LTTE තමිලිනී විසින් ලියන ලද පොතක් එළියට
බයියෝ Please
කලක් එල්.ටී.ටී.ඊ. කාන්තා දේශපාලන අංශයේ නායිකාව ලෙස ක්‍රියා කළ සුබ්‍රමනියම් ශිවකාමි හෙවත් තමිලිනී විසින් ලියන ලද පොතක් ලබන පෙබරවාරි මාසයේදී දෙමළ බසින් එළි දැක්වීමට නියමිතව තිබෙනවා.
මේ පොතේ සිංහල පරිවර්තනය ලබන අප්‍රේල් මාසයේදී එළි දැක්වෙන බවත් වාර්ථා වනවා.
පොත විකිණීමෙන් ලැබෙන ආදායම මහරගම පිළිකා රෝහලේ ළමා වාට්ටුවේ අවශ්‍යතා වෙනුවෙන් වැයකරන ලෙසයි ඇය සිය අවසන් කැමැත්තෙන් ඉල්ලා තිබෙන්නේ.
1991 ජූලි 27 එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ වූ තමිලිනී යුද්ධයේ අවසන් සමයේ ආරක්ෂක අංශ භාරයට පත්වූ අතර පුන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වසර දෙකහමාරක පමණ කාලයක් පුනරුත්ථාපනය වීමෙන් අනතුරුව 2013 වසරේ ජූනි මාසයේදී මුදා හැරුණා.
පුනරුත්ථාපන කඳවුරේ ගතකළ කාලයෙන් වැඩි කොටසක් ඇය ගතකර තිබුණේ සිංහල භාෂාව ඉගෙන ගැනීම සඳහායි.
පරන්තන්හි පදිංචිව සිටි 43 හැවිරිදි තමිලිනී පසුගිය ඔක්තෝබර් 14 වැනිදා මහරගම ජාතික පිළිකා රෝහලේදී ජිවිතක්ෂයට පත්වුණා.
ජිවිතයේ අවසාන කාලයේදී, සිංහල සහ දෙමළ ජාතින් අතර සුහදත්වය වර්ධනය කිරීම පිළිබඳව ඇය නිතරම සිය සමීපතමයන් සමඟ පවසා තිබුණා.
මිය යාමට පෙර ඇය ලියූ අවසන් වදන් අතර “මෙවන් උතුම් මිනිස්සු පිරිසකට එරෙහිව අවි එසවීමට සිදුවීම ගැන කනගාටුවෙනවා” යනුවෙන්ද සටහනක් වූ බවටත් වාර්තා වනවා.

thanks