ගොඩක් දවසකින් මේ පැත්තෙ එන්නත් බැරි වුනා.....හ්ම්ම්ම්ම්ම්ම්ම් ගොඩාක් දුර ගිහිල්ලත් ත්රෙඩ් එක.....
සීගිරි බිතු සිතුවම් වල මේවා තියෙනවා තමයි....රජවරු අන්තඃපුර තියාගෙන හිටියා කියන එක මට නැහැයි කියලා කියන්න පුලුවන් දෙයක් නෙවෙයි නේ...
ගමට වෙන්න ස්ත්රී දුෂණ නැහැයි කියලත් මම කියන්නේ නෑ.....
හැබැයි උඹට මතක ඇති කිරුලපන අවුරුදු 6ක ළමයෙක් rape කරා මදිවට මරලා කුනු ඇලටත් දැම්මා, ජා ඇල අවුරුද්දක කිරි දරුවෙක් එයාගෙම තාත්තා හැමදාම බැල්කනියට ගෙනියලා අතවර කරන සිද්ධියක් ලඟකදි ඇල්ලුවේ,මොරටුවේ එකෙක් අලුතෙන් හම්බ වුනු කෙල්ලෙක් නිසා තමන්ගේම බිරිඳවයි දරුවාවයි මරලා දැම්මා......
දැන් උඹ මට ගමේ වුනු අපරාධ ගැන විස්තරගත ලැයිස්තුවක්ම එවන්න නම් එපා මචෝ.
ගමේ 24*7 බීලා ඉන්න එවුන් නම් ඉන්නවා ඇත්ත මමත් පිලිගන්නවා...හැබැයි කොළඹ ඒකේ කිසිම අඩුවක් නෑ.ගමෙන් කොළඹ ආපු සමහර කෙල්ලො ගණිකාවො වුනේ කොහොමද කියලා උඹ දන්නවා ඇති මචෝ....
කොහොමින් කොහොමින් හරි මම මාතෘකාවෙන් ගොඩක් එලියට පැන්නා...ඔන්න දැන් කෙලින්ම මාතෘකාවට......
මචන් මේ ෆොටෝ ටික දැක්කාම උඹට මොකක්ද හිතෙන්නේ....මට නම් ලංකාව ගැනම දුකක් හිතෙන්නේ.(මට විතරක් හිතෙන දෙයක් ද දන්නෙ නෑ මේක)
ලංකාව දැන් යන අත ගැන උඹට වැටහීමක් ඇති නේ
"පසුගිය වසර කීපය තුළ ලංකාවේ වාර්තා වූ ස්ත්රී දූෂණ වාර්තා මෙසේය.
1990 වසරේ 365කි.
1995 වසරේ 542කි
2006 වසරේ 1,463කි.
2007 වසරේ 1,397කි.
2008 වසරේ 1,582කි.
2009 වසරේ 1,624කි.
2010 වසරේ 1,854කි.
2011 වසරේ මුල් මාස 11 තුළ වාර්තා වූ ස්ත්රී දූෂණ ගනණ 1,636කි." (උපුටා ගත්තේ එලකිරියෙන්මයි.එලකිරියේම "දඩබ්බරයා" සහෝදරයාගේ පෝස්ටුවකින්)
අපි western culture එක බදාගන්න තරමට මේවාත් වැඩිවෙනවා..තව අවුරුදු 20කින් උඹත් එලකිරියෙ ඉඳිවි මමත් ඉඳියි අන්න එතකොට කියපන් මචන් මම අද කියපු දේ ඇත්තක්ද බොරුවක්ද කියලා..දැන් උඹ කියයි මේකද මෙහෙම අපරාධ වැඩි වෙන්න හේතුව කියලා...නැහැ මචන් ඒ වුනාට මෙහෙම වෙන්න අපි western culture එක පස්සෙන් දුවන එක ලොකු හේතුවක්...දැන් මචන් උඹ මගෙන් ඇහුවනේ ඇත්තටම ධර්මද්වීපයක් තිබුනද කියලා...අනිත් රටවල් එක්ක සංසන්දනය කරද්දි අපරාධ ස්ත්රී දූෂණ ගොඩාක්ම අඩු කාලයක් තිබුනෙ නැද්ද , ගොඩාක් මිනිස්සු ධර්මානුකූලව ජීවත් වුනු කාලයක් තිබුනෙ නැද්ද...එතකොට ඒ ටිකම මදිද මේක ධර්මද්වීපයක් වෙන්න...බලන්න අද පන්සිල් පිළිපදිනවා තියා හැමදාම පන්සිල් ගන්න ගෙදරක් හොයන්න කොයි තරම් අමාරුද...නමට ලෝකෙට පේන්න බෞද්ධ කට්ටිය නම් අද ඕන තරම්
කවුරු හරි කෙනෙක් ක්ලබ් එකකට කැසිනෝ එකකට කිහිප වතාවක් යද්දි එයාගෙම මනස යම් ප්රමාණයක් වෙනස් වෙන්නෙ නැද්ද...මම කියන්නෙ නෑ මේකෙ ඉන්න ඔක්කොම කොබා ලා,ලෙස්බි ලා, බඩු කියලා.....
කොළඹ හොඳ කෙල්ලෝ නෑ කියලා මම කියන්නේ නෑ කිසිම තැනක මොකද මගේ හොඳම යෙහෙලියෝ ඉන්නවා ගොඩාක් හොඳ අය....
දැන් මචන් උඹ නම් උඹේ නංගි හරි අක්කා හරි මේ වගේ තැනකට යනවට කැමතිද....මම නම් බින්දුවක්වත් කැමතිත් නෑ යන්න දෙන්නෙත් නෑ...
දැන් උඹලා සමහරවිට මට බනීවි මේකා කොහෙද යන ගොඩයෙක් මූට කියලා වැඩක් නෑ කියලා...හැබැයි මචෝ මේ photos වල කට්ටිය ගන්න එකට නම් උඹලා FUN එක කියන්නේ මේ වගේ FUN එකක් ඇත්තටම ඕනිද...?????
ආ තව එකක් මම නම් මචෝ කවදාකවත් මගේ මතයට විරුද්ධව කතා කලා කියලා rep කපන්නේ නෑ.මේක අපි ඔක්කෝගෙම Forum එක.විරුද්ධ මතයක් ආවට රෙප් කපනවා නම් ඒ ෆෝරම් එකෙනුත් වැඩක් නෑ නේ.අපි ඔක්කොම මේකේ තර්ක කරමු.විරුද්ධ තර්කයට ගහමරා ගන්න එකයි යටිපූට්ටු වැඩ කරන එකයි කරන්න ගියොත් මේකත් අර දියවන්නාව උඩ තියෙන එක වගේ වෙනවනේ..ඒ නිසා මේක බලන ඔක්කොගෙන්ම මම ඉල්ලා සිටිනවා එහෙම කරන්න එපා කියලා ....Quote එක දිග වැඩි වුනාද මන්දා...එහෙමනම් sorry වෙන්න ඕනා