සෑහෙන බොන්න වෙන ප්‍රස්නයක්

මට මේකට උත්තර කිහිපයක් තියෙනවා මේ වෙලාවෙ (පස්සෙ කාලෙක මේවා ගැන මං මෙහෙම හිතන එක්ක් නෑ)
1. අපි මේ ජීවත් වෙන්න simulation එකක නම්, බුද්ධාගමේ වගේ කියලා තියෙන දේවල් ඇත්ත නම්, හැම දේටම අපේ හිත බලපානවා නම්; law of attraction කියන එකෙත් ඇත්තක් තියෙන්න ඕනි
2. ආගම්වල කියලා තියෙන ඒවා බොරු නම් big bang එකට කලින් කාලය කියලා දෙයක් තිබිලා නැත්නම් අපේ හිත කියන්නෙ අවුරුදු බිලියන ගාණක random දේවල් වල අතුරුපලයක් විතර නම්; law of attraction කියන්නෙත් නිකන් මවාගත්ත දෙයක් විතරක් වෙන්න ඕනි
3. උඩ කිව්ව 1,2 ගැන අපිට හරියටම දැනගන්න බැරි හින්දා සාමාන්‍ය විදියට බැලුවොත්; මේ ලෝකේ ගොඩක් අයට positive දේවල් negative දේවල් ආසන්නව 1:1 අත්විඳින්න ලැබෙනවා. හැබැයි අපේ හිත ඔය වෙන දේවල් වලින් එක පැත්තක් තෝරගෙන ඒ ගැන රටාවක් මවාගන්න හදනවා. මොන පැත්තද තෝරගන්නෙ කියන එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා ඇති මොළේ තියෙන chemical imbalance එක අනුව. එක කට්ටියක් වැඩිපුර දකින්නෙ negative දේවල්මයි. අනිත්කට්ටිය positive දේවල්මයි. negative දකින අය හිතනවා "අනේ මටමයි වෙන්නෙ, මගේ කරුමෙ" කියලා. positive දකින අය හිතනවා "මං උත්සහයෙන් මහන්සියෙන් හැමදේම ලබාගත්තෙ" කියලා. තව පිරිසක් ඉන්නවා ඔය දෙපැත්තටම බර නොවී.
ඔය අතරෙ 1% විතර පිරිසක් ඉන්නවා ලෝකේ random වෙන දේවල් වලින් negative දේවල්ම පිට පිට අත්විඳින්න වෙන. wrong place - wrong time, unlucky අය. ඒ වගේම 1% පිරිසක් ඉන්නවා random වෙන දේවල් වලින් positive දේවල්ම පිට පිට අත්විඳින්න වෙන. right place right time, lucky අය.
හැබැයි media වලින් social media වලින් highlight වුණ feed එකක් විතරයි අපි දකින්නෙ. law of attraction වලින් තමන් සාර්ථක වුණා කියලා කියන කෙනෙක් ඇත්තටම සාර්ථක වෙලා තියෙන්නෙ right place - right time, lucky හින්දා වෙන්න පුලුවන්. law of attraction අසාර්ථකයි කියන කෙනෙක් ඇත්තටම අසාර්ථක වුණේ wrong place - wrong time, unlucky හින්දා වෙන්න පුලුවන්.
කොහොමවුණත් ටිකක් positive විදියට හිතලා දේකට උත්සහා කරද්දි ඒක සාර්ථක වෙන්න ඕනි දේවල් පෙලගැහෙනවා කියලා දැනුන පොඩි පොඩි ඇත්දැකීම් තියෙනවා. හැබැයි ඒවා random දේවල්ද නැද්ද කියන්න දන්නෙ නෑ. මොකද අපේ හිතට පුලුවන් අපිව රවට්ටන්න හොඳටම
මං law attraction ගැන උනන්දුවක් නෑ. ඕක පොවන්න හදන අයට කැමතිත් නෑ. කවුරුහරි ඕක කරනවා නම් ඒ අයට කියන්නෙ ඕනවට වඩා ඇබ්බැහි වෙන්න එපා කියලා. මොකද success එක පස්සෙ වුණත් ඕනවට වඩා යද්දි අන්තිමට තමන්ගෙ හොඳ ගතිගුණ නැතිවෙලා negative කිසිම දෙයක් දරාගන්න බැරි අම්මා තාත්තා යාළුවෙක්වත් නැති toxic ජීවිතයක් ලැබෙන්න පුලුවන්.