Pacman හොදයි කියල නෙවෙයි මං කිව්වෙ. මං ආසම package management system එක Pacman කියල. මං හිතන්නෙ ඕනෙම package management system එකක් එක වගේ. මහ ලොකු වෙනසක් නෑ. එකම වැඩේ තමයි හැම එකකින්ම වෙන්නෙ. පොඩි පොඩි වැඩ කෑලි ඇති ඒ ඒ package management system එකට ආවේණික උන. Pacman simple. ඒකයි මං ඒකට එච්චර කැමති.
EDIT 1 : DPKG වලට අකමැති එක හේතුවක් තමයි බර ගාණක් dependencied තිබීම. උදාහරණයක් විදිහට Ubuntu වල VLC කරද්දි vlc, vlc-data, vlc-nox කියලා බර ගාණකට VLC package එක කඩලා තියෙන්නෙ. Offline VLC install කරන්න ගියා නම් අනාථයි. Pacman වල එහෙම නෑ. vlc කියල තියෙන්නෙ එක package එකයි.
EDIT 2 : Restricted extras වලට අයිති වෙන්නෙ මේ packages ටික. මේ packages ටික computer එකේ තියෙනව නම් offline install කරගන්න පුලුවන්. සමහර විට මේවා install කරන්න තවත් dependencies ඕනෙ වෙයි. එතකොට offline install කරන්න ඒවත් computer එකේ තියෙන්නෙ ඕනෙ. හොදම වැඩේ තමයි online install කරන එක.
> ubuntu-restricted-extras
1. gstreamer0.10-plugins-bad-multiverse
2. ttf-mscorefonts-installer
3. unrar
> ubuntu-restricted-addons
1. flashplugin-installer
2. chromium-codecs-ffmpeg-extra
3. gstreamer0.10-fluendo-mp3
4. gstreamer0.10-plugins-bad
5. gstreamer0.10-plugins-ugly
6. gstreamer1.0-fluendo-mp3
7. gstreamer1.0-libav
8. gstreamer1.0-plugins-bad
9. gstreamer1.0-plugins-ugly
10. oxideqt-codecs-extra