LTTE_නිල_නායකයා_ආණ්ඩුවේ_KP.
එල්ටීටීඊ සංවිධානයේ නායකයාව සිටි වේලුපිල්ලෙයි ප්රභාකරන් මියයාමෙන් පසුව එහි නිල නායකත්වයට පත්වූ කේපී හෙවත් කුමරන් පද්මනාදන් මේ වනවිටත් එහි නායකත්වයෙන් ඉවත්වී නැති බව අනාවරණය වේ.
යුද්ධය අවසන් වූ ආසන්න කාලයේ තායිලන්තයේදී අත්අඩංගුවට ගත් කේපී එම සංවිධානයේ ජාත්‍යන්තර නායකයා සහ ජාත්‍යන්තර මුදල් එකතුකරන්නා මෙන්ම ජාත්‍යන්තර අවි ජාවාරම් කරුවා වශයෙන්ද ක්‍රියා කරමින් සිටියදී එල්ටීටීඊ නායකත්වයටද පත්විය.
ජාත්‍යන්තර පොලීසිය (Interpol) මගින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙරටට ගෙන්වාගෙන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සෘජු අධීක්ෂණය යටතේ තබාගෙන සිටියේය. ඒ අතර කේපීගේ බිරිඳද තායිලන්තයේ සිට ගෙන්වාගත්තේය.
පසුගිය උතුර පළාත් සභා මැතිවරණ සමයේදී ඔහු සිවිල් පුරවැසියෙකු බවට පත් කර උතුරේ පදිංචියටද අවස්ථාව ලබා දී දැන් එහි ආණ්ඩුවේ නිල නොවන නියෝජිතයෙකු වශයෙන් ක්‍රියා කරයි. නමුත් ඔහු තවමත් එල්ටීටීඊ සංවිධානයේ නිල නායකයාද වේ.