LTTEයට විෂ දුන්නාද?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    LTTEයට විෂ දුන්නාද?

    පුනරුත්ථාපනය වූ එල් ටී ටී ඊ සාමාජිකයන් විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්කිරීම සදහා අමෙරිකානු විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් උතුරු පළාතට පැමිණ තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පැමිණ සිටින බවයි උතුරු පළාත් සභාව රැස්වූ අවස්ථාවේදී අනාවරණ වී ඇත්තේ.

    එම පළාත් සභාවේ ඉල්ලීමක් මත පැමිණ සිටින මෙම කණ්ඩායමට රාජ්‍ය නොවන සංවිධානයක් මගින් අවශ්‍ය වියදම් දරණ බවද මෙහිදී අනාවරණ වුණා. උතුරු පළාත් සභා සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ දෙමළ ජාතික සන්ධාන මන්තී‍්‍ර එම් කේ සිවාජිලිංගම් නැගූ ප‍්‍රශ්නයකට ප‍්‍රතිචාර දක්වමින්.

    එහිදී සිවාජිලිංගම් මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කර ඇත්තේ පුනරුත්ථාපනය වූ එල් ටී ටී ඊ සාමාජිකයන්ගේ ශරීරවලට විෂ එන්නත් කොට ඇත්දැයි සොයාබැලීම කඩිනම් කළයුතු බවයි. ඒ පිළිබදව කලබල නොවිය යුතු බවත් අමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක් අදාළ පරීක්‍ෂණ කටයුතු සිදුකරගෙන යන බවත් පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.

    පුනරුත්ථාපනය වූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයන්ගේ ශරීරවලට විෂ එන්නත් කොට ඇත්දැයි සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවට උතුරු පළාත් සභාවට පසුගියදා යෝජනාවක් ඉදිරිපත් වුණා.

    මුලතිව් දිස්ති‍්‍රක් පළාත් සභා මන්තී‍්‍ර ටී. රවිහරන් සකස් කළ එම යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කළේ පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් විසින්. පුනරුත්ථාපනය වූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයන් 107 දෙනෙකු හදුනා නොගත් රෝගයකින් ජීවිතක්‍ෂයට පත්වීම හේතුවෙන් මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි ටී. රවිහරන් මීට පෙර ප‍්‍රකාශ කළේ.



    nethfm
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බන් උන් කොටි එක්ක ඉන්න කාලේ සයනයිඩ් කරේ එල්ලන් නෙ හිටියේ. ඒවා විස වෙලාද දන්නෙත් නෑ බෙල්ලේ එල්ලන් ඉඳල. අනික අවුරුදු ගානක් හරියට කන්න නැතුව බොන්න නැතුව බෙහෙත් හේත් නැතුව කැලේ ආයුධ වෙඩිබෙහෙත් එක්ක ඉඳල මොන මොන ලෙඩ හදාගෙනද දන්නෙත් නෑ. දැන් හදිස්සියේ මෙයාලට උණ හෙම්බිරිස්සාව තිබ්බත් කියයි හමුදාව ඉන්ජෙක්ෂන් ගහල කියල. :oo:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    dan oya ekek dennekta unma toxic eka inject karagena test ekata giyoth ?

    ඇයි බන් උන් කොටි එක්ක ඉන්න කාලේ සයනයිඩ් කරේ එල්ලන් නෙ හිටියේ. ඒවා විස වෙලාද දන්නෙත් නෑ බෙල්ලේ එල්ලන් ඉඳල. අනික අවුරුදු ගානක් හරියට කන්න නැතුව බොන්න නැතුව බෙහෙත් හේත් නැතුව කැලේ ආයුධ වෙඩිබෙහෙත් එක්ක ඉඳල මොන මොන ලෙඩ හදාගෙනද දන්නෙත් නෑ. දැන් හදිස්සියේ මෙයාලට උණ හෙම්බිරිස්සාව තිබ්බත් කියයි හමුදාව ඉන්ජෙක්ෂන් ගහල කියල. :oo:

    :yes::sorry: