Life of Australia

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,087
    2,976
    113
    ::0
    elakiri.com
    අනික ලයිසන් එක ගන්න ඕනෙ ආපු ගමන්ම මොකද ලන්කාවෙ ලයිසන් එක මාස 3කින් එක්ස්පයර් වෙනවා....


    ?? එක මාස 3කින් එක්ස්පයර් වෙන seen 1 PR only da?
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,976
    113
    ::0
    elakiri.com
    මහානාම, ඔයාගේ thread එක මුල සිට අග දක්වා කියවෙව්වා . ගොඩාක් important tips වගේම සමහර tips පොඩ්ඩක් විතර නිවැරදි මදි මගේ දැනුමේ හැටියට.

    ඒක නිසා මම හැමෝගෙම දැනගැනීම පිණිස පහත පැහැදිලි කිරීම් ටික කරන්නම්.

    1) Student Visa process එක ගැන නම් මගේ දැනුම මදි මොකද මම student වෙලා හිටියෙ 19 years වලට වගේ කලින් . But , general rule of thumb , මෙහෙ ආපු ගමන් phones , cars ගන්න හදිස්සි වෙන්න එපා. Atleast 1 year යනකන් පුළුවන් තරම් මේ රටේ හැටියට හැඩ ගැහෙන්න try කරන්න. Language එක හදා ගන්න. Studies වලට මුල් තැන දෙන්න. පොඩි job එකක් හොයාගන්න day to day වියදන් වලට. ආතල් ගන්න පුළුවන් පස්සේ !

    2) PR හරි Working Visa වලින් ආපු ගමන් job එකක් හොයාගන්න එක priority කරගන්න. $1000-$2000 වලට Car එකක් ගන්න එක ටිකක් අමාරු වගේම එහෙම එකක් හොයාගත්තොත් repairs වැඩි. Repairs = high labour costs. මීට අමතරව Annual registration, Compulsory insurance, 3rd party or comprehensive insurance වලටත් $1500-$2000 per year වගේ යනවා.

    3) Language එක හොඳට polish කරගන්න. කවුරු මොනවා කිවුවත් අපි ඉන්නේ English speaking රටක. Indian & Chinese එවුන් ගේ level එකට අපිව compare කරගන්න එපා. උන්ගේ accents අවුල් උනාට උන්ට සැහෙන්න connections තියෙනවා, අපිට නෑ. උන් අම්බානකට මහන්සි වෙලා වැඩ කරනවා. Business කරන උන් නම් පට්ට ලාබෙට business කරනවා. ඒක හින්ද Aussie යෝ උන්ව සහ උන්ගේ accents වැඩිය ගණන් ගන්නේ නෑ . ඒකයි වෙනස. අනිත් එක, හොඳට පැහැදිලිව කතා කරන්න පුළුවන් නම් job එකකට උනත් ඒක මාර advantage එකක්. කවුරු මොනවා කිවුවත් අපිට හොඳට, accent අඩුවෙන් කතා කරන්න පුළුවන් නම් මෙහෙ උන්ගෙන් පිළිගැනීමක් තියෙනවා. ඒක වැදගත් factor එකක් job එකක් හරි study කරනවානම් හරි.

    4) ළමයි - ළමයින්ට සිංහල උගන්නන අනිවාර්යෙන්ම, හැබැයි ඒ හා සමානවම English ත් ඉගෙනගන්න දෙන්න. නැතිනම් ඒගොල්ල ඉස්කෝලේ යනකොට හරියට language එක බැරිනම් studies වලින් backwards වෙනවා. මේක මම දැකපු දෙයක්.

    5) මෙහේ එනකොට Sri Lankan mentality & attitude එක එහේ තියල එන්න. ලංකාවේ විදිහට හිතන්න පතන්න ගියොත් හැමදාම එක තැන. වවුලගේ ගෙදර යනවනම් එල්ලිලා ඉන්න ඉගෙන ගන්න එපෑ !!

    6) මෙහේ ඉන්න ලංකාවේ කට්ටියව දැන අඳුන ගන්න, හැබැයි ඕනෙවට වැඩිය හැමෝමව ආශ්‍රය කරන්න යන්න එපා. හොඳම යාලුවෝ/families 5-6 හිටියහම හොඳටම ඇති! ඇත්තටම සමහර වෙලාවට අපේ මිනිස්සුන්ට වඩා අනිත් ජාති වල එවුන්ගේ ගති ගුණ හොදයි. ආශ්‍රය කරන්න අමාරු නෑ. කැපිලි නෑ.

    7) හැම වෙලාවේම long term plan එකකට වැඩ කරන්න. මේ රටේ short term plans වලට වැඩ කරන්න අමාරුයි.

    මම 1999 ඉඳන් ඉන්නේ මෙහෙ. ඔය කියපුවා ගොඩක් ඒවා මගේ life experiences. මේක ජීවත් වෙන්න හොඳ රටක්, ලංකාවත් ජීවත් වෙන්න හොඳ රටක් . රටවල් දෙකේම හොඳ සහ නරක දෙකම තියෙනවා, ඒක නිසා රටවල් දෙක compare කරන්න යන්න එපා :) ලෝකේ කොහේ හිටියත් අනිත් මිනිස්සුන්ට කටු ගහන්නේ නැතුව නිහතමානී විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් life එක ගොඩ!


    Beware from Asian (SL/IND/PK/ML)
     

    jeewa101010

    Junior member
  • Dec 21, 2018
    157
    10
    18
    බොහොම ස්තුතියි. pr එක ගන්න කොච්චර අවුරුද්දක් ඉගෙන ගන්න / වැඩ කරන්න ඕනෙද students visa යනවා නම්?
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Issarahata Auzi walata boat eken aith yanna puluwan kathawak kiyanawa neda? Unge rules wenas wenawalu human rights case nisa...