Learn About hacking

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Hacking කියන්නේ මොකක්ද යන්න තමයි අද කොටසින් අපි කියන්නේ...

    මේ පළමු පාඩම යි. තවත් පාඩම් රැසක් තියනවා ඉදිරියට. එතකොට කියන්න පුළුවන්නේ Hack කරන විදිය ගැන. එහෙනම් ආරම්භ කරමු ද අපේ පළමු වන පාඩම..

    අපි මුලින්ම Hacking කියන්නේ මොකක්ද කියලා හඳුනාගනිමුකෝ..




    Hacking කියලා කියන්නේ නීතිමය අයිතිවාසිකමකින් තොරව, තොරතුරු පද්ධතියක හෝ වෙනත් පරිගණක ජාලයක තිබෙන ආරක්ෂක යාන්ත්‍රණය මගහැර ගොස්, එම පද්ධතියට ඇතුළුවීමයි. මෙය සෑම රටකම නීතිවිරෝධී වන අතර එය සයිබර් අපරාධ ( cyber crime ) යටතට ගැනෙන වරදක් වේ..

    එහෙත් නීතිමය අවසරයක් ඇතිව, දැනට තොරතුරු ජාල වල ඇතිවී තිබෙන දෝෂ මගහැරවීමේ උපක්‍රමයක් වශයෙන් එහි ආරක්ෂක යාන්ත්‍රණය මගහැර යාම වරදක් නොවේ. ethical hacking කියලා කියන්නේ එයයි.

    මෙසේ ආරක්ෂක යාන්ත්‍රණය මගහැර පද්ධති වෙත පිවිසෙන්නා හැකර්කරුවා ( hacker ) ලෙස හඳුන්වනු ලබයි..
    Hackersලා වර්ග 2කි :-
    <අයහපත් චේතනාවෙන් එසේ යන්නා - black hat hacker
    <යහපත් චේතනාවෙන් එසේ යන්නා - white hat hacker