ලොකයේ සත්ත්වයන්ගේ ආරමිභය පිළිබදව හොදම විස්තරයක් සොයාගත හැකි වනුයේ දිඝ නිකායේ 24 වන පාඨික සුත්‍රයේය. ඒ අනුව මෙ ලොව සත්වයින් කිසියමි ඊශ්වර කෙනෙකු හෙවත් මැවුමිකරැවෙකු විසින් මවන ලද බව ට වු මතය බ්‍රහ්ම ලොව බබුන් අතර මුලින්ම පහල වි පසුව මිනිස් ලොවට පැමිණියක් බව එහි දක්වා ඇත.
ඒ කථාව මෙසේය,
මෙ ලොකය සැම කාලයකම මෙ ආකාරයෙන් පවතින්නේ නැත. ඉතා දිර්ඝ කාලයකට පසු එය විනාශ වන්නේය. ඒ වකවානුවෙදි සත්වයන්ගෙන් බොහොම දෙනෙකේ ධ්‍යාන භාවනා වඩා ආභස්සර නමින් හැදින්වෙන භ්‍රහ්ම ලොව උපදියි. එහි සත්වයන්ගේ ආහාරය වන්නේ ප්‍රිතියයි. ඔවුන් තමාගේ ශරිරවල ආලොකයන් ඇතිව, අංකාර වස්ත්‍රාභරණ වලින් සැරසි, විසිතුරැ උයන් වල දිර්ඝ කාලයක් වාසය කරයි. මෙසේ දිර්ඝ කාලයකට පසු නැවතත් ලොකය හට ගන්නා කාලය පැමිණේ, එහිදි අහසේ කොටසක කිසිවෙකු නොමැති බ්‍රහ්ම විමානයක් පහල වෙයි. ඉන්පසු ආභස්සර බ්‍රහ්ම ලොකයේ උපන් බ්‍රහ්මයන් අතරෙන් අයෙක් පින් කෙලවර වි හෝ ආයුෂය ගෙවිමෙන් එම ලොවින් චුතවි, අලුත පහල වු බ්‍රහ්ම විමානයේ උපදියි. ඔහු ආභස්සර බඹ ලොව සිටියාක් මෙන්ම ප්‍රිතිය ආහාරය වශයෙන් ගෙන, අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසි, අහසින් ගමන්ගනිමින් රමණිය වු උද්‍යාන වල හුදෙකලාව වාසය කරමින් සිට, දිර්ඝ කාලයක් ගතවිමෙන් පසු "මා මෙන්ම තවත් සත්වයෝ මෙ ලොව සිටියානමි හොදයැයි සිතති"
මෙ ආකාරයට සිතන අතර, ආභස්සර බඹ ලොව කර්මය හා ආයුෂය ක්ෂය වු වෙනත් බ්‍රහ්මයෝද දෙවනුව පහල වන ලද බ්‍රහ්ම විමානයේ උපදියි. එම බ්‍රහ්ම විමනේ දෙවනුව උපන් බ්‍රහ්මයෝද ප්‍රිතියම ආහාරය කොට, ප්‍රභාවත් ශරිර ඇතිව අහසින් ගමන් කරිමෙ හැකියාවද ඇතුව සිටියද, අර පළමුව උපන් බ්‍රහ්මයාට වඩා අඩු ආයු කාලයකින් යුක්ත වෙයි. ශරිර ප්‍රභාවෙන් මද වෙයි. එම නිසා පළමුව බ්‍රහ්ම විමානයේ උපන් බ්‍රහ්මයා සිතනුයේ "මෙම සියලු බ්‍රහ්මයන් අතරින් පළමුව උපන්නේ මමය. මා ප්‍රාර්ථනය කල පසු අන් අය උපන්නේය. ඔවුන් උපන්නේ මාගේ ප්‍රාර්ථනය නිසාය. එම නිසා මැවුමි කාරයා වන්නේ මමය. සියල්ල දන්නා පුද්ගලයා වන්නේ මමය."යැයි ඔහු වරදවා සිතනු ලබයි. අනිත් බ්‍රහ්මයොත් ඔවුන් උපදින විට මෙම බ්‍රහ්මයා සිටි බැවින් හා අන් සියලුම බ්‍රහ්මයන්ට වඩා ඔහු ආනුභාව සමිපන්න බැවින්. ඔවුන්ගේ මැවුමි කරැ මෙම මුලින් පහලවු බ්‍රහ්මයා යැයි පිළිගනු ලබයි. මෙ බ්‍රහ්ම ලොව සත්වයින් මැවිවාය යන දෘෂ්ඨිය ඇතිවු ආකාරයයි.
මෙසේ කාලයක් ගතවු පසු බ්‍රහ්ම ලොව අල්ප ආයුෂ ඇති බඹුන් එයින් චුතවි මිනිස් ලොව උපත ලබයි. එයිනුත් සමහරැන් ගිහිගෙයින් නික්මි වනගතව තපස් රැක, ධ්‍යාන උපදවනු ලබයි, එයිනුත් සමහරෙක් පෙර
ජාතින් සිහිකල හැකි විශේෂ ඥානයන් උපදවයි. එසේ එම ඥානය උපදවනු ලැබුවත් එය දුර්වල ඥානයක් බැවින් ඔවුන් තමාගේ පෙර භවය වු බ්‍රහ්ම භවය පමණක් දකි. එහිදි බ්‍රහ්ම ලොවදි මහ බබු ඔවුන් මැවිවාය කියා ගෙන තිබු මිත්‍යා දෘශ්ඨිය නැවතත් ගෙන, ජනයාට මෙසේ ප්‍රකාශ කරණු ලබයි, " මා විසින් මහත් විර්‍ය උපදවා පෙර ජාති සිහි කල හැකි නුවනක් උපදවනු ලැබිය. එය නිසා මට පෙර ජාතින් දැකිය හැක. මෙ ලොකයේ උපත සිදුවුයේ මෙසේය. "එක්තරා බ්‍රහ්ම ලොවක් ඇත. ඒ බඹ ලොව සියල්ලන්ටම වඩා තේජසින් වැඩි, සියල්ලන්ටම ප්‍රථම පහලවු බ්‍රහ්ම රාජයෙක් ඇත. ඔහු විසින් අන් සත්වයින් මවුනු ලැබිය. අපි ඔහු මෙන් නිත්‍ය නොවෙමු. ඔහු සදා කල් සිටින්නෙක්ය" ලෙස ජනයාට පවසයි ජනයා විසින් මෙය පිළිගැනිමත් සමග මැවිමි වාදය ලොව පුරා පතල විය. මෙම මැවිමි වාදයත් බුද්ධ කාලින සමාජය තුල වු වැරදි දෘශ්ඨින් හා වාද 62 ක් පිළිබදව ත් විස්තර සුත්‍ර පිටකයේ, දීඝ නිකායේ, එන බ්‍රහ්ම ජාල සුත්‍රයේ ඉතා අලංකාර ලෙස බුදුපියානන් වහන්සේ විසින් දේශණය කර ඇත. මෙම දෘශ්ඨින් බුද්ධ දර්ශනය විසින් ප්‍රතික්ෂශ්ප කරණු ලබයි. මිට අමතරව මෙ සදහා දිඝනිකායේ 1 වන බ්‍රහ්මජාල සුත්‍රය කියවන්න.
බුදු සරණයි!
*** APAYA BALANNA METHANATA ENNA ***
***LOKA WINAASHAYA SIDUWANA HATI ***
*** SANSARAYE AAYU KALAYA ***
අවුරුදු~5000~වුන තැන සහ අපේ පින්බිම්
භූමිකම්පා_සිදුවන හැටි බුද්ධ දේශනාවෙන්
මත්පැන් නොගැනීමෙන් ඇතිවන හොද ප්‍රතිපල
මතු බුදුවන මෛත්‍රී බෝදිසත්ව
**පන්සිල්~සුරැකීම** නිසා ඔබට සිදුවන හොද
කාම සංසර්ගය ගැන බුද්ධ දේශනාව
ධම්ම_පදය
~ BUDDHA CHARITHAYEN BIDAK ~
පිරුවන පොත් වහන්සේ DOWNLOAD කරන්න
*** PIRITH SUTHRA | DOWNLOAD | ***
http://www.budurashmiya.net/
Last edited:
