Orange එක නම් පට්ට. 12W- RS 800 18W - Rs 1200ක් වගේ වෙන්නේ. කාමරේකට 12W හොදටම ඇති. අනිත් කම්පැනි එක්ක බලද්දි මුන් කේස් එකක් ආවොත් බල්බ් එක මාරු කරනවා. වාත වෙවී ඉන්න ඕනි නෑ. අවුරුදු 2ක් වොරන්ටි තියනවා. මම අද වෙනකල් අරන් තියන කිසිම orange cFL/LED බල්බ් එකක කේස් එකක් ඇවිත් නෑ.
Foodcityඑකේ ඔෆර් එකක් තිබිලා DIMO බල්බ් ජෝඩුවක් ගත්තා. ඒකත් අවුලක් නෑ. ඒකත් තාම සුපිරියටම වැඩ. ඒ බල්බ් එකටත් දැන් අවුරූදු 5කට වැඩියි. බාලබල්බ් රු 300ටත් තියනවා. ඒත් ඒවා ටික කාලයක් යද්දි පිච්චෙනවා. එහෙම නැත්නම් එළිය බහිනවා. මම නම් කියන්නේ රු 800-1000ක්විතර වියදම් කරලා Orange LED බල්බ් දාගනින්. කැඩුනත් උන් මාරු කරලා දෙනවා.