එකට ජිවත් වීම හෙවත් living together
අද උදේ පාන්දරම අහන්න ලැබුන පුවතක් තමයි මගේ යහලුවෙකුට පසුගිය සතියේ දිනක උසාවියෙන් දික්කසාද තීන්දුව ලබා දීල. අද ලංකාවේ දික් කසාද වැඩිය. ඉතින් මට සිතුන දෙයක් තමයි ඔය කසාදයට වඩා ලිවින් ටුගෙදර් දෙදෙනාටම වාසි සහගතය.
ඇත්තටම මොකක්ද මේ ලිවින් ටුගෙදර් කියන්නේ.?
සරල තෙරුම නම් එකට වාසය කිරීමය. විවාහයකින් තොරව විවාහක යුවලක් ලෙස එක්ව ජිවත් වීම ලිවින්ග් ටුගෙදර් ලෙස හැදින් වේ. ඇත්තම කියනවනම් මා ඇමරිකාවේ නිව් යෝර්ක් හි වාසය කරන කාලය තුල මාද මාස 10 කට ආසන්න කාලයක් එසේ ජිවත් උනි. නමුත් ඒ සුද්දියක් සමග නොව ලංකාවේ කෙල්ලක් සමගය. ඇය ඉගන ගැනීමට ලංකාවෙන් ඇමරිකාවට පැමිණි ශිෂ්‍යාවකි. ඇත්තටම දික් කසාද වෙලා උසාවි ගානේ රස්තියාදු වෙනවාට වැඩ මෙය දාහෙන් සම්පතකි. දෙදෙනාටම සම්පතකි. කසාදය හොඳය. දෙදෙනාට දෙදෙනා කිරිපැණි සේ හොදින් ගැලපෙනම් කසාදය වටි. එත් අද කාලේ මිනිසුන් තේරුම් ගැනීමට අපහසුය. දෙදෙනෙක් වසර 10 ආශ්‍රය කර කසාද බැන්දත් කසාද ජීවිතය තුල මිනිසුන් ක්ෂනිකයකින් වෙනස් වේ. එසේ ගත කල ලිවින් ටුගෙදර් ගෙවන අයට අවශ්‍ය වෙලාවක දමා ගසා යා හැක. නමුත් ලංකාවේ පවතින යල්පැනගිය හණමිටි සංස්කෘතියෙන් එල්ලවන බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික රටක මෙවැනි සිදුවීම විරලය.
මෙහිදී ඔබට ලැබෙන වාසි සහ ප්‍රයෝජන
ඔබට තනියෙන් සහකරු හෝ සහකාරියව නඩත්තු කිරීමේ අවශ්‍යතාවයක් නොපැමිණේ. දෙදනා සමග වියදම් බෙදා හදා ගත හැක. මා නිව් යෝර්ක් හි වෙසෙනා කාලයේදී ඇය සමග නිවසේ කුලිය බෙදා හදා ගතිමි. අහාර පාන සඳහාද වියදම් දෙදෙනා අතර බෙදී ගියේය. අපි ගෙදරට අවශ්‍ය අහාර ද්‍රවය ගෙන ඒමේදී දෙදෙනාම මාරුවෙන් මාරුවට ගෙන ආවෙමු. තවද සහයෝගිව ජිවත් වීමේ පුරුද්ද ලැබේ.
ඔබට අවශ්‍ය නිදහස
මෙහිදී ඔබට අවශ්‍ය නිදහසට බාධා අවහිරකම් නොමැත. මා ගෙදර කීයට පැමිණියත් ඇය මගෙන් කිසිවක් විමසුවේද නැත.
ඇය හෝ ඔහු ලිංගික ජීව්තයේ දී සාර්ථකද අසාර්ථක ද සහ අවශ්‍ය ඕනෑ එපාකම් හදුනා ගත හැක. එකිනෙකාට හොදින් අවබෝධ කරගැනීමට කාලය ලැබේ.
ඔබට ඇය සමග හෝ ඔහු සමග විවාහ වීමට අවශ්‍ය නම් ඒ සඳහා තීරණයක් ගැනීමට කාලය ලැබේ. ඇයව හෝ ඔහුව තේරුම් ගැනීමට කාලය ලැබේ.
ඔබ කිසිදාක විවාහ වීමට අදහස් නොකරයි නම් මෙය හොද option එකකි.
මා ඉහත සඳහන් කලේ මෙහි ඇති ප්‍රයෝජන අතුරින් කිහිපයක් පමණි. තවත් ලිවිම වෙහෙසකර බැවින් ලියන්නට හිත නොදේ.
ඉතින් මෙවැනි සංස්කෘතියක් ලංකාවේ ස්ථාපනය කිරීමටනම් මිනිසුන්ගේ පවතින යල් පැනගිය හන මිටි අදහස් ඉවත දමා පවතින සංකෘතියේ යම් යම් දේවල් සංශෝදනය කල යුතුවේ.
ඔබගේ අදහස් ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටිමි.

Last edited:

seems u had it only to hv sex n cover expenses..actually in ur case its like living with prostitute only thing u dnt spend on her n by living in one apartment saving rent