Macbook Virusa Guard අවශ්‍යද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,051
    11,868
    113
    මැක් ඒකක් ගත්තා . පලවෙනි වතාවට මචං . වයිරස් ගාඩ් ඒකක් දාගන්න ඒක අනිවාද? දන්නේ නැති නිසයි අහන්නේ !
     
    • Like
    Reactions: kinkon

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    දැනට නම් මාත් Mac එකේ Virus Guard එකක් use කරන්නේ නෑ.
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    අනිවාර්යම නැහැ... අවුරුදු 10 කට වඩා මැක් පාවිච්චි කරල තියෙනව වයිරස් ගාඩ් විශේෂයෙන් පාවිච්චි නොකර.

    නමුත්... මැක් වුනත් 100% ක් ම වෛරස් වලින් ආරක්ෂා වෙනවා කියල කියන්න බැහැ. ඒවාට ආවේණිකව වෛරස් හදන අයත් ඉන්නව. ඒවාටත් ආවේණික හැකින් කරන අය ඉන්නව. හැබැයි ඒවා යම් අරමුණක් උදෙසා කලාතුරකින් සිද්ධ වෙන දේවල්.

    වින්ඩෝස් වලට සාපේක්ෂව බැලුවම... මැක් කිසිම බයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්. වින්ඩෝස් වලට හානි වෙන වෛරස් කිසිම එකක් මැක් වලට ගැටලුවක් වෙලා නැහැ මගේ අත්දැකීම් අනුව.

    නමුත්... අලුතින්ම මැක් වලට යන නිසා... ගාඩ් එකක් පාවිච්චි කරාට කිසිම ගැටලුවක් නැහැ. මැක්වලට එන හොඳ ගාඩ් එකක් දාගන්න.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    බොහොම කලාතුරකින් වයිරස් එන්න පුලුවන්. ක්‍රැක් දානවා නං එන්න ලොකු චාන්ස් එකක් තියනවා එහෙම ඉල්ලගෙන දාගන්න ඒවට වයිරස් ගාඩ් වලිනුත් ලොකු ආරක්ශාවක් හම්බෙන්නෙ නැහැ
    සමහර වෙලාවට වෙන වෙන සොෆ්ට්වෙයා වලින් සෙකියුරිටි අවුල් එනවා හැබැයි ඒවා හොයාගනිපු ගමන් සොෆ්ට්වෙයා එක වෙන එකක් උනත් ගොඩක් වෙලාවට ඇපල් එකෙන්ම පැච් එකක් දෙනවා ඒවට. ඒක නිසා security updates auto install enable කරලා තියන්න (by default, මේක ඔන් වෙලා තියෙන්නෙ කොහොමත් )

    මගේ පර්සනල් මැක් එකට කවදාවත් වයිරස් ගාඩ් එකක් දාල නැහැ කවදාවත් අවුලක් වෙලත් නැහැ
    ඔෆිස් එකේ මැක් එකට ඔෆිස් එකේ සමහර සෙකියුරිටි සර්ටිෆිකේශන් නිසා ඔෆිස් එකෙන්ම වයිරස් ගාඩ් එකක් දාල තියනවා
     
    • Like
    Reactions: BLJboss