හායි මචන්ලා, මට මේක හොයලා හොයලාම අප්පිරියා වුණ පාර තමයි මෙතන දාන්නෙ. මේ ලබ්බෙ Windows 10 වල USB C power direction එක වෙනස් කරන්න ක්‍රමයක් නැද්ද බං???
මම powerbank එකක් ගත්තා. ඒකෙ USB C port එකක් තියෙනවා. C to C cable එකකුත් තියෙනවා. Wall charger එකෙන් කිසි ගේමක් නැතිව ඒක charge කරන්න පුළුවන්. හැබැයි Windows 10 වලින් boot කරලා ලැප්ටොප් එකට ගහපු වෙලේ ඉඳන් ඒ හු....න් ලැප් එක චාජ් වෙන එකයි වෙන්නෙ.
Phone එකට ගැහුවාම නම් charge කරන්න ඕනද, අනිත් පැත්තට power යවන්න ඕනද කියලා අහනවනේ බං.

Windows 10 එකේ ඒ සරල feature එක නැද්ද බං? කොහෙවත් එහෙම විස්තරයක් නෑ. මට හොයා ගන්න බැරි කමක්ද මන්දා. කොච්චර search කරත් එන්නෙම අදාළ නැති රෙද්දවල්.
Ubuntu වලින් boot කරලා මේ code එක ගහපු ගමන් බබා වගේ powerbank එක චාජ් වෙනවා.
# echo source >/sys/class/typec/port0/power_role
# cat /sys/class/typec/port0/power_role
[source] sink
ඒ කියන්නෙ මේක laptop එකේවත්, powerbank එකේවත් වැරැද්දක් වෙන්න බෑනෙ. අනිවා software වලින් කරන්න තියෙන දෙයක්. මළ හු... Windows 10 එකේම තමයි මොනම ක්‍රමයක්වත් හොයා ගන්න නැත්තෙ.
අනේ ක්‍රමයක් දන්නවා නම් කියහන් බං පින් සිද්ධ වෙයි. මට හිතෙන්නෙ ඔය Linux එක වගේම powershell code එකක් අනිවා ඇති. නැත්නම් download කරන්න පුළුවන් software මොනවා හරි ඇති. කිසිම දෙයක් හොයා ගන්න බෑ මට කොහේවත්.


