LTTEයට විෂ දුන්නාද?
පුනරුත්ථාපනය වූ එල් ටී ටී ඊ සාමාජිකයන් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීම සදහා අමෙරිකානු විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් උතුරු පළාතට පැමිණ තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පැමිණ සිටින බවයි උතුරු පළාත් සභාව රැස්වූ අවස්ථාවේදී අනාවරණ වී ඇත්තේ.
එම පළාත් සභාවේ ඉල්ලීමක් මත පැමිණ සිටින මෙම කණ්ඩායමට රාජ්‍ය නොවන සංවිධානයක් මගින් අවශ්‍ය වියදම් දරණ බවද මෙහිදී අනාවරණ වුණා. උතුරු පළාත් සභා සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් මේ බව ප්‍රකාශ කර ඇත්තේ දෙමළ ජාතික සන්ධාන මන්තී‍්‍ර එම් කේ සිවාජිලිංගම් නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්.
එහිදී සිවාජිලිංගම් මන්තී‍්‍රවරයා ප්‍රකාශ කර ඇත්තේ පුනරුත්ථාපනය වූ එල් ටී ටී ඊ සාමාජිකයන්ගේ ශරීරවලට විෂ එන්නත් කොට ඇත්දැයි සොයාබැලීම කඩිනම් කළයුතු බවයි. ඒ පිළිබදව කලබල නොවිය යුතු බවත් අමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක් අදාළ පරීක්ෂණ කටයුතු සිදුකරගෙන යන බවත් පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
පුනරුත්ථාපනය වූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයන්ගේ ශරීරවලට විෂ එන්නත් කොට ඇත්දැයි සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට උතුරු පළාත් සභාවට පසුගියදා යෝජනාවක් ඉදිරිපත් වුණා.
මුලතිව් දිස්ති‍්‍රක් පළාත් සභා මන්තී‍්‍ර ටී. රවිහරන් සකස් කළ එම යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කළේ පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් විසින්. පුනරුත්ථාපනය වූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයන් 107 දෙනෙකු හදුනා නොගත් රෝගයකින් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි ටී. රවිහරන් මීට පෙර ප්‍රකාශ කළේ.
nethfm