කල් දාගන්න පුලුවන් නන් ඒකත් ඔප්ෂන් එකක් තමයි. ගෙවල් වලට කිවුව ගමන් දුවන් එයි ඒකයි වැඩේ. නොකිය ඉන්නත් බෑ දැන් වයස හින්ද මගුල් හොයන්න අරන් තියෙන්නෙ දැනටම., උබට බැලන්ස් කරන්න ගොඩක් දේවල් තියනව නෙ බං , හම්බෙන සල්ලි වලින් 50-60% ලෝන් වලට ගෙවලා කරන්න අමාරුයි , වාහන අරං ගෙදර තියලා වහලා බස් එකෙ තමා යන්න වෙන්නෙ , තව අවුරුදු 2ක් වගේ කසාදෙ කල් දාගන්න පුලුවන්නම් උබට ගේමක් ගහන්න පුලුවං වෙයි..
ඒකිට යන්න කියලා උබ තනියෙන් ඉන්නවනම් බාල එකියක් හොයන් 30-32දි වගේ බැදපං කල් තියනව නෙ ගේමක් ගහන්න
ඔව් බන් පුලුවන් තරන් වියදන් අඩු කරගෙන දේවල් ටික කරගන්න බලන්න ඕනෙ. Manipulate නන් වෙන එකෙක් නෙමේ මම. මාව totally stranger නෙහ් කෙල්ලගෙ ෆැමිලි එකට. මට මේ step එක පැනගන්නයි ඕනෙ reject නොවී.මෙහෙමයි. loan දාල wedding අරන් lease දාල showoff එකට වාහන අරන් නැති ඒව පෙන්න්න්වට වඩා මම කිව්ව දේ උඹට හොදයි කියල කිව්වෙ.
මනුස්සයෙකුගෙ අංක එක financially සාර්තක වීම. ඔය කරන වැඩෙන් ඒක පස්සට ගිහින් ලොකු අමාරු කාලෙකට මූන දෙන්න වෙනව වැඩි කල් නොගිහින්.
කෙල්ලගෙ අම්මල ට ඕනෙ විදිහට manipulate නොවී ගැම්මට උඹේ විදිහට කරන්න පුලුවන් නම් බැදපන්. නැතිනම් එපා.
Engagement විදිහට 10-20 කට විතර කියල කරනව නෙමෙයිනන් වෙඩින් එකක් පට්ටම පොඩියට කරත් ලක්ෂ 30+ සෙට් වෙනව බන්. වෙඩින් වල වියදම් නන් කතා කරල වැඩක් නෑ. Anyway එයා කැමතියි පොඩියට ලස්සනට කරන්න. ඒත් පෝරුව අරව මේවා කරන්න වෙනව ඒ ගෙවල් ටිකක් traditional. කරමාල අරව මේවා හදන්නත් වෙනවනෙ. ලංකාවෙ සල්ලිවලට කෙලින traditions මයි තියෙන්නෙ.කෙල්ල පොලවෙ පය ගහල තමන්ට තියනදේ පිරිමහගෙන ගේමක් ගහන්න උඹ එක්ක සෙට් නම් බැදපන්.
ලක්ස 30,40 වියදම් කරල ණයවෙලා වෙඩින් අරන් , සිගිති ආතල් මනෝ ලෝක සීන් එකේ මෙන්ටලිටි එකක් නම් තියෙන්නෙ හරියන් නැ,
මචන්, මුල්ම දේ තමා වාහන කියන එක අනිවාර්ය නෑ. මේ පොන්න ආන්ඩුව ඒක උඹලා වගේ උන්ට ගන්න බැරිම කරලා තියෙන්නෙ. ගත්තා වගේ නෙවී ඕවට පෙට්‍රල් ගහන්න, ඉන්ශුවරන්ස් කරන්න, සර්විස් කරන්න, කැඩුනාම හදන්න වගේ සෙට් උනාම තව නොපෙනෙන අමතර වියදම්. තනිකර ලෙඩක් ඉතින්.
අම්මලා තාත්තලා අවුරුදු ගානකින් මැරිලා යනවා. ඊටපස්සෙ උඹ හැරිලා බැලුවාම මොන පකක්ද උඹේ ජීවිතේ කියලා හිතෙන්න ගන්නවා. ඉතින් එයාල මතත් ඔය තීරන ගන්න එපා.
ගෑනි උඹට ආදරේ නම්, උඹ ගෑනිට ආදරනේනම් දෙන්න එකතුවෙලා කතාවෙලා ගෙවල් එක්ක ඕක සාකච්චා කරපන්. පිරිමියෙක් වගේ ගෙදර උන්ට පැහදිලි කරලා දීපන් රටේ තියෙන ආර්තික තත්වයයි, උඹේ ආර්තිකේයි උඹ ඉස්සරහට කොහොමද ගොඩ යන්න හදන්නෙ කියන ටිකයි. අන්තිම හරිය ගොඩක් වැදගත්. බොරුටව නෙවී ගෑනිත් එක්කම ඕක කතා කරලා plan එකක් ගහපන්. වැදගත් උන්නම් ඕවා තේරුම් ගන්නවා. ඒත් ටික්ටොක් වල ඉන්න අඩුකුලේ උන්නම් ඉතින් ඕවා තේරුම් ගන්නෙ නෑ.
අන්න ඒ කතාවෙන් පස්සෙ වරෙන් අපි බලමු මොකද කරන්න ඕන කියලා ඉස්සරහට. හිතනවා ඕක හොඳ විදියට විසඳෙයි කියලා.
ආයි කියන්නම් අම්මා තාත්තා මත්තේ නහින්න එපා මචන්ලා, පස්සෙ ලොවෙත් දුක් වෙනවා ඒ තීරන ගැන. මේ කියන්නෙ බලාගන්න එපා කියලා නෙවී, උඹලගෙ ජීවිත එයලා මතම කැප කරන්න එපා කියලා කියන්නෙ. එහෙම විනාසවෙච්ච ඕනතරම් ජීවිත මම දැකලා තියෙන්වාඅ.
මේකයි බන් අම්මල තාත්තලට රජ සැප දෙන්න නෙමෙයි. අඩුම ගානෙ එයාලා හම්බ කරන්න බැරි වෙද්දි කන්න බොන්න ටික අසනීපෙකදි වියදම් ටික හරි බලන්න එපැයි. කොච්චර කිවුවත් ඔය ටික අත අරින්න බෑනෙ. අම්මගෙයි තාත්තගෙයි ජීවිත දිය උනේම අපි වෙනුවෙන්. වෙන කිසි විනෝදයක්වත් ජීවිතේ ලබපු අය නෙමෙයි. දැන් සෑහෙන වයස වෙලත් තාමත් එයාලා මහන්සි වෙනව අපිට කන්න බොන්න දෙන්න. කෙල්ලත් එක්ක ප්ලෑන් එකක් ගහල reality එකත් එක්ක යන්න කියල හිතුවෙ.ඔය තත්වෙම ඇති වෙච්ච කෙනෙක් විදියට මම ඉන්න තත්වෙ කියන්නන් මචන්. හිතට හයිය අරගෙන හිතල බලපන් උඹට ෆියොන්සිව නැතිවෙන එක දරාගෙන ඉස්සරහට යන්න පුළුවන්ද කියල... එක්කෝ එයාගෙම හොඳට කියල හිතාගෙන හරි... එහෙම නං උඹට අවුලක් නෑ. එහෙම කරපන්. මොකද අවුරුදු 7කට උඹට තියෙන මෙමරීස් එකක් උඹට ආයෙ අලුතින් දකින්න හීනයක් නැතුව ගිහිල්ල ඇති. අනික එයා උඹ එක්ක ඉඳල ලොකු දෙයක් වුණේ නෑ කියල හිතෙනව වගේ තේරෙනව උඹේ කතාවෙන්. නැත්තන් උඹ මෙතන ඇවිල්ල කතා කරන්නෙ නැකත් බැලුව කියලයි. මොකද උඹේ අතින් අල්ලගෙන යන කෙල්ලෙක් උඹට ඉන්නව කියද්දි මට නං ඇත්තටම උඹ ගැන ඊර්සියයි. මොකද එහෙම පාට්නර්ස්ල්ව හැමෝටම ලැබෙන්නෙ නෑ.
උඹට ඇත්තටම තියෙන්නෙ කෙල්ල ගැන ආදරයක් නෙමෙයි. එහෙම වුණා නං මෙහෙම හැමිනෙන්නෙ නෑ බන්. කෙල්ලෙක් ඔහොම කියලත් පොන්නයෙක් වගේ හිතනව කියන්නෙ උඹ... යකෝ අම්ම තාත්තව බලාගන්න එක හොඳයි. ඒත් ඒ අය දැනටමත් වයසයි නං ඒ අය උඹට කලින් ඉස්සර වුණොත් උඹේ අවසාන කාලෙ මොකද වෙන්නෙ? තනිකම දැනෙන්න දැනෙන්න අපි නොදැනිම ඇතුලෙන් මැරෙනව. අනික නොදන්නම ගෑනියෙක්ව කසාද බඳිනව කියන්නෙ නමට නන් හොඳයි - මම දැන් බැඳල කියන්න.
ඒ හින්ද පොන්නයෙක් වෙන්න එපා බන්. අමාරුම කාලෙ උඹේ අතින් අල්ලගෙන උන්න කෙල්ලව අමතක කරන්න එපා. කසාද බැඳපන්. ජීවිත වෙනස් වෙනව බන්. එකපාර හඳ අල්ලන්න උඩ පනින්න එපා. පොඩියෙන් පටන් ගනින්. මොකද හිතට සෙට් වුණ හොඳම කෙනා මිස් වුණාට පස්සෙ මොන මොකී ආවත් වැඩක් නෑ. නමට කසාද බැඳල ජීවිතේට ඔහේ යන්න අරිනව මිසක්. සුබ පතනව මචන්
Salute you Again Sir
------ Post added on Aug 26, 2026 at 10:27 PM
යාලුවොන්ව දැකල ඒවට ආසාව තියෙනව. ඕවා ඉතින් නැති කෙල්ලෙක් නෑනෙ. ඒත් මෙයා ගේමක් ගහමු කොහොම හරි කියල ඉන්නව මාත් එක්ක මොනව උනත් මම නැතුව වැඩක් නෑ කියල.Yaluwo ekka compare nokara, kan kendiri noga ekathu wela gemak gahanna ready kellek nam bandapan..
Umba thama decision eka ganna ona..
Mokadda degree eka and monada denna karana job?
අතාරින්න හිතුවෙත් එයාගෙම හොඳට. බොරුවට හිරවෙන්නෙ මොකටද කියල මාත් එක්ක. පට්ටම stress වෙලා බන් ඉඳියෙත් දෙන්නම දැන් ටික කාලයක් තිස්සෙ මේක නිසා.ඕවා හිතන්නේ නැතුව බැඳපන්..... යකෝ එකී 7 අවුරුද්දක් කට්ට කාලා තෝ වෙනුවෙන් තෝ නිකන්ම අත්තරිනව....හෙන ගහන අපරාධ ඕවා...උඹ සිරා ලව් කරපු එකක් නම් උඹට ඉන්න අමරුවෙනව.. 7 අවුරුද්දක් පිට යන්නේ නැතුව උඹත් එක්ක ඉඳපු එකම වටිනවා... මං නම් කොහොම හරි ගේමක් ගහලා බඳිනවා... ඔවාගේ කෙල්ලෝ රත්තරන්...අම්මා තාත්තා කවදා හරි මැරිලා යනවා...අපිත් මැරෙනවා... එහෙමයි කියලා විඳවන්න එපා.
you asking me?Why 35 is the best age to get married..?
ලමයි හදන්නෙ නැත්තන් අහවල් පම්කටද බඳින්නෙ?බැදපන්. ලමයි හදන්න එපා
කල් යවන්නෙ නැතුව ගිහින් direct කතා කරපන්. මට කාර් නම් නෑ තාම ජීවිතේ පටන් ගත්ත විතරයි ණය ගොඩකට මට හිර වෙන්න බෑ. බදින්න කලින් වාහන ගන්නයි, ගෙවල් හදන්නයි සේරම බෑ. හැබැයි අපි දෙන්නට සතුටෙන් ඉන්න පුලුවන් ආදායමක් අපි දැනටත් ලබනව. අවුරුදු දෙක තුනකින් stable උනාම වාහනයක් ගන්න plan කරන් ඉන්නෙ. දැනට පොඩියට engagement එකක් අරන් අපි ඉන්නම්. කියල කතා කරහන් ඔය කෙල්ල හොදමයි කියල උඹට sure නම්. ඊට පස්සෙ කෙල්ල ඔය points ටික leverage කරන්න ඕනෙ ගෙදර අය එක්ක. මොලේ තියන වැදගත් මිනිස්සු නම් ඕක තේරුම් ගන්න්ව. එහෙම උනොත් අන්න උඹට extra time එකක් ලැබෙනව living together ඉන්න. (හැමදාම නැතත් ඉදල හිටල හරි) එතකොට උඹටත් තේරෙයි family life එක කියන්නෙ මොකක් ද කියල. ඔහොම ඉන්න ගමන් cooperate ladder එකේ උඩට යන්න පුලුවන් උපරිමේට වැඩ කරපන්. Extra income ගදාගන්න try කරපන්. ඔය අවුරුදු දෙකේ යමක් ඉතිරි කරන් දෙපැත්තම එකතු වෙලා පොඩියට ලස්සනට වෙඩිමක් අරගනින්. හදිස්සි වෙලා ලෝන් ලීස් වලට නම් හිර වෙන්න එපා ජීව්තේ පටන් ගත්ත ගමන්ඔව් බන් පුලුවන් තරන් වියදන් අඩු කරගෙන දේවල් ටික කරගන්න බලන්න ඕනෙ. Manipulate නන් වෙන එකෙක් නෙමේ මම. මාව totally stranger නෙහ් කෙල්ලගෙ ෆැමිලි එකට. මට මේ step එක පැනගන්නයි ඕනෙ reject නොවී.
දැන්ම හදන්න එපා..you asking me?
ලමයි හදන්නෙ නැත්තන් අහවල් පම්කටද බඳින්නෙ?
------ Post added on Aug 27, 2026 at 7:30 PM
මේක කියවන ඕන එකෙක්ට තේරෙනවා උබ ගෑනිගේ පදේට නටන එකෙක් කියල. එහෙම ඒකිට ඕන ඕන උත්තවල් කරන්න ඒකිගේ ගෙදරින් ගේන දෑවැද්දෙන්. උබ හම්බ කරන එක මොලේ ඇතුව වියදම් කරපන්. ගෑනිට ඕන දේ කරන්න දීල මේ වගේ හිත හදා ගන්නව නම් උබට පැවැත්මක් නැහැ.ඒත් ඉතින් දැන් කාලෙ කෙල්ලො දන්නවනෙ සෝෂල් මීඩියා අරව මේවා එක්ක ජීවිතේ සංසන්දනය කරනව. එතකොට අඩුපාඩු පේන්න ගනියි කියල හිතෙනව. ආශ්‍රය කරන අය expensive දේවල් කරද්දි අපිට නෑ කියන එක හිතෙන්න පුලුවන්නෙ.
මේ හැමදේම එක්ක වෙලාවකට හිතෙනව හොඳම දේ එයාට යන්න දීලා බඳින්නෙ නැතුව අම්ම තාත්තා බලන් ඉන්න එක කියල. ඒත් අවුරුදු 7 ක් ජීවිතේ කොටසක් වෙච්ච කෙනාව අත අරින්නෙ කොහොමද බන් හිත හදන්. මම හිත හදාගත්තත් එයා කොහොම ඒක කරන්නද. අපි පට්ට ආදරෙන් ඉඳියෙ. ඒත් ආයෙත් හිතෙනව බඳිනව කියන්නෙ නිකන් වගකීම් මහ ගොඩක් ඔලුව උඩ දාගන්නව විතරයි කියල. මොන ආදරේ තිබ්බත් සල්ලි නැති වෙද්දි ප්‍රශ්න ඇති වෙයි කියල. එයාලගෙ පවුල් වල නෑදෑයොත් එකටම ඉන්නෙ. එයාලත් දෙයක් කරගෙන stable අය. ඔය ඔක්කොමත් එක්ක මට ගැටිල ඉන්නත් වෙනව.
මෙන්න මෙතන පොඩි අවුලක් තියෙනවා . මේ වගේ දේවල් තදින්ම බලන අම්මල තාත්තල පස්සේ ඇනයක් වෙනවා. අපිට යෝජනාවක් ආව හොදට දේපල තියෙනවා අරව තියෙනවා මේවා තියෙනවා ගගා කියෝන දෙමාපියෝ උනොත් නම් ඉවරයි. උබ කටවහන් ඉන්න එකෙක් නම් අවුලක් නැහැ. ඒ උනාට ඕව අහගෙන ඇහුන් නැහැ වගේ ඉන්න බැනේ ගේමක් ගහන්න හදන කොල්ලෙක් නම්.කෙල්ලගෙ ගෙදර අයට කියද්දි එයාලා අනිවාර්‍යෙන් මට වාහනයක් තියෙනවද ඉන්න තැන් පිලිවෙලට තියෙනවද බලනව. මහ ලොකුවට නැතත් සාමාන්‍යෙන් යමක් කමක් තියෙන අය එයාලා. පවුලෙන් හම්බෙන ගෙදර තිබ්බත් ඒව හරියට හදාගන්නත් තව ගොඩක් වියදම් කරන්න වෙනව ඊට කලින්. ඊට පස්සෙ වෙඩින් එකකට රත්තරන් වලට වියදන් කරන්නත් වෙනව. රෙන්ට් එකට හරි ඉන්න වියදම් කරන්නත් වෙනව.