.....:::: LED ::::.....

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ටික කලකට කලින් අපි ආලෝකය නිපදවාගන්න පාවිච්චි කලේ ටංග්ස්ටන් සූත්‍රිකා පහන් (tungsten filament lamps), ඊටත් කලින් නම් කාබන් සූත්‍රිකා පහන්. මෙවා ක්‍රමයෙන් ප්‍රතිදීපන පහන් (fluorescent lamps) වලට, සංගත ප්‍රතිදීපන පහන් (compact fluorescent lamps - CFL) වලට මාරු වෙලා. ඊටත් පස්සෙ අද කාලේ බොහොමයක් අවශ්‍යතා වලට ආලොක විමෝචක ඩයොඩ (light emitting diodes - LED) ජනප්‍රිය වෙලා තියෙනවා. මේ ලිපියෙන් ලියන්න යන්නෙ මේ LED කොහොමද මොටර් රථවල ප්‍රධාන පහන් (Headlights) සදහා යොදාගෙන තියෙන්නෙ කියලා. මේ කියන්නේ වහනයක් ගත්තට පස්සෙ එකෙ තියෙන පහන ගලවලා ඒකට LED එකක් හයිකරන එක ගැන නෙවෙයි, නිශ්පාදකයාම සවිකරන LED පහන් ගැනයි.


    LED.JPG



    මෝටර් රථ වල ප්‍රධාන පහනට LED යොදා ගැනීම සම්බන්ධයෙන් අවුඩි (Audi), ටොයොටා (Toyota) සහ ජෙනෙරල් මෝටර්ස්(General Motors) සමාගම් ඉදිරියෙන්ම ඉන්නවා. මුලින්ම වගෙ මේ LED ප්‍රධානපහන් තියෙන මොටර් රථ වෙලදපොලට ඉදිරිපත් කරල තියෙන්නෙ ලෙක්සස් (Lexus) LS600h (2008) මාදිලියේයි.


    Lexsus.JPG



    මේකෙ LED යොදාගෙන තියෙන්නෙ සලකුනු ආලෝකය (park light, marker light) සහ අඩු ආලෝක ධාරාව (Low beam, Dipped beam) සදහා පමනයි. ප්‍රධාන වැඩි ධාරාවට (High beam, Main beam) යොදාගෙන තියෙන්නෙ සාමාන්‍ය HID (High Intensity Discharge) වර්ගයේ පහනක්. අඩු ආලෝක ධාරාව සදහා LED එක බැගින් ඇති ආලෝක ප්‍රක්ශේපක (light projectors) 3ක් යොදාගෙන තියෙනවා. ඉතිරි ආලෝක රටාව සදහා තවත් LED 2ක් මේවට පහලින් යොදාගෙන තියෙනවා. මේ LED 700mA බැගින් වන ධාරාව කින් තමයි පනගන්වලා තියෙන්නෙ.

    තවත් මේවගේ රථයක් තමයි කැඩිලැක් එස්කලාඩෙ (Cadillac Escalade) 2008 රථය. මේ මාදිලියේ නම් ප්‍රධාන ධාරාවටත් යොදාගෙන තියෙන්නෙ LED ම තමයි.


    OSRAM සමාගම නිපදවන LED චිපයන් යොදාගෙන මේ ලාම්පු ඇසිරුම සහ පාලන පද්ධතිය හදලා තියෙන්නෙ Hella සමාගම.

    Audi1.JPG



    තවත් විශේෂ මොටර් රථයක් තමයි අවුඩි (Audi) R8, 2008. ඉදිරිපස සියලුම ලාම්පු සදහා LED භාවිත කරන පලමු මෝටර් රථ මාදිලිය මෙකයි. මෙහි එක පැත්තක ලාම්පු ඇසුරුමක් සදහා LED 54 යොදාගෙන තියෙනෙවා. එකලග පෙලට තබන LED 24 ක් දිවා ධාවන ලාම්පු (රූපයේ දැල්වී ඇති ලෙස පෙනෙන) ලෙසද, ඊට ඉහලින් හැරවුම් සංඥා (signal lights) සදහා LED 8 ක තීරුවක් ද, පරාවර්තන කොපු දෙකක LED 4 බැගින් සහ අධි ක්‍රියාකාරී කාචයක් (high performance lens) සමග LED දෙක බැගින් වන කට්ටල තුනක් අඩු ආලෝක ධාරාව සදහාද, අමතරව ප්‍රධාන ආලෝක ධාරාව සදහා LED 4 බැගින් වන කට්ටල 2 ද යොදාගෙන තියෙනවා. මෙහි යොදාගන්න LED වල ආරක්ෂාවට වායු සිසිලන පද්ධතියක්ද මෙයට ඇතිලත් වෙනවා.

    Audi A8 2010 මාදිලිය මීට බොහෝ දුරට සමානයි. මේ OSRAM සමාගම නිපදවන LED ත් 700mA බැගින් වන ධාරාව කින් තමයි පනගන්වලා තියෙන්නෙ. LED එකක් ලූමන් 165 ක ආලෝක ප්‍රමානයක් පිටකරයි.
    පහල රූපවලින් පෙනෙන්නෙ මේ යොදාගැනීමයි.

    300dpi_OSRAM_LED_Audi_A8_1.jpg


    ප්‍රධාන ධාරාව (main beam) දල්වා ඇතිවිට

    300dpi_OSRAM_LED_Audi_A8_2.jpg


    අඩු ආලෝක ධාරාව (Dipped beam)දල්වා ඇතිවිට

    නිශ්පාදකයන් කියන විදිහට මේ LED වලින් දැනට භාවිතා කරන උසස් තත්වයේ HID පහන් වලින් ලැබෙන ගුනාත්මක බව ලබාහන්න අමාරු බවයි. ඒක නිසාම අවුඩි සමාගම තමන්ගෙ A8 2012/2013 මාදිලි සදහා මේ ඉදිරි ලාම්පුව නැවත ප්‍රතිනිර්මානය කරලා තියෙනෙවා. පහල රූපයෙන් පෙනෙන්නෙ මේ යොදාගැනීමයි.


    AudiA8.JPG


    a) සංඥා ලාම්පු
    b) හැරවුම් ලාම්පුව (Cornering Lamp)
    c) දිවා ධාවන ලාම්පු/ සලකුනු ආලෝකය
    d) අඩු ආලෝක ධාරාව (Low beam, Dipped beam) - ඒකක 6
    e) ප්‍රධාන ධාරාව (High beam) - ඒකක 3


    ඉතින් දැනට නම් මේ වගේ සුපිරි සුඛෝපභෝගී වාහන වල විතරයි LED ප්‍රධාන ලාම්පු තියෙන්නෙ.

    LED පහන් වල ප්‍රධාන වාසි විදිහට කියන්නෙ

    (*)වැඩි කාර්යක්ෂමතාවය (අඩු වොට් ප්‍රමානයකින් වැඩි ආලෝක ප්‍රමානයක්) - මෙමගින් එන්ජිමට ඇති භාරය (load) අඩු වීමෙන් යම් ඉන්ධන පිරිමැසීමක් බලාපොරොත්තු වෙනවා. ඒවගෙම ලාභදායී සිහින් වයරයන් පාවිච්චි කරන්නත් පුලුවන්.

    (*)මේවායෙ ආලොකයේ වර්නය සූර්යාලෝකයේ වර්නයට බොහෝ ඩුරට සමානයි. ඒ නිසා රියදුරුගේ ඇස් වලට ඇතිවන විඩාව අඩු වෙනවා සහ හොන්ඩ පෙනීමක් ද් ලැබෙනවා.

    (*)Cornering light, Auto dim lights, Anti glare lights වැනි සුපිරි ක්‍රියාකරීත්වයක් ඇති ලාම්පු නිශ්පාදනය පහසු කරනවා.

    (*)ඒ වගේම සාමාන්‍ය පහනකට වඩා දිගුකල් පැවත්මක් LED වලට තියෙනවා.

    LED පහන් වල ප්‍රධාන අවාසි විදිහට තියෙන්නෙ

    (*)මිල අධික වීම - දැනට සාමාන්‍ය ප්‍රධාන පහනක මිල වගෙ 4 ගුනයක් පමන වෙනවා.

    (*)නීතිමය අවසරයන් ලබා ගැනීමේ ගැටලු - ඇමරිකාව, යුරෝපා සංගමය රටවල වාහන වල ආලෝක කරනය ගැන දැඩි නීතිරීති තියෙනෙවා (ලංකාවේ ...???). අවුඩි, වැනි සමාගම් කලින් කියපු මාදිලි සදහා ඒ ඒ රටවලින් විශේෂ අවසර ලබාගෙන තියෙනවා.

    (*)ඒ වගේම මේවාට ඕනෙකරන අධිබල LED නිපදවන්නන් සීමිත වීමත් ගැටලුවක්.

    (*)රත්වීම සහ ඒ ආශ්‍රිත් සිසිලනයත් LED වලට ආවේනික ගැටලුවක් වෙලා. අපි පාවිච්චි කරන කුඩා LED රත් නොවුනත් ප්‍රධාන පහන් වල භාවිතා කරන අධිබල LED සෑහෙන පමන රත් වෙනවා. සාමාන්‍ය සූත්‍රිකා පහනක නම් නිපදවෙන තාපයෙන් වැඩි කොටසක් අධෝරක්ත කිරන (Infra Red -IR) විදිහට පහන ඉදිරිපසින් පිටවෙලා යනවා. ඒවගේ ලාම්පුවක් ඉස්සරහින් අත ඇල්ලුවම රස්නයක් දැනෙන්නෙ මේනිසායි. LED වලදී ප්‍රශ්නය තියෙන්නෙ නිපදවෙන තාපය ඉදිරිපසින් පිට නොවීමයි. මේ තාපය සම්බන්දක වයර දිගේ කාර්යක්ශම ලෙස ඉවත්කරගන්න ඕනා. නැත්නම් LED එකේ අර්ධසන්නායක සංධිය අධික ලෙස රත්වෙලා LED එකට හානි වෙන්න වගේම එහි කාර්යක්ශමතවය අඩු වෙන්නත් හේතුවෙනවා. මේ නිසා සුදුසු සිසිලන පද්ධති සහ උනුසුමට ඔරොත්තුදෙන පරාවර්තක හදන්නත් ඕනෙ.

    අපිට ගන්න පුලුවන් මට්ටමේ වාහනයකට මේවිදිහ LED පහන් එන්න නම් 2015 විතර වෙනකම් ඉන්න වෙයි කියලා තමයි අපේක්ශාව. :(:(

    (රූප ලබාගත්තේ OSRAM, HELLA International, AUDI සමාගම් වෙබ් අඩවි වලින්)

    දන්නවනෙ හොද නම්....
    Comment එකකුත් දාලා rep ++ දිලා යන්න...

    Code:
    http://sadeepasepala.blogspot.com/2010/03/led.html
     
    Last edited by a moderator: