5ක් හරි දාල කාර් එකක් ගන්න එකනේ කරන්න තියෙන්නේ.
    breh, this was a deliberately intended pun as a joke. but I guess I didn't undermine the meaning by the inside joke I incorporated. :D
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    oke aththak thgiyenwa. mindset eka nisa wenada ganne nathi actions gannawa. opportunities penwa., positive outlook ekak thiyenwa life eka gana mewa okkoma ekathu wela success ekak enawa
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,140
    1
    57,177
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක ඇත්ත කියල මට හිතෙනවා.

    බලන්න මේකෙ ඉන්න නදුන්, අනුරාද වගේ චරිත ගන්න. මුන්ට එකක් ඉවරවෙනකොට තව ප්‍රශ්නයක්. මුන්ටමයි වෙන්නෙ
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම නම් law of attraction එකෙන් වැඩක් ගන්නයි හිතන් ඉන්නෙ.
    බොරුවට ඔය විෂය ගැන උනන්දුවක් තියෙනව කියල පෙන්නල මේ නම්කිව කසාද බඳින්නයි හිතන් ඉන්නෙ! 🤣🤣

    👇👇

    Universe in you
     
    • Haha
    Reactions: xVOLDYx
    අඩෝ ගේෂි positive thinking youtube videos කියල google කරපන්. හොඳ videos තියෙනවා.
    බැලුවා.. ඒත් ඒවා වල තියෙන ඒවා කරන්න කම්මැලි. සමහර වීඩියෝ නම් හොදයි. ගොඩක් ඒවා නිකන් ඒක අදහාගෙන ඉන්න ඕන වගේ ඒවනෙ කියන්නෙ..
    හිතෙන්න් නැද්ද මෙ ටොපික් එක ගැන කතා කරාම පොඩ්ඩක් අනික් උන් අල්ලෙ නටවන්න පුලුවන් කියල? Lankwa athule over hype topic ekak mata hithena widiyata
    ඔව් ඇත්ත.. ගොඩක් අය ඕවා අදහාගෙන වගේ ඉන්නෙ..


    මේක බලන්න. ඔය law of attraction පටන් ගත්තා හැටි, ප්‍රසිද්ධ මිනිස්සු ඕක market කරන හැටි ගැන හොඳට කතා කරනවා.

    තෑන්ක්ස් :)
    ..පොටෝ එකක් නැතුව කියන්න බැ..
    නම්බර් එක දෙන්නම්ද? 😁
    ඕක තමා වෙන්නෙ. මොනා කරන්නත් කලින් අපි ඒක ගැන හිතනාන එපැයි. හිතීම > ක්‍රියාත්මක කිරීම > එකමදෙයක් වෙනුවෙන් කාලයක් වැඩකිරීම ඕක තමා සාර්ථක වීමේ මග. ඒකට මයින්ඩ් එක හැදෙනව සහ පොඩි ජයග්‍රහන වලට වැඩි අවධානයක් යොමුවෙනව ඕක කරනකොට. එතකොට ප්‍රෝග්රස් එක පේනව.
    :yes:
    O' blood group එකෙ අයව මදුරුවො කනවා වැඩී කියල මෙයාලා මේ එපිසොඩ් එකේ කිව්වා. වැඩි විස්තරනම් හෙව්වෙ නෑ ඒ ගැන.
    :sorry:
    තරමක් පිළිගන්න පුළුවන්. 100%ක් බෑ. කවුරු හරි හිතනවා නම් මේ ලෝකේම, විශ්වයම තමන් හිතන විදිය අනුව වෙනස් වෙනවා කියලා ඒක හෙනම ගොන් කතාවක් නේ. ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්ත බොරු ගොඩකින් වහලා තියෙන එක. කලින් කට්ටිය කියලා තියෙනවා වගේ positive හිතන එක තමයි ඕකෙනුත් වෙන්නේ. කොටින්ම තමන් දේවල් ගැන හිතන විධිය හොඳ විධියට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එකෙන් දේවල් හොඳ අතට හැරෙනවා. නැත්තන් එහෙම හොඳක් වුණා වගේ තේරෙන්න ගන්නවා. වැඩේ කියන්නේ ඔය මඟුල වැඩි හරියක් හරියන්නේ අන්ධයෝ වගේ ඕක අදහාගෙන ඉන්න සමහර අයට ද කොහේදෝ. මොකද ඒ අය ගේ positive vibe එක වැඩී අනික consistently තියෙනවා. ඕන දෙයක් ආයේ ආයේ උත්සාහ කරනකොට හරියන්න තියෙන ඉඩ වැඩී. අනික ගොඩක් දේවල් try කරන්න ඉඩ තියෙනවා විශ්වාසය හින්දා. අනිත් අය නොගන්න risk එකක් වුණත් මේ අය භාර ගන්න ඉඩ වැඩී. අන්න එහෙම success උන අය ඉතින් ඕක ප්‍රචාරය කරගෙන යනවා. මොකක් වුණත් ඕකෙන් ප්‍රතිඵලයක් එන්න නම් අන්ධ භක්තියෙන් ඕක කරන්නම වෙනවා වගේ ඕක ගැන විශ්වාසයක් නොකරන කෙනෙක්ට හරියන්න තියෙන ඉඩ අඩුයි.
    මගෙත් අදහස මේකම තමයි.. :yes:

    බොරුවට ඔය විෂය ගැන උනන්දුවක් තියෙනව කියල පෙන්නල මේ නම්කිව කසාද බඳින්නයි හිතන් ඉන්නෙ! 🤣🤣

    👇👇

    Universe in you
    අන්න ඒකනෙ.. චේතනාව හොද නෑනෙ. 😂
    ------ Post added on May 16, 2023 at 10:34 AM
     
    • Like
    Reactions: B.Chat

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,236
    1
    59,494
    113
    Mother Earth
    මේ තියෙන්නෙ කාලෙකට කලින් බලපු හොඳ documentary එකක්. law of attraction- The Secret මට නම් සෙට් වුණා. ඔයාට කොහොමද දන්නැ. මුලින් youtube එකේ බලලා ඩවුන්ලෝඩ් කර ගනින්.

    https://m.thepiratebay10.org/torren...Attraction_(2006)_[Full_ISO_file_to_create_or
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    මම නම් law of attraction එකෙන් වැඩක් ගන්නයි හිතන් ඉන්නෙ.
    බොරුවට ඔය විෂය ගැන උනන්දුවක් තියෙනව කියල පෙන්නල මේ නම්කිව කසාද බඳින්නයි හිතන් ඉන්නෙ! 🤣🤣

    👇👇

    Universe in you
    Ado no, same here 😂
     
    • Like
    Reactions: RedProMaxxa_2
    මේ තියෙන්නෙ කාලෙකට කලින් බලපු හොඳ documentary එකක්. law of attraction- The Secret මට නම් සෙට් වුණා. ඔයාට කොහොමද දන්නැ. මුලින් youtube එකේ බලලා ඩවුන්ලෝඩ් කර ගනින්.

    https://m.thepiratebay10.org/torrent/3612680/The_Secret__Law_of_Attraction_(2006)_[Full_ISO_file_to_create_or

    Thanx.. මම බලන්නම් :)
     
    • Like
    Reactions: Candid-B

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    සෑහෙන බොන්න වෙන ප්‍රස්නයක් 🥴 මට මේකට උත්තර කිහිපයක් තියෙනවා මේ වෙලාවෙ (පස්සෙ කාලෙක මේවා ගැන මං මෙහෙම හිතන එක්ක් නෑ)

    1. අපි මේ ජීවත් වෙන්න simulation එකක නම්, බුද්ධාගමේ වගේ කියලා තියෙන දේවල් ඇත්ත නම්, හැම දේටම අපේ හිත බලපානවා නම්; law of attraction කියන එකෙත් ඇත්තක් තියෙන්න ඕනි

    2. ආගම්වල කියලා තියෙන ඒවා බොරු නම් big bang එකට කලින් කාලය කියලා දෙයක් තිබිලා නැත්නම් අපේ හිත කියන්නෙ අවුරුදු බිලියන ගාණක random දේවල් වල අතුරුපලයක් විතර නම්; law of attraction කියන්නෙත් නිකන් මවාගත්ත දෙයක් විතරක් වෙන්න ඕනි

    3. උඩ කිව්ව 1,2 ගැන අපිට හරියටම දැනගන්න බැරි හින්දා සාමාන්‍ය විදියට බැලුවොත්; මේ ලෝකේ ගොඩක් අයට positive දේවල් negative දේවල් ආසන්නව 1:1 අත්විඳින්න ලැබෙනවා. හැබැයි අපේ හිත ඔය වෙන දේවල් වලින් එක පැත්තක් තෝරගෙන ඒ ගැන රටාවක් මවාගන්න හදනවා. මොන පැත්තද තෝරගන්නෙ කියන එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා ඇති මොළේ තියෙන chemical imbalance එක අනුව. එක කට්ටියක් වැඩිපුර දකින්නෙ negative දේවල්මයි. අනිත්කට්ටිය positive දේවල්මයි. negative දකින අය හිතනවා "අනේ මටමයි වෙන්නෙ, මගේ කරුමෙ" කියලා. positive දකින අය හිතනවා "මං උත්සහයෙන් මහන්සියෙන් හැමදේම ලබාගත්තෙ" කියලා. තව පිරිසක් ඉන්නවා ඔය දෙපැත්තටම බර නොවී.
    ඔය අතරෙ 1% විතර පිරිසක් ඉන්නවා ලෝකේ random වෙන දේවල් වලින් negative දේවල්ම පිට පිට අත්විඳින්න වෙන. wrong place - wrong time, unlucky අය. ඒ වගේම 1% පිරිසක් ඉන්නවා random වෙන දේවල් වලින් positive දේවල්ම පිට පිට අත්විඳින්න වෙන. right place right time, lucky අය.

    හැබැයි media වලින් social media වලින් highlight වුණ feed එකක් විතරයි අපි දකින්නෙ. law of attraction වලින් තමන් සාර්ථක වුණා කියලා කියන කෙනෙක් ඇත්තටම සාර්ථක වෙලා තියෙන්නෙ right place - right time, lucky හින්දා වෙන්න පුලුවන්. law of attraction අසාර්ථකයි කියන කෙනෙක් ඇත්තටම අසාර්ථක වුණේ wrong place - wrong time, unlucky හින්දා වෙන්න පුලුවන්.

    කොහොමවුණත් ටිකක් positive විදියට හිතලා දේකට උත්සහා කරද්දි ඒක සාර්ථක වෙන්න ඕනි දේවල් පෙලගැහෙනවා කියලා දැනුන පොඩි පොඩි ඇත්දැකීම් තියෙනවා. හැබැයි ඒවා random දේවල්ද නැද්ද කියන්න දන්නෙ නෑ. මොකද අපේ හිතට පුලුවන් අපිව රවට්ටන්න හොඳටම

    මං law attraction ගැන උනන්දුවක් නෑ. ඕක පොවන්න හදන අයට කැමතිත් නෑ. කවුරුහරි ඕක කරනවා නම් ඒ අයට කියන්නෙ ඕනවට වඩා ඇබ්බැහි වෙන්න එපා කියලා. මොකද success එක පස්සෙ වුණත් ඕනවට වඩා යද්දි අන්තිමට තමන්ගෙ හොඳ ගතිගුණ නැතිවෙලා negative කිසිම දෙයක් දරාගන්න බැරි අම්මා තාත්තා යාළුවෙක්වත් නැති toxic ජීවිතයක් ලැබෙන්න පුලුවන්.
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    මොකක් හරි හොඳ දෙකට ලොකු උනන්දුවක් උත්සහයක් ගත්තොත් ඒ ඉලක්කයට යන්න පුළුවන් කියලා මම හිතනවා. අද්යපනයේදී වගේ මට අත්දැකීම් තියනවා
    අන්න ඒක තමා ඕකේ ඇත්ත කතාව..

    තමන්ගේ ඉලක්කයට ආසාවෙන් වැඩ කරන්න. ඒක ගැන සිහින දකින්න කියන්නේ ආසාව තව වැඩි කරගන්න. එතකොට ඒ වෙනුවෙන් ඉබේම වැඩ කෙරෙනවා.

    නැතුව ලෝකේ තියෙන ඕනේ දෙයක් අපිට හින දැකලා වෙනස් කරන්න පුළුවන් කියන එක නෙමේ.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ඉජ‍්ඣිස‍්සති සීලවතො චෙතොපණිධි, ශීලය පිරිසුදු බැවින් සිල්වතුන්ගේ ප්‍රාර්ථනා ඉටුවන්නේය.. කැමැත්තෙන් ඉදල , ප්‍රාර්ථනා කරල විතරක් මදි සිල්වත් වෙන්ඩත් ඕන, ප්‍රාර්ථනා සාර්ථකව ඉටුවෙන්ඩ..
     
    • Like
    • Love
    Reactions: Geshi95 and NRTG

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,347
    5,766
    113
    ගෙදර/බෝඩිමේ
    It works,
    ඕකට බනින උන් ගොඩක් එක්කො ඒක කරන්නෙ කොහොමද කියල හරියට දන් නෑ, එක්කො බාගෙට දන්නෙ, බාගෙට දන්න එකා ඕක කරන්න ගියාම, සාමාන්‍යයෙන් ඕක දන්නෙ නැති කෙනෙක්ට කෙලවෙනව වගේ දහ පහලොස් ගුනේකින් කෙලවෙනව 100%, එහෙම උනාම ඒක බොරු කිය කිය හතර වටේ බැන බැන යනව...

    Law of attraction ගැන "මූලික අවබෝධයක්" ගන්න the secret documentary එක බලන්න, ඒ ෆිල්ම් එක කියන්නෙ law of attraction නෙවෙයි, හොඳ sources වලින් හොයල බලන්න..(Ex : Ted talks, some quantum physics 'related' stuff etc) ලංකාවේ එක ගෲප් එකක් තියෙනව හරි techniques ගැන සිරා පෝස්ට් ගියපු, ඒත් දැන් ඒකෙ ගොඩක් යන්නෙ උදේට good morning කියල දාන පෝස්ට්...ඒත් දවසක් වගේ අරං ගෲප් එක හොඳට හෑරුවොත් අර පෝස්ට් හොයාගන්න පුළුවන් වෙයි...👍