Lnkin Park පෙරළිකාරයෝ

tintin123

Moderator
Staff member
  • Apr 23, 2008
    240
    258
    63

    Rock වංශකතාවේ පෙරළිකාරයෝ.

    linkin-park-discography.jpg


    Linkin Park කිව්වහම නොදන්නා කෙනෙක් නැහැ නේද?ගොඩක් අය මෙයාලගේ සින්දු අහල තිබ්බට මම අද කියන්න යන්නේ මේ band එක ගැන ව්ස්තර ටිකක්.


    Linkin Park කියන්නේ ඇමරිකාවේ California ප්‍රාන්තයේ Agoura Hills, කියන නගරය කේන්ද්‍ර කරගෙන 1996 වර්ෂයේ බිහිවුන සංගීත කණ්ඩායමක්. Californiaවේ Agoura උසස පාසලේ ඉගනගන්න අවදියේදී Mike Shinoda, Brad Delson, සහ Rob Bourdon කියන මිත්‍රයෝ තුන්දෙනා එකතුවෙලා Xero කියන නමින් තමයි මේක ආරම්භවෙන්නේ. පසුව පාසල තුලමෙන්ම ප්‍රාන්තයේ ලබන ජනප්‍රියතාවය උඩ Mike තීරණය කරනවා මෙය ඇමරිකාවපුරා ගෙනයන්න.ඒ අරමුණ නිසාම ඔවුන්ගේ පාසලේම තවත් මිත්‍රයෝ තුන්දෙනෙක් සංගීත කණ්ඩායමට එකතුවෙනවා. ඒ තමයි David "Phoenix" Farrell , Joe Hahn සහ Mark Wakefield කියන අය.

    Xero.jpg

    Xero නමින් හදින්වූ කණ්ඩායම

    අඩු පහසුකම් යටතේ 1996 වර්ෂයේදී එයාල පලවෙනි recording එක කරන්නේ Mikeගේ කාමරේ හදාගත්ත home studio එකක.නමුත් ඔවුන්ගේ ගීත පටිගත කිරීමේ ගුණාත්මක භාවය මදිකම නිසා නිෂ්පාදක සමාගමක් (record Lable ) එකක් සමග ගිවිසුමකට එලබීමට නොහැකිව තිබෙනවා. කණ්ඩායමේ මේ අසාර්ථකත්වය සිය සංගීත දිවියට බාදාවක් යයි සිතපු ප්‍රධාන ගායකයා වශයෙන් කටයුතු කරපු Mark Wakefield 1998 වර්ෂයේදී Xero කණ්ඩායමෙන් ඉවත්වෙනවා.කෙසේ නමුත් Mike සහ මිතුරු කැල අපහසුතා මධ්‍යයේ ප්‍රධාන ගායකයකු නොමැතිව සංගීත කණ්ඩායම ගෙනයන්නේ හරිම උනන්දුවෙන්. 1999 වර්ෂයේදී Xero කණ්ඩායමට Chester Bennington එකතු වෙන්නේ Xero කණ්ඩායමේ තීරණාත්මක සාදකයක් වශයෙන්.ඔහුව ප්‍රධාන ගායකයා වශයෙන් Mike ව්‍සින් බදවාගන්නේ Jeff Blue නමැති පුද්ගලයෙකුගේ මගපෙන්වීම යටතේ.


    මේ කාලයේදීම කණ්ඩායමේ නම Hybrid Theory වශයෙන් වෙනස්කරන්න යාලුවෝ ටික තීරනයකරනවා.නමුත් Chester කියන්නේ කණ්ඩායමට ජීවයක් වගේම වාසනාව ගේන පුද්ගලයෙකු විදිහට කණ්ඩායම ඇතුලේ තැනක් හැදෙනවා. එනිසාම ඔහුගේ තීරණයකට අනුව Hybrid Theory කියන නම වෙනුවට Linkin Park (LP ) කියන නම කණ්ඩායමට යොදනවා.මේ හරියටම 2000 වර්ෂයේ.


    LP කණ්ඩායම තමන්ගේ Home ටෝව්න් තුල ඉතා ඉහල ජනප්‍රියතාවයක් ලබනවා.මේ නිසාම ඔවුන් සය සංගීත භාණ්ඩ සදහා නවීන තාක්ෂනය මුසුකරන්න අවස්ථාවක් උදාකරගන්නවා.නමුත් මොවුන් කොපමණ උත්සහකලත් කිසිම සංගීත තැටි නිශ්පාදකයෙක් සමග ගිවිසුමකට එළබෙන්න බැරි වෙනවා.මොකද LP කණ්ඩායමේ සංගීත රසය ඒ යුගයේ ජනප්‍රිය සංගීතය ගණයට නොවැටුන නිසා.කෙසේ නමුත් මෙන්න මේ වෙලාවේ පිහිටට නැවතත් Jeff Blue කියන පුද්ගලයා පැමිණෙනවා.


    Jeff Blue කියනේ කව්ද කියල නොකිව්වොත් අඩුවක්.Jeff Blue කියන්නේ Zomba Music කියන ආයතනයේ උප සභාපත්වරයෙක්.ඔහුට සංගීත සමාගම් සමග ලොකු සම්බන්ධකමක් තියනවා.

    8719_159176539875_824954875_2486-1.jpg

    Jeff Blue


    මේ නිසාම Jeff Blue ගේ මාර්ගයෙන් Warner Bros Records * ආයතනය සමග LP කණ්ඩායමට ගිවීසුම ගතවෙන්න අවස්තාව හම්බ වෙනවා.ඒ සමගම Linkin Park සංගීත කණ්ඩායම සය කුලුදුල් ගීත ඇල්බමය 2000 ඔක්තෝම්බර් 24 වනදා ලොවට නිකුත් කරනවා Hybrid Theory නමින්.මෙය ඔවුන්ගේ සංගීත දිවියේ කේන්ද්‍රස්ථානය වශයෙන් සලකන්න පුළුවන්. මිලියන 4.8 පිටපත් අලවිකරම්න් 2001 වසරේ වැඩිම අදායමක් ලැබූ ගීත ඇල්බමය බවට පත්වුනා.එසේම "Crawling" සහ "One Step Closer" යන ගීත දෙක එම වසරේ රේඩියෝ මගින් තේරූ හොදම alternative rock ගීත අතර රැදී තිබුනා.ඒ වගේම මෙම ගීත ඇල්බමයේ අඩංගු ගීත තුනක් Dracula 2000, Little Nicky සහ Valentine යන චිත්‍රපටිවල තේමා ගීය වශයෙන් යොදාගනු ලැබුවා.එසේම Crawling කියන ගීතය සදහා Garmmy සම්මාන උළෙලේදී හොදම Hard rock ඉදිරිපත්කිරීම වශයෙන් සම්මාන හිම්වුන.තවත් ගීත දෙකක් හොදම rock ඇල්බමය වශයෙන් සහ හොදම නවක සංගීත කණ්ඩායම සදහාවන සම්මාන සදහා නම් යෝජනාවුනා.

    linkinpark-hybridtheory.jpg


    මේ ගීත ඇල්බමය ඔස්සේ ඇමරිකාව පුරා සංගීත සංදර්ශන 320 පමණ පවත්වන්නට LP කණ්ඩායමට හැකිඋනා.ඔවුන්ගේ සංගීත දිවියේ ලබූ හොදම අවස්තාව ලෙස Mike අදටත් සිහපත් කරන්නේ Hybrid Theory ගීත ඇල්බමයයි.

    කෙසේ හෝ පළමු ගීත ඇල්බමය ඔස්සේ ලැබූ මුදල්, ජනප්‍රියතාවය ඔස්සේ සිය දෙවන ගීත ඇල්බමය 2003 වසරේ මාර්තු 25 Meteora නම්න් නිකුත් කරනවා.මේ ගීත ඇල්බමයද එම වසරේ ඇමරිකාවේ සහ එංගලන්තයේ වැඩියෙන්ම අලවිවූ ඇල්බමය බවට පත්වෙනවා. Meteora ඇල්බමය පලමුසතියේ පිටපත් ලක්ෂ 8ක් අලවි කරමින් වාර්තාවක්ද ෆිටුවා තබෙනවා.ඒ සමගම එතෙක් ඇමරිකාවට පමණක් සීමා වූ LP සංදර්ශන මාලාව ලොව වටා ගමන්කිරීම අරබනවා.

    MeteoraLP.jpg



    2004 වසර අවසානය තෙක්ම මේ ගමන යන ඔවුන් එතන පටන් තවත් වසර කීපයක් සිය සංගීත දිවියේ උන්නතිය සදහා ආයෝජනයකට පෙලබෙනවා.මොකද මම එහෙම කියන්නේ ඔවුන් 2006 වසරේ තම තෙවන ගීත ඇල්බමය පිට කිරීමට ප්‍රථම ඇමරිකාවේ සංගීත ශේත්රයේ උඩුයට්කුරුකළව්කීප පොලක් එක්කම ගීත නිකුත් කරනවා.මේ කාලේ වෙනකොට තමන්ටම කියල studio එකක් හද්දගන්න LP කණ්ඩායම එවකට ප්‍රසිද්ද Rap ගායකයකු වන Jay -Z සමග සිය rock ගීත මුසුකරම්න් නවතම අතදාබලීමක් කරනවා.මෙය අමර්කාවේ ඉතා ජනප්‍රිය වෙනවා.



    අවසානයේ මේ සියලු අත්හදාබැලීම් වල ප්‍රතිපලයක් වශයෙන් Minutes to Midnight වශයෙන් සිය තුන්වන ගීත ඇල්බමය 2007 වසරේ මැයි 15 නිකුත් කරන්නේ මෙතෙක් පැවති සිය rock සංගීත කලාව අලුත්ම ආරකට ගෙනයම්න්.
    මෙයද බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම අලවියක් ලබබින් පවතිනවා.

    minutes-to-midnight.jpg


    A Thousand Suns නම්න් සිය හතරවන ගීත ඇල්බමයද 2009 වසරේ නකුත් කළා.ලෝකයේ පවතින සමාජීය හා දේශපාලනය ගැන ගැබුරින් කතාබහට ලක්වූ ඇල්බමයක් ලෙස මෙය දක්වන්න පුළුවන්.

    Linkin+Park+-+A+Thousand+Suns+%255B2010%255D+%25283%2529.jpg



    මම ඔය කිව්වේ rock සංගීත කණ්ඩායමක් විදිහට ලප් කණ්ඩායමේ ඉතිහාසය ගැනයි. පහලින් දාල තියන්නේ අද ඉන්න සාමාජිකයන්ගේ වීස්ථර ටිකක්.


    Chester
    LS-Logo-Bio-Chester.jpg

    Name : Chester Charles Bennington
    Born : March 20, 1976 (age 35)
    Occupations: Musician, singer-songwriter, actor
    Instruments : guitar, keyboard, drums

    Mike
    LS-Logo-Bio-mike.jpg

    Name: Michael Kenji Shinoda
    Born: February 11, 1977 (age 34)
    Occupations: Musician, singer-songwriter, lyricist, composer, rapper, vocalist, guitarist, pianist, producer, graphic designer, visual artist
    Instruments: Vocals, rapping, guitar, keyboard, piano, samples, organ, percussion

    Mr.Hahn
    LS-Logo-Bio-mrhahn.jpg

    Name: Joe Hahn
    Born: March 15, 1977 (age 34)
    Occupations: Musician, music video director, painter
    Instruments : Turntables, sampler, keyboards, backing vocals

    Big Bad Brad(BBB)
    LS-Logo-Bio-Brad.jpg

    Name: Bradford Phillip Delson
    Born: December 1, 1977 (age 33)
    Occupations: Musician, A&R Representative
    Instruments : Guitar, bass guitar, keyboards, saxophone, vocals


    Phi Phi
    LS-Logo-Bio-phoenix.jpg

    Name: David Michael Farrell
    Born: 8 February 1977
    Occupations: Musician, Grapich Artist
    Instruments : Guitar, bass guitar, keyboards,backing vocals


    Rob
    LS-Logo-Bio-rob.jpg

    Name: Robert Gregory Bourdon
    Born: January 20, 1979
    Occupations: Drumer, Grapich Artist
    Instruments : Drum, guitar, bass guitar, keyboards,



    මොනවා වුනත් අද ලෝකයේ ජනප්‍රියම rock සංගීත කණ්ඩායම බවට අද වෙනකොට LP කට්ට්ය පත්වෙලා ඉන්නේ තමන්ගේ දක්ෂතාවය කැපවීම නිසාමයි.අපිට ගන්න තියන හොදම දේ අන්න එකයි
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මොකෑ tintin අයියෙ මේ.දැන් දිගට හරහට threads දාන්නෙ:P.
    එළ එළ
     
    • Like
    Reactions: TNHM

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    ඉස්සර අපි ඉස්කෝලේ Trip එහෙම යනකොට Linkin park ලගේ සින්දු තමයි දාගෙන යන්නේ .

    මේ එක නෙවෙයි, ඔය Chester ට උගුරේ cancer එකක් ආවා නේද?
     
    • Like
    Reactions: TNHM