M31 vs A51 Vs Note 9 Pro

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේ තුනෙන් මොකක් ගන්නද කියලා හිතාගන්න බෑ නේ. :baffled:
    A51 එක ලස්සනයි වැඩි නමුත් Rs 64,000 කට පට්ට පාඩුයි. Note 9 Pro එකක් ගන්න හිතෙනවා එකේ තියෙන්නේ LCD display එකක්, මම super AMOLED display එකට පට්ට ආසයි, Always on display feature එක මට ඕනේ. A31 එක ලංකාවට තාම ඇවිත් නෑ.
    Galaxy M31 එක ගන්නද? ඒක Rs 51,000 වෙනවා...
    M31s එකෙක් වගේ එකක් ලඟදි එන කතාවකුත් තියෙනවා. :confused:
    පොන්ස් mi 9t බලපන්
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,287
    9,463
    113
    Heaven :p
    මම නම් 2013 ඉඳන් Samsung Super AMOLED Display Use කරන්නෙ. Galaxy S2, S3, S4, Note 3,Note 5, J7 Pro මේ ඔක්කොම පාවිච්චි කරල තියෙනව මේ වෙනකල් ඔහොම Screen Burn සීන් එකක් වෙලා නෑ.

    මම දැන් සති දෙකකට උඩදි වගේ ගත්ත M21 එක. 40ක් වුණා. A Series එකට යන එක තේරුමක් නෑ මම හිතන්නෙ සෑහෙන්න මිල වැඩියි. මම මේ M Series එක එනකල් බලාගෙන හිටිය මොකද A Series එකේ 1080 Display Resolution එන හැම ෆෝන් එකක්ම 50කට කිට්ටු ගානක් වෙනව. කිසිම තේරුමක් නෑ.

    M21 එක නම් පට්ටයි බං. 48MP Camera. Triple Cam. 4GB RAM, 64GB Memory, Front CAM 20MP, 6000mAh Battery, Fast Charging. හැමදේම තියෙනව. කැමර නම් ආයිත් කතාකරන්න දෙයක් නෑ පට්ටම. Always ON Display තියෙනව. Fast Charging පැය 2කට අඩු ගානකින් චාර්ජ් වෙනව. බැට්රි එක නම් ආයිත් කියන්න දෙයක් නෑ. පැය 10කට වඩා ඩිස්ප්ලේ ඔන් එකේ තියාගෙන ඉන්න පුලුවන් දවස් 2කට කිට්ටු වෙන්න.
    මට මේ ෆෝන් එකේ නම් Physically එක අවුලයි තේරුනේ. Plastic Frame එකක් එන නිසා පොඩ්ඩක් Cheap ගතියක් තියෙනව. Software වලින් නම් ටිකක් සැර අවුල් දෙකක් තියෙනව බං.
    Inbuilt Proximity Sensor & Light Sensor තිබ්බත් Software එකේ ඩිටෙක්ට් කරන්නෙ නෑ ඒ සෙන්සර් දෙක. ඒ වෙනුවට Proximity සෙන්සර් එක ගන්න යනව ටච් එකෙන්. ලයිට් සෙන්සර් එකේ වැඩේ කරන්න හදනව Front Cam එකෙන්. ගොඩක් Forum වල තිබ්බ ෆෝන් එක අලුත් නිසා ඊළඟ අප්ඩේට් එකකින් හදයි කියල. M31එකෙත් මේ අවුල් ටිකම තියෙනව මම හිතන්නෙ බං.


    M21 user here ❤️❤️
     
    • Like
    Reactions: Dark9t