Oluwa wate yana eka nawattaganna widiyak kiapanko,. Parata gyat watema inne genu dihamai belenne..
මචං, මේ වෙලාවෙදි උඹේ ඔලුව විකාර වෙලා නම් තියෙන්නෙ... මුලින්ම හිත නිදහස් කරගන්න ඕනෙ. ඇස් දෙක ටිකක් screen එකෙන් අහකට ගන්න.......
ඊටපස්සෙ ඔබේ හිත යොමු කරන්න ඔබ ඉන්න ඉරියව්ව දෙසට. (අත්, කකුල්, ඔලුව, සම්පූර්ණ ශරීරයම පවතින ඉරියව්ව) ඔබ ඉන්න ඉරියව්ව ගැන හොඳට හිතන්න.
වෙන මොනවත් හිතන්නැතුව විනාඩියක් විතර තමන් ඉන්න ඉරියව්වම මෙනෙහි කරන්න.
විනාඩිය ඉවරයි නම් දැන් ඔබේ හිත සැහැල්ලු වෙලා ඇති.
(දැන් කියවන්න)
.
#1 ක්‍රමය:
රාග සිතක් ඇති වුණ ගමන්ම තමන්ගෙ හිත දිහා හොඳට බලන්න. "මේ ඇති වුණ සිත රාග සහිත සිතක්" කියන එක තේරුම් ගන්න.
එතකොට සුටුස් ගාලා රාගය නැති වෙලා ගිහින් තමන්ගේ සිත කෙරෙහි අරමුණ පිහිටනවා.
(මහා සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සානාව ඇසුරෙනි)
#2 ක්‍රමය
රාග සිත හටගත්තෙ (පටන්ගත්තෙ) කොතනින්ද කියන එක සිහි කිරීම. ඒක පිළිවෙලට සිහි කරගෙන යනකොටත් රාග සිත යටපත් වෙලා යනවා.
#3 ක්‍රමය
මේක පියවර වශයෙන් තියෙන්නෙ
- ජාතිය සිහි කිරීම ("මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක්. මේ විදිහෙ ජරා සිතුවිලි මං වගේ කෙනෙකුට ගැළපෙන්නෙ නෑ" කියලා හිතන්න.)
- වයස ප්‍රත්‍යවේක්ෂා කිරීම ("මගේ වයස මේච්චරක් වෙනවා. ඉතිං මට මේ දේ සුදුසුද?" කියලා හිතන්න.) වයසට නොගැළපෙන වැඩ කරන අයට විශේෂයි.
- තමන්ගේ ශූර භාවය ප්‍රත්‍යවේක්ෂා කිරීම ("මම හිත පාලනය කරගන්න බැරි තරම් දුබලයෙක් නෙවේ" කියලා හිතන්න.)
- බහුශ්‍රැත බව ප්‍රත්‍යවේක්ෂා කිරීම ("මම ධර්මය දන්නවා, මට මේ දේ සුදුසු නැති බව මම දන්නවා" කියලා හිතන්න)
- "අන් අයගේ සිත් දැකිය හැකි ඉර්ධිමතුන්, දෙවියන් හට මාගේ සිතද දැකිය හැකියි" කියලා හිතලා සංවර වෙන්න.
- ශාස්තෘන් වහන්සේගේ ගුණ සිහි කිරීම ("මා සරණ ගිය ඒ භාග්‍යවතුන් වහන්සේ රාගය සම්පූර්ණයෙන්ම දුරු කළ සේක" ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ තමන්ට තේරෙන භාෂාවෙන් සිහි කිරීම)
ඔය විදිහට හිතන කොට අකුසල් සිත බැහැර වෙනවා.
#4 ක්‍රමය
ද්වේශයේ ප්‍රතිවිරුද්ධ එක තමයි මෛත්‍රිය.
රාගයේ ප්‍රතිවිරුද්ධ එක තමයි අසුභය.
ඒ ගැන දැනගන්න මේක බලන්න.
තරුණ අයට, රාගයෙන් පීඩා විඳින අයට, nofap කැමති අයට, අසහනයට පිළියම් හොයන අයට විතරක් නෙවේ, නිවන කැමති අයටත් සුදුසුම භාවනාවක්
මචං,
මනෝ විද්‍යාවෙදි කියනවා මොකක් හරි දෙයක් අපිට හොඳටම හුරු වෙන්න දවස් 21ක් යනවා කියලා. උඹ එල කොල්ලෙක්. උඹ අර ක්‍රමය එකදිගට දවස් 21ක් අනුගමනය කරපන්. දවස් 21කින් පස්සේ progress එක කියපන්.
අංකුරය හටගන්නා විටම නසා දමන්න෴