ඔතැන ඇත්තටම අත්‍යවශ්‍ය නොවෙන කියල කියන්න අයිටම් එකක් නැති තරම්. කෙනාගෙන් කෙනාට අවශ්‍යතාවය අනුව වෙනස් වෙන්න පුලුවන්. ඒත් අනවශ්‍ය විදියට දේවල් ගන්නව කියන එකෙන් අදහස් කරන්නෙ මේ හොඳට ෆෝන් එකක් තියෙද්දි අලුතෙන් එන මොඩල් එක ගන්නව. ගෙදර ටිවී එක තියෙද්දි ලේටස්ට් එන එක ගන්නව. අන්න ඒ වගේ සල්ලි වැඩි වුණ පිරිසක් අතින් සෑහෙන නාස්තියක් වෙනව ඇති. අන්න ඒව ඕන හරි නම් නවතින්න. වැඩේ තියෙන්නෙ ඒව ෆිල්ටර් කරල අල්ලගන්න විදියක් නෑ නේහ්. ඒ නිසා අත්‍යවශ්‍ය දේවල් ගන්න මිනිස්සුන්ටත් වන්දි ගෙවන්න සිද්ද වෙනව. ඇත්තටම මොබයිල් ෆෝන්, ලැප් ගන්න පිරිස බැලුවොත් 50%කට එහා පැත්තෙ ෂුවර් එකටම අවශ්‍යතාවයකට ගන්න අය නෙමෙයි ඉන්නෙ. ඒ වගේ තමයි හැමදේම. වාහන වුණත් අවශ්‍යතාවයට ගන්න අය ඉන්නව ජොලියට ගන්න අය ඉන්නව.
ඒ ඇරෙන්න, ඇත්තටම වචනෙ අර්ථයෙන් බැලුවොත් මනුස්සයෙක්ගෙ මූලික අවශ්‍යතා වලින් පිට හැමදේම අත්‍යවශ්‍ය නොවන තමයි