අර උඩින් කිවුවා වගේ රචනා ලිවුවට වැඩක් නැහැ කරගන්න දෙයක් නැති උනාම
ලංකාවෙ මිනිහෙක් වාහන අරගෙන ගෝලීය උෂ්නත්වය, carbon emmision, ගැන හිතලා ආත්ම තෘප්තියක් ලබන්නෙ නැහැනේ බන්. මේ අමාරුවෙන් ජීවිතේ ගැටගහගෙන ආසාවට වාහනයක් ගන්නෙ, ඕව හිතන්නෙ ස්විට්සර්ලන්ඩ් වගේ ඉන්න උන්. මෙහෙට ඔය බයිලා හරියන්නෙ නැහැ
ඕක 10ට අරන් කන්වර්ට් කරගත්තත් සමහර විට ලීෆ් එකෙන් අනාත උනු එකාට ලාබ ඇති. මට තියන ප්‍රස්නෙ ඔය ඉලෙක්ට්‍රික් කාර් කියන්නෙ හෙන කම්ප්ලෙක්ස් ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක්නේ, එතකොට චයිනා වගේ ගහනවද කන්වර්ශන් කිට්
මොකද පෙට්‍රල් ඩීසල් කන්වර්ශන් වගේ නෙමයිනේ ඕක, වාහනේ කෙලින්ම අලුතෙන් හදනවා වගේ වැඩක්නේ, ඩ්‍රයිව්ට්‍රේන් සේරම වෙනස් කරලා අම්බ චේන්ජ් එකක් කාර් එකට කරන්න එපැයි
අර ඩෑශ්බෝඩ් එකේ ෆුවල්/Temp එහෙම පෙන්නන ඒව කොහොම කරලාද දන්නෙ නැහැ
තෙල් ටැංකිය සේෆ් විදියට හයි කරන්න ඉඩක් තියනවද ඕකඇතුලෙ, එන්ජිම තිබ්බම ස්ටැබිලිටි එක කොහොමද
මට තියන ප්‍රස්න ඕව
දැං ඕක ඉලෙක්ට්‍රික් කියලනේ රෙජිස්ටර් කරලා තියෙන්නෙ එතකොට දුම් පරීක්ශන නැතුව ආදායම් බලපත්‍ර අප්ඩේට් කරන්න පුලුවන් ඇති
අනික ඕකක හැපුනොත් හැපුනු එකා ඉල්ලන ගානක් දීලා උසාවි නොගිහින් බේරෙන්න වෙනවා, මොකද පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා හරි ඕක උසාවි දැම්මොතින් එක්සැමිනර් අනිවාර්යෙන් බලනවා, එතකොට කන්වර්ශන් එක ඉලීගල් නිසා ඌ ගස් යනවා, වාහනේ රාජසන්තක වෙන්නත් බැරි නැහැ
වැඩේ කියන්නෙ ඕකක් එනවා බලලා අපි ගිහින් හැප්පුවත් ඌට අපි ඉල්ලන ගාන දෙන්න වෙනවා, උසාවි දැම්මොතින් ඌට වාහනේත් නැති වෙන්න පුලුවන්