මේ දවස් වල එන්ජින් දාන විදුලි වාහන වල කතන්දර ජනප්‍රියයි. පුදුම වෙන්න දෙයක් නෙමෙයි, ඇල්ටො ගන්න හිටපු අය අතේ තිබිච්ච ගානට Leaf අරං අවශ්‍යතාවන්ට හරියන්නැතිව කරගන්න දෙයක් නැති උනහම.
හැබැයි වැඩේ අවුල් වෙන්නේ ඕකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනාද කියන එක බැලුවම. විදුලි වාහනයක් පාවිච්චි කරන එකේ ලාභය, ප්ලෙෂර් එක දන්නේ පාවිච්චි කරන කෙනා. Range එක ප්‍රශ්නයක් වුනාට ඒ range එක අවශ්‍යතාවයට හරියන් නැත්තං නොගෙන ඉන්න මෝඩ වැඩේ කරන්නෙ නැතුව ජපන් කාර් පෙරේතකමට මේවා කරනවා.
ඇත්තටම ජපන් කාර් එච්චර පෙරේත වෙන්න තරම් දේකුත් නෙමෙයි. ඉන්දියන් ඇල්ටෝ එක නරක වාහනයක් නෙමෙයි. හැබැයි project කාර් එකකට කරපු conversion දිහා බලාගෙන තාක්ෂණය දන්නැත්තම් ඒව කරන්න යන එක මෝඩකමක්.
තමුන්ගේ වාහනය, දවස, ගමන plan කර ගන්නේ නැතුව චාර්ජ් කරන්න විදිහක් නැතුව මග නවතින එකයි convert කරගෙන පැට්‍රෝල් තිබුනත් බලාපොරොත්තු නැති ලෙඩ එක්ක මග නවතින එකයි දෙකම ලොකු අබග්ග වගේම අමු ගොංකම්.
නීතිමය තත්ත්වය පැත්තකට දාන්න, මොකද ඒක කවදාවත් හරියන වැඩක් නෙමෙයි. බදු සහන දීලා තියෙන්නේ විදුලි රථ වලට ඇති ආදරයක් නිසා නෙමෙයි, විශාල අනාගත පරමාර්ථයක් ඇතිව. ඒ තමයි ගෝලීය උණුසුම, කාලගුණ වෙනස පාලනය වෙනුවෙන් අපේ රටේ ඇති දායකත්වය.
ඒවා අපේ රටේ අයට වැඩක් නෑ මුදල් ඉදිරියේ, ආර්ථික අරමුණු වෙනුවෙන් සිංහරාජය කපන්නත් ලෑස්ති රටක් මේ.
වායු දූෂණය, උෂ්ණත්වය වැඩි වීම, කාලගුණ වෙනස් වීම, ලෙඩ රෝග පැත්තකින් තියමු, බලමු ඔය පරිවර්තනය කරලා බලාපොරොත්තු වෙන දේ ගැන, ඉඳලා හිටලා යන්න තියෙන දුර ගමනට වාහනයක් හයර් කරං යන්නේ නැතුව රටේ නැති ලෙඩ දා ගන්න හදනවා.
නිතරම කිලෝමීටර 100ක් දුවන්න ඕන කෙනාට ඊට වැඩිය දුවන්න පුළුවන් ලීෆ් ඔය conversion cost එකට වඩා පොඩ්ඩක් උඩින් ගන්න පුළුවන්.
විදුලි රථයක් ගන්නකොටම ප්‍රධාන බලාපොරොත්තුවක් අපි සමාජයට සාධාරණ වෙන්නේ පරිසරයට කොහොමද හිතකාමි වෙන්නේ කියන එක. ඒ වෙන මුකුත් හන්ද නෙමේ, අපේම මානසික තෘප්තිය වෙනුවෙන්. හැබැයි ඉතින් එහෙම නොහිතන අය තමයි මේ රටේ බහුතරය. ඉතින් ලාබෙට Leaf ගන්න එන අයගෙන් විතරක් පරිසර හිතකාමි බව බලාපොරොත්තු වෙලා වැඩක් නෑ. බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරන, තමුන්ගේ වාසිය විතරක් බලන අය ගෙන් පිරුණු රටක මේව සාමාන්‍ය දේවල්.
මේ අලුත් Toyota 86 එකක් Leaf මෝටර් inverter බැටරි පද්ධතියෙන් යන විදිය. Leaf drive train Porsche 911 ඉඳලා GT වලට වෙනකන්ම ලෝකෙ හයි වෙනවා.
ඒ අතරතුර ලංකාව ලෝක වාර්තාවක් තියෙනවා විදුලි රථයක් පෙට්රල් වලට පරිවර්තනය කරලා, හැබැයි කවුරුවත් නොකෙරේ බැරි නිසා කියලා හිතන්න එපා, පුළුවන් නමුත් වැඩක් නෑ
https://www.facebook.com/sujeeva.premaratne


