මේ නොවෑම්බර් 26 වෙනිදාට ඔබ නික්ම ගොස් වසර හතක්
අම්මා වන් මවුබිමට ඇති ආදරයක සීමා මායිම් නොමති බව නිහඩවත් තිර ලෙසත් පසක් කර දුන් අසමාන වීරයා අපෙන් සමු ගත්තේ අද වැනි දිනකය.
එනම් වසර 2008 නොවැම්බර් 26 වැනිදා ඔබ මව්බිම වෙනුවෙන් අවසන් සුසුම කැප කෙලේ මව්බිම වන් අම්මා වෙනුවෙන් පුතකුට කල හැකි උපරිම කැපවීම කරමිනි.
ආදරණිය බිරිදගේන් වෙන්ව සතුරු බිමේ නොපෙනන මානයක දෑඩිකරගත් බිරිදට ඇති අපමන ආදරයත්, තම ආදරවන්තියගේ කුසමත වැඩෙන පියකුගේ සෙනෙහසත් මව්බිමට කැපකල හැක්කේ කලාතුරකින් පහලවන මිනිසුන්ට පමනි.
ලලිත් ඔබ කාන්තිමත් උදාතරුවක් සේ මවිබිමට ආදරය කරන්නට නැවත නැවතත් අප හදවතට ආලොකය , අධිෂ්ඨානය ලබා දෙයි. හිරු නැගෙන විටත් බැසයන විටත් අප ඔබ සිහි කරන්නෙමු. ඔබේ පුංචි දු කුමාරිගේ ජිවිතය සුවපත් වෙවායි අප පතන්නෙමු.
එවන් මිනිසුන් අප අතරට උවමනා යුගයක ලලිත් ඔබ අප හැර ගියේ, හත් රියන් පොස්ටර මත සිනහව පුරුද්දාගත් ශ්වෙත පිරුවටයෙන් කිලිටි ආත්මය වසාගත් විලි බිය රහිත උන්දෙස උපෙක්ශාවෙන් බලන දෙපා අහිමි රණවිරු තරුණයෙකුගේ දෙනෙත් වල ලියවුන මව්බිම වෙනුවෙන් කල අසමාන කැපවීමෙ වෙදනාව මා හදවත කම්පාවට පත් කරයි.
අප වෙනුවෙන් මියෑදුන , නොමල දහස්වර මැරිමැරි උපදින ඔවුන්….
අප වෙනුවෙන් කල කැපවීම අසීමාන්තිකයි.
හිරු නැගෙන විට්ත් බැසයන විටත් මව්බිම වෙනුවෙන් දිවිදුන් මිනිසුන් සිහිකරමු
අප සියලුදෙනා රණවිරුවන්ගේ ජිව්ත වලට ශාන්තිය උදාවෙවායි පතමු.
වීරයන් සඳාකාලික තාරකාවන්මය .... ලලිත් ඒ අතර කාන්තිමත් උදා තරුවකි
උපුටාගැනීමකි



