මචං... නෙලුම්කුලුන විවෘත උනා.. නෙලුම්කුලුණට නැගල කැරකෙන අවන්හලෙන් ලන්ච් එක ගන්න උඹටත් මටත් ආසාවක් නැතුවම නෙමෙයි.. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනව.. සල්ලි නෑ.. අපි කාටද බනින්න ඕනෙ.. ??
රජයට...? නෑ..
විපක්ශයට...? නෑ..
මහින්දට...? නෑ..
චීනෙට...? නෑ..
බැනගනින් උඹටම.. ඇයි.. ???
හෙට දවසෙදි නෙලුම්කුලුන උඩට නැගල කැරකෙන අවන්හලෙන් කෑමකන උන් ලංකාවෙ නැතුව නෙමෙයි මචං.. ඉන්නවා.. ඕනතරම් ඉන්නවා.. පට්ට සල්ලිකාරයො.. මතක තියාගනින් මචං උන්ගෙන් බහුතරය පටන්ගත්තෙ උඹයි මායි පටන්ගත්තු තැනින්ම තමා කියල.. හැබැයි අපි රිවස් එකට යද්දි උන් ඉස්සරහට ගියා.. උඹල අපි කෙහෙල් ලෙල්ල වගේ ලයිෆ් එක ලෙස්සල යවන්න ක්‍රම හොයද්දි උන් අමු කට්ට කෑව.. උඹල අපි සැප ජොබ් හොයද්දි උන් අමු දුක් වින්දා.. හැබැයි ඔලුවෙන් ගේම ගැහුවා.. සැප විඳින්නනම් දුක විඳින්නම ඕනා කියල උන් හොඳට දන්නව මචං.. ඒකෙ ප්‍රතිඵලය.. සැප ජොබ් හොයපු අපි තාම දුක වලඳද්දි දුක් විඳපු උන් හෙට.... නෙලුම්කුලුනෙන් ලන්ච් එක ගන්නව බං..
වරෙන් සැප ජොබ් එකකට ඉන්ටව් යනගමන් නෙලුම්කුලුන දිහා බලන් කයියක් ගහන්න..
( දේශපාලන පෝස්ට් එකක් නෙමෙයි මචං.. අපි ගෙවන ජීවිතේ ඇත්තටම අපිට වැරදුන තැන ගැන කතාකරපු පෝස්ට් එකක්.. තේරුම්ගනිල්ල මොලයක් තියන උන්.ජෙප්පෝ හැර.
.)# දිනේශ් චතුරංග #





මොන මගුලකට ඕපන් කරාද මන්දා..
යකෝ තවම කුළුණේ තීන්ත ටිකවත් ගාල නෑ හරියට බාගයයි ගාල තියෙන්නේ..
දවල් වෙලාවක කුළුණ ලගට ඇවිත් බැලුවෙත් හොඳට පේනව ඒක...

අපිට යන්ඩ සල්ලිත් නෑනෙ..