Life Advice එකක් ඕනෙ. Serious.

stucked

Member
Aug 26, 2026
3
7
3
බඳිනවද නැද්ද කියල තීරණය කරන්න serious life advice එකක් ඕනෙ කිරියෙ අයගෙන්. Third Party එකක් නැතුව මේක දිහා හරි විදිහට බලන්න බෑ මම ඉන්න mindset එකත් එක්ක. පොඩ්ඩක් දිග උනත් කියවල උත්තරයක් දෙන්න.

මේකයි සරලවම මමයි girlfriend යි යාලුවෙලා දැන් අවුරුදු 7 ක් විතර වෙනව. අපි ඇත්තටම මාරම හොඳින් ආදරෙන් ඉඳිය. එයත් මට සෑහෙන ආදරෙයි. ඒත් දැන් බඳින කාලෙ ආවත් එක්ක ආර්තික ප්‍රශ්න උඩට එන්න අරන්.

අපිට අවුරුදු 28 ක් වෙනව. මම ඩිග්‍රි එක අරන් තාම ජොබ් එකක් පටන් ගත්ත විතරයි. ඉතින් තාම ලොකු සැලරි නෑ. ලක්ෂයක් විතර හම්බෙන්නෙ. එයාට ඊට වඩා ටිකක් වැඩිපුර හම්බෙනව කාලයක් රස්සාව කරල.

අපේ ගෙදර අය දැන් ටිකක් වයසයි. ගෙදර බර සම්පූර්ණයෙන්ම මම දරන්න ඕනෙ තව පොඩ්ඩ දවසෙන්. ඉස්සරහට එයාලට ලොකු අසනීප වලට මුහුණ දෙන්න වෙනව ඒවට වියදම් කරන්න වෙනව. මගෙ ගාව ඉතුරු කරගත්ත සල්ලියක් නෑ. (ඉතුරු කරගන්න තරන් කාලයක් හම්බ කරල නෑ තාම)

කෙල්ලගෙ ගෙදර අයට කියද්දි එයාලා අනිවාර්‍යෙන් මට වාහනයක් තියෙනවද ඉන්න තැන් පිලිවෙලට තියෙනවද බලනව. මහ ලොකුවට නැතත් සාමාන්‍යෙන් යමක් කමක් තියෙන අය එයාලා. පවුලෙන් හම්බෙන ගෙදර තිබ්බත් ඒව හරියට හදාගන්නත් තව ගොඩක් වියදම් කරන්න වෙනව ඊට කලින්. ඊට පස්සෙ වෙඩින් එකකට රත්තරන් වලට වියදන් කරන්නත් වෙනව. රෙන්ට් එකට හරි ඉන්න වියදම් කරන්නත් වෙනව.

වයසත් එක්ක දැන් ගෙවල් වලට කියල බඳින්න ඕනෙ කියල කෙල්ල කියනව. එයා කියන එක සාධාරණයි. ඒත් මේ තියෙන විදිහත් එක්ක මේ finances manage කරගන්න විදිහක් නෑ කියලයි හිතෙන්නෙ.

දෙන්නගෙම ආදායම් එකතු කරල ලක්ෂ 3 ක් හම්බුනත් ලීසින් වලට රෙන්ට් වලට ලෝන් වලට ගෙවුවම ලක්ෂෙකටත් වඩා අඩුවෙන් අතේ අන්තිමට ඉතුරු වෙන්නෙ.
ඕකෙන් කීයක්වත් ඉතුරු නොකරොත් ගේමක් ගහන් ජීවත් වෙන්න බැරිම නෑ. ඒත් ඉතින් දැන් කාලෙ කෙල්ලො දන්නවනෙ සෝෂල් මීඩියා අරව මේවා එක්ක ජීවිතේ සංසන්දනය කරනව. එතකොට අඩුපාඩු පේන්න ගනියි කියල හිතෙනව. ආශ්‍රය කරන අය expensive දේවල් කරද්දි අපිට නෑ කියන එක හිතෙන්න පුලුවන්නෙ.

මේ හැමදේම එක්ක වෙලාවකට හිතෙනව හොඳම දේ එයාට යන්න දීලා බඳින්නෙ නැතුව අම්ම තාත්තා බලන් ඉන්න එක කියල. ඒත් අවුරුදු 7 ක් ජීවිතේ කොටසක් වෙච්ච කෙනාව අත අරින්නෙ කොහොමද බන් හිත හදන්. මම හිත හදාගත්තත් එයා කොහොම ඒක කරන්නද. අපි පට්ට ආදරෙන් ඉඳියෙ. ඒත් ආයෙත් හිතෙනව බඳිනව කියන්නෙ නිකන් වගකීම් මහ ගොඩක් ඔලුව උඩ දාගන්නව විතරයි කියල. මොන ආදරේ තිබ්බත් සල්ලි නැති වෙද්දි ප්‍රශ්න ඇති වෙයි කියල. එයාලගෙ පවුල් වල නෑදෑයොත් එකටම ඉන්නෙ. එයාලත් දෙයක් කරගෙන stable අය. ඔය ඔක්කොමත් එක්ක මට ගැටිල ඉන්නත් වෙනව.

මේ ප්‍රශ්නත් එක්ක මගෙ ඔලුව cloudy වෙලා තියෙන්නෙ. දෙයක් කෙලින් හිතන්න බෑ මේ වෙලාවෙ මට. උඹල මේක කියාවල මට හිතෙන දේ කියපන්. ගොඩක් වටිනව. :love:
 
Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,885
    18,739
    113
    කෙල්ලට ගෙදර අයව උඹ ඉන්න තත්වෙ ගැන ඇත්ත කියල බැලන්ස් කරවගන්න බැරි නම් අම්මල කියන එකක් අහන්න කියල ඔය සේරම තියන එකෙක්ව බැදගන්න කියහන්. උඹ තව අවුරුදු 7ක් හොදට smart විදිහට හිතල හම්බ කරල. අවුරුදු 7ක් බාල ලස්සන කෙල්ලෙක් හොයන් බැදහන්. එතකන් serious relationship වලට යන්නෙ නැතුව සල්ලි ගොඩ ගහපන්. හොද චාන්ස් එකක් ඇවිල්ල තියෙන්න් උඹට
     
    එයා කෙලින්ම සල්ලි නැතුව මට බඳින්න බෑ කිවුවනන් මට ලේසියෙන්ම හිත හදන් අත අරින්න තිබ්බ ඒක එයාගෙත් කැමැත්තනෙ කියල. ඒත් එයා හම්බ කරද්දිත් මම ඉගෙනගෙන ඉවර වෙලා අමාරුවෙන් රස්සාවල් හොයාගන්නකනුත් බලන් ඉඳිය මට වෙනසක් නොකර. දැන් උනත් කොහොම හරි ලෝන් ගහල හරි කරගමු කියල කියනව. ඒත් financially හොඳටම හිර වෙනව කියල හිතෙනව ලීසින් වෙඩින් ලෝන් සෙට් උනාම. අම්මට තාත්තට අසනීපයක් උනොත් කොහෙන් සල්ලි දෙන්නද කියල හිතෙනව. එයා කොහොම හරි මාත් එක්ක ඉන්න හදද්දි මම ඕන දෙයක් කරගනින් කියල අත අරින එක මට මාර guilt. පොඩි කාලෙ ඉඳන් ලොකු ෆැමිලි එකක් එක්කම ජීවත් වෙච්ච කෙනෙක් නිසා ගෙදර බලපෑම ලොකුවට තියෙනව. මම manipulate කරොත් ඔක්කොම දාලා මාත් එක්ක එන්න උනත් බැරි නෑ. ඒත් මම කොහොමද බන් වගකීමක් ගන්නෙ එහෙම අරන් ඇවිල්ල. මාර ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නෙ.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,831
    11,269
    113
    200622181858-noose-stock.jpg
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,389
    3,713
    113
    මොනර තැන්න
    එයා කෙලින්ම සල්ලි නැතුව මට බඳින්න බෑ කිවුවනන් මට ලේසියෙන්ම හිත හදන් අත අරින්න තිබ්බ ඒක එයාගෙත් කැමැත්තනෙ කියල. ඒත් එයා හම්බ කරද්දිත් මම ඉගෙනගෙන ඉවර වෙලා අමාරුවෙන් රස්සාවල් හොයාගන්නකනුත් බලන් ඉඳිය මට වෙනසක් නොකර. දැන් උනත් කොහොම හරි ලෝන් ගහල හරි කරගමු කියල කියනව. ඒත් financially හොඳටම හිර වෙනව කියල හිතෙනව ලීසින් වෙඩින් ලෝන් සෙට් උනාම. අම්මට තාත්තට අසනීපයක් උනොත් කොහෙන් සල්ලි දෙන්නද කියල හිතෙනව. එයා කොහොම හරි මාත් එක්ක ඉන්න හදද්දි මම ඕන දෙයක් කරගනින් කියල අත අරින එක මට මාර guilt. පොඩි කාලෙ ඉඳන් ලොකු ෆැමිලි එකක් එක්කම ජීවත් වෙච්ච කෙනෙක් නිසා ගෙදර බලපෑම ලොකුවට තියෙනව. මම manipulate කරොත් ඔක්කොම දාලා මාත් එක්ක එන්න උනත් බැරි නෑ. ඒත් මම කොහොමද බන් වගකීමක් ගන්නෙ එහෙම අරන් ඇවිල්ල. මාර ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නෙ.
    issarahata wena ewa gana hithanne nathuwa marry karapan . ena widihakata moona deepan .
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,170
    2,803
    113
    , උබට බැලන්ස් කරන්න ගොඩක් දේවල් තියනව නෙ බං , හම්බෙන සල්ලි වලින් 50-60% ලෝන් වලට ගෙවලා කරන්න අමාරුයි , වාහන අරං ගෙදර තියලා වහලා බස් එකෙ තමා යන්න වෙන්නෙ , තව අවුරුදු 2ක් වගේ කසාදෙ කල් දාගන්න පුලුවන්නම් උබට ගේමක් ගහන්න පුලුවං වෙයි..

    ඒකිට යන්න කියලා උබ තනියෙන් ඉන්නවනම් බාල එකියක් හොයන් 30-32දි වගේ බැදපං කල් තියනව නෙ ගේමක් ගහන්න
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,739
    113
    එයා කෙලින්ම සල්ලි නැතුව මට බඳින්න බෑ කිවුවනන් මට ලේසියෙන්ම හිත හදන් අත අරින්න තිබ්බ ඒක එයාගෙත් කැමැත්තනෙ කියල. ඒත් එයා හම්බ කරද්දිත් මම ඉගෙනගෙන ඉවර වෙලා අමාරුවෙන් රස්සාවල් හොයාගන්නකනුත් බලන් ඉඳිය මට වෙනසක් නොකර. දැන් උනත් කොහොම හරි ලෝන් ගහල හරි කරගමු කියල කියනව. ඒත් financially හොඳටම හිර වෙනව කියල හිතෙනව ලීසින් වෙඩින් ලෝන් සෙට් උනාම. අම්මට තාත්තට අසනීපයක් උනොත් කොහෙන් සල්ලි දෙන්නද කියල හිතෙනව. එයා කොහොම හරි මාත් එක්ක ඉන්න හදද්දි මම ඕන දෙයක් කරගනින් කියල අත අරින එක මට මාර guilt. පොඩි කාලෙ ඉඳන් ලොකු ෆැමිලි එකක් එක්කම ජීවත් වෙච්ච කෙනෙක් නිසා ගෙදර බලපෑම ලොකුවට තියෙනව. මම manipulate කරොත් ඔක්කොම දාලා මාත් එක්ක එන්න උනත් බැරි නෑ. ඒත් මම කොහොමද බන් වගකීමක් ගන්නෙ එහෙම අරන් ඇවිල්ල. මාර ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නෙ.
    මෙහෙමයි. loan දාල wedding අරන් lease දාල showoff එකට වාහන අරන් නැති ඒව පෙන්න්න්වට වඩා මම කිව්ව දේ උඹට හොදයි කියල කිව්වෙ.

    මනුස්සයෙකුගෙ අංක එක financially සාර්තක වීම. ඔය කරන වැඩෙන් ඒක පස්සට ගිහින් ලොකු අමාරු කාලෙකට මූන දෙන්න වෙනව වැඩි කල් නොගිහින්.

    කෙල්ලගෙ අම්මල ට ඕනෙ විදිහට manipulate නොවී ගැම්මට උඹේ විදිහට කරන්න පුලුවන් නම් බැදපන්. නැතිනම් එපා.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,928
    10,173
    113
    මුල් ටික විතරයි කියෙව්වෙ. කෙල්ල හොඳයි වගේ, එක පැත්තක ගෙදරක් හරි flexible නම් ගොඩක් දුරට හරියයි. Good luck කොල්ලෝ
     
    • Like
    Reactions: BODHIEE and SK29

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    Ada kale hoda kellek hoyagannawa kiyanne sahenna amaru wadak.

    Anik eka thota wayasa giyaata passe oya wage kellek hoyaganbath amaruy salli thibbata.

    Eeka hinda gona wenne nathuwa badahan

    Ubata thawa tikak hoda job ekak hambunoth siyalu prashna iwarayne. Eekata mahansi wiyan
     
    • Like
    Reactions: BODHIEE

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,988
    12,332
    113
    Behind u :p
    කෙල්ල පොලවෙ පය ගහල තමන්ට තියනදේ පිරිමහගෙන ගේමක් ගහන්න උඹ එක්ක සෙට් නම් බැදපන්.

    ලක්ස 30,40 වියදම් කරල ණයවෙලා වෙඩින් අරන් , සිගිති ආතල් මනෝ ලෝක සීන් එකේ මෙන්ටලිටි එකක් නම් තියෙන්නෙ හරියන් නැ,
     
    Last edited: