Luxturna injection එක_කෝටි_13යි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ලොව මිලෙන් අධිකම ඖෂධය, එක් මාත්‍රාව කෝටි 13යි !


    images.jpg

    ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරිය විසින් අලුත් ජාන ප්‍රතිකාරයක් සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා. Luxturna ලෙස හඳුන්වන එම ඖෂධය නිපදවා තිබෙන්නේ ප්‍රවේනිගත අන්ධ භාවයට ප්‍රතිකාරයක් ලෙසයි.

    එය ලොව මිලෙන් අධිකම ඖෂධය ලෙස හැඳින්වූවාට වරදක් නැහැ. මොකද එක් ඖෂධ මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් 850,000ක් පමණ වෙනවා. රුපියල් වලින් නම් 130,823,500ක් තරම් මුදලක්. Spark Therapeutics සමාගම එම ඖෂධය වෙළඳ පොල වෙත හඳුන්වාදීමට සැලසුම් කරගෙන සිටියේ ඩොලර් මිලියන ගණනකටයි.

    නමුත් සෞඛ්‍ය නිලධාරීන්ගේ බලපෑම මත ඔවුන්ට එය ඩොලර් 850,000ක් දක්වා අඩු කිරීමට සිදුවුනා. එසේ වුනත්, එය ලොව මිලෙන් අධිකම ඖෂධය බවට පත්ව සිටිනවා.

    ප්‍රවේනිගත සෞඛ්‍යය තත්වයක් සුවකිරීමට වෙළඳ පොළ වෙත හඳුන්වාදුන්, ලොව ප්‍රථම ජාන ප්‍රතිකාරය මෙයයි. Luxturna ජාන ප්‍රතිකාරයට ප්‍රවේනිගත අන්ධ භාවයෙන් පෙලෙන ඇමරිකානු ජාතිකයින් සිය ගණනක් සුවකිරීමට හැකිවී තිබෙනවා කිව්වොත්, ඔබ පුදුමයට පත්වේවි.

    103671688-6ED3-REQ-GeneTherapy-052716.600x400.jpg

    මෙය ප්‍රවේනිගත අන්ධ භාවය සුව කිරීමට එක් වරක් පමණක් එන්නත් කරන ඖෂධයක් කිව්වොත් නිවැරදියි. එම එන්නත තුල අන්තර්ගත වෙන වයිරසය ප්‍රවේනිගත අන්ධ භාවයෙන් පෙලෙන රෝගියාගේ අක්ෂි පටක තුලට ආදේශන ජාන රැගෙන යාමට සමත් වෙනවා. එක් ඇසක් සඳහා වූ එන්නතේ වටිනාකම ඩොලර් 425,000යි. රුපියල් වලින් නම් 65,411,750 තරම් මුදලක්. ඇස් දෙකටම ඩොලර් 850,000ක් තරම් මුදලක් අවශ්‍ය වෙනවා.

    ඉතින් මෙම ඖෂධය දුප්පතුනට මිලදී ගැනීමට තියා හිතන්නවත් බැරි විදියේ වටිනාකමක් ඇති ඖෂධයක් බව ඔබට පෙනෙනවා ඇති.

    ඖෂධ වල මිල ගණන් ඇමරිකානු රජය විසින් නියාමනය කරන්නේ නැහැ. එම නිසා තමන්ට කැමති මිලක් ඖෂධයකට නියම කරන්නට අදාළ සමාගමට පුළුවන්. එම නිසා එම සමාගම් අදාළ ඖෂධය සඳහා මෙතරම් මුදලක් අය කරන්නේ ඇයිද යන්න පැහැදිලිව විස්තර කරන්නේ නැහැ.

    spark-therapeutics-luxturna-box-900x600-650x435.jpg

    Spark Therapeutics සමාගම නම් පවසන්නේ ඔවුන්ගේ Luxturna ඖෂධය ගෙවන මුදලට වටිනා එකක් බවයි. ඔවුන් පවසන පරිදි එක් වරක් ලබාගත් විට එම ඖෂධය මුළු ජීවිත කාලයටම බලපවත්වන බවත්, නැවත වරක් මිලදී ගැනීමට අවශ්‍ය නොවෙන බවයි.

    ඊට අමතරව එම සමාගම විසින් පහසු ගෙවීමේ ක්‍රමයක්ද රෝගීන් සඳහා හඳුන්වාදී තිබෙනවා. ඒවගේම එම ඖෂධයෙන් ඇස් වල පෙනීම නොලැබුනොත්, ඉන් සැලකිය යුතු කොටසක් නැවත ගෙවීමටද එකගවී තිබෙනවා.

    ඇතැම් විට අනාගතයේදී එහි මිල ගණන් අඩු වෙන්නට පුළුවන්. නමුත් දැනට නම් එහි වටිනාකම ඩොලර් 850,000ක් හෝ රුපියක් කොටි 13ක් තරම් අගයක් ගන්නවා



    source
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,539
    113
    Colombo
    මම හිතන්නෙ ඔය ගාන සාධාරන වෙන්න පුලුවන්
    ගොඩක් වෙලාවට ඕක කොපි කරන එකත් Nearly Impossible වෙන්නත් පුලුවන්
    මොකද හරියටම එක Gene එකක් විතරක් වෙනස් කරන්න පුලුවන් ක්‍රමයක් Ingineer කරනවා කියන්නේ පට්ටම අමාරු වැඩක්
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ස්වභාවයෙන් ලැබෙන ඇස් දෙක මිල කරන්න බෑ මේ විදියට බැලුවම:yes::yes::yes:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK





    මම හිතන්නෙ ඔය ගාන සාධාරන වෙන්න පුලුවන්
    ගොඩක් වෙලාවට ඕක කොපි කරන එකත් Nearly Impossible වෙන්නත් පුලුවන්
    මොකද හරියටම එක Gene එකක් විතරක් වෙනස් කරන්න පුලුවන් ක්‍රමයක් Ingineer කරනවා කියන්නේ පට්ටම අමාරු වැඩක්

    ස්වභාවයෙන් ලැබෙන ඇස් දෙක මිල කරන්න බෑ මේ විදියට බැලුවම:yes::yes::yes:

    :shocked::shocked:
    thawa tika kalayak gihin indiankarayo hadai okama godak aduwata.


    :D:D:D
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    මිනිස්සු ඕකෙ ගාන අහල විතරයි පුදුම වෙන්නෙ. Genetic Engineering වල තියෙන complex එක ගැන හිතන්නෙ නැ