look here mage sinhala miturani

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොසිල ඉන්ධන භාවිතයෙන් ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනය නැවැත්වීමට, ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන ජපානය තීරණය කර තිබේ.. ලොව ප්‍රධාන පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් රැසක් පිහිටා ඇත්තේ ජපානයේය. ජපන් අග්‍රාමාත්‍ය යොෂිහිදෝ සුගා ප්‍රමුඛ රජය එම මෝටර් රථ නිෂ්පාදන සමාගම් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු, මෙම තීරණය ගෙන ඇත්තේ, ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ ප්‍රධාන සාධකයක් වන පොසිල ඉන්ධන දහනය මගින් සිදුවන කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අවම කිරිමේ අරමුණින්ය.

    හයිඩ්‍රො කාබන් අඩංගු ස්වාභාවික වායු, තෙල් (ඩීසල්, පෙට්‍රල් ආදී ඉන්ධන) සහ ගල් අගුරු පොසිල ඉන්ධන ලෙස සැලකෙයි. පොසිල ඉන්ධන ස්වාභාවික, සාම්ප්‍රදායික බලශක්ති ප්‍රභවයයි. මේවා පොසිල ඉන්ධන ලෙස හැඳින්වෙන්නේ, ඔක්සිජන් රහිත පරිසරයක දිගු කලක් ජීවත්වන ජීවීන්ගේ ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වන බැවිනි.


    ලෝකයේ පොසිල සම්පත් සංචිතවලින් සියයට 70 ක් ගල් අඟුරු ද සියයට 14 ක් ස්වභාවික වායු වර්ග ද සියයට 14 ක් තෙල් සම්පත්වලින් සමන්විත බව පරිසරවේදීහු පෙන්වා දෙති. පොසිල ඉන්ධන භාවිතයේ දී සිදුවන කාබන් විමෝචනය හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යන අතර අද අපට දකින්නට ලැබෙන අහිතකර තත්වයේ විපරිත කාලගුණ තත්ත්වයන් නිර්මාණය වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ වනවිට, ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටු දියවෙමින් පවතින අතර, තව වසර 100 කින් එම අයිස් තටු සදහටම අතුරුදන් වී, සාගර ජල මට්ටම ඉහළ යනු ඇතැයි පරිසරවේදීහු බිය පළ කරති. ජපන් රජය තීරණය කර ඇති අන්දමට වසර 2030 න් පසු පොසිල ඉන්ධනවලින් ධාවනය වන සියලු මෝටර් රථ නිෂ්පාදනය පමණක් නොව භාවිතය ද නවතා දැමෙනු ඇත. ජපන් අග්‍රාමාත්‍ය සුගා පවසා ඇත්තේ ඉදිරි වසර 10 ඇතුළත පොසිල ඉන්ධන මෝටර් රථ නිෂ්පාදනය අඩු කරමින්, ඒ වෙනුවට විද්‍යුත් සහ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථ නිෂ්පාදනයට ජපන් සමාගම් යොමු වනු ඇති බවය.


    ජපන් රජය ගත් මෙම තීරණය ලෝකයේ යහපත වෙනුවෙන් ගත් වැදගත් තීරණයක් බව පරිසරවේදීහු පවසති. කාබන් විමෝචනය අවම කරමින්, ගෝලීය උණුසුම පිටුදැකීමට, 2015 දී ප්‍රංශයේ පැරිස් නුවර දී අස්සන් කළ පැරිස් සම්මුතියට ජපානය ද ඇතුළත් වෙයි. පැරිස් සම්මුතියේ ඉලක්ක සම්පූර්ණකර ගැනීමට නම්, ගෝලීය වශයෙන් මෝටර් රථ සම්බන්ධයෙන් සීමා පැනැවීම කළ යුතුය යන්න පැරිස් සම්මුතියට අයත් රටවල පොදු මතය වී තිබේ. පැරිස් සම්මුතියට අනුව, ඊට එක්වී සිටින ලොව ප්‍රධාන රටවලට කොන්දේසි හෝ සීමා පැනැවීම් සිදු කෙරෙන්නේ නැහැ. ඒ ඒ රටවල් තම අභිමතය පරිදි ගෝලීය උෂ්ණත්වය අවම කර ගැනීමට ක්‍රියාමාර්ග අනුගමනය කරයි. එම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වසර පහෙන් පහට වාර්තාවක් විශේෂඥ කමිටුවකට ඉදිරිපත් කළ යුතු වෙයි.
     
    • Like
    Reactions: NRTG and castellain

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඕවා ගැන, ලෝකේ ඉදිරියේ වෙන්නේ මේවා ඒවට අපේ රටත් සුදානම් වෙන්න කියලා ත්‍රෙඩ් කීපයක් මමත් දැම්මා ඒවා එහෙම්ම යට ගියා නිකන්වත් ඒවා කවුරුවත් උඩට ගන්නේ නැහැ