අලුතෙන් එකතු කරපු අල මසාලා හදන පිංතූර ටිකත් එක්කම විසිරිලා තිබූන පරණ ත්‍රෙඩ් කීපයක ඒවා එකට එකතු කලා හැමෝගෙම පහසුවට!!
ඉඩ්ලි සහ තෝසේ කියන්නෙ දකුණු ඉන්දියානු ආහාර දෙකක්.
හදාගන්න ලේසි වගේම පාන් පිටි කෑම කනවට වඩා පෝෂණයෙන් ඉහලයි.
විශේෂයෙන් උදු බාවිතා කරන නිසා ප්‍රෝටීන වලිනුත් සරුයි.
Dosa, අපේ බසින් කිව්වොත් තෝසේ නම් බොහෝ දෙනෙක් හදනවා ඇති.
Idly & Dosa දෙකම එකම ආකරයට මූලික මිශ්‍රණය හදන නිසා දෙකම හදමු!!
උදෑසන ආහාරය සදහා ඉතා උචිතය. කොකනට් චට්නි සහ සාම්බාර් සමග ආහාරයට ගත හැකිය.
මස් කරියක් වුනත් ගැලපෙනවා!!
ඉඩ්ලි සදහා තම්බපු සම්බා සහල්ද තෝසේ සදහා සුදු කැකුලු සහල්ද බාවිතා කරනවා.
සහල් කෝප්ප 2ක්
පොතු ඉවත් කල උදු ඇට කෝප්ප 1ක්
වෙන වෙනම පැය 4-6ක් වතුරේ පොගවා ගන්න.
වතුර සුලු වශයෙන් දමා පෙගුණු සහල් සහ උදු වෙන වෙනම ඝණ පාප්පයක් මෙන් අඹරා ගන්න.
අඹරාගත් සහල් සහ උදු එක්කර යීස්ට් තේ හැදි 1/2ක් මිශ්‍රකර පැය 4-6ක් වත් පිපෙන්න තබන්න.
හොදින් පිපුණු මිශ්‍රණයට ලුණු තේ හැදි 1/2ක් එක්කර වතුර (පොල් කිරිද එක්කල හැකිය) එක්කර ඝණ බැටරයක් සාදා ගන්න.
මේ උපකරණය නම් ඉඩ්ලි හදන්න අවශ්‍යමයි. ඉඩ්ලි කුකර් එකක් නැත්නම් ස්ටීමරය. stainless steel බඩු කඩවල ගන්න තියෙනවා!!
මාජරින් ස්වල්පයක් තැවරූ ඉඩ්ලි තැටි වලව මිශ්‍රණය වත්කර ස්ටීමරය තුල තබා විනාඩි 10ක් පමණ තම්බා ගන්න.
ඉඩ්ලි නම් ලෑස්තියි!!
තෝසේ සදහා ඉඩ්ලි සාදන ආකාරයටම එම මිශ්‍රණය සුදු කැකුලු සහල් භාවිතා කර සාදා ගන්න.
හොදින් පිපුණු මිශ්‍රණය ලුණු තේහැදි 1/2ක් සහ වතුර (හෝ පොල්කිරි) එක්කර තරමක් උකු දියරයක් සේ සාදා ගන්න.
තෙල් මේස හැන්දක් ලිප තබා අබ, කැබලි වලට කඩාගත් වියළි මිරිස් කරල්, කරපිංචා, සහ සිහින්ව ලියාගත් ලූනු ස්වල්පයක් හොදින් බැද තෝසේ මිශ්‍රණයට එක් කරන්න.
රත් වූ තැටියක තෙල් ස්වල්පයක් ආලේප කර හැන්දකින් මිශ්‍රණය වත් කර තුනී කරන්න.
අනෙක් පැත්ත දමා පිස ගන්න.
මේවා කන්න සාම්බාර් සහ අල මසාලා හදමු!!
මුලින් සාම්බාර් හදමු!!
මුරුංගා, වට්ටක්කා, බණ්ඩක්කා, බෝංචි, බටු, අල, කැරට් වැනි එළවලු කීපයක්
මයිසූර් පරිප්පු කෝප්ප 1/2ක්
ඉගුරු, සුදුලූනු, බී ලූනු, අමුමිරිස් , තක්කාලි සහ කොත්තමල්ලි කොල ස්වල්පයක්!!
එළවලු සියල්ල තරමක කෑලි වලට කපා පරිප්පුද එක්කර කහ සහ ලුණු ස්වල්පයක් දමා බෙරිවෙන තෙක් තම්බා ගන්න.
තැම්බුන එළවලු වෙන් කරගෙන පරිප්පු ටික එය තැම්බූ වතුරිව්ම බ්ලෙන්ඩ් කර ගෙන එළවලු වලටම එක්කරන්න.
තෙල් මේස හැන්දක් ලිප තබා අබ සහ වියලි මිරිස් කැබලි ටිකක් එක්කර බැද ගන්න.
කපාගත් බීලූනු, අමුමිරිස්, තක්කාලි, ඉගුරු, සුදුලූනු හා කරපිංචා එක්කර බැදගන්න.
කහකුඩු, මිරිස්කුඩු, අමු තුනපහ කුඩු, ලුණු එක්කර බැදගන්න.
පෙරුම්කායම් තිබේනම් ඇගිලි දෙකට අසුවන තරමේ ප්‍රමාණයක් එක්කරන්න.
තම්බාගත් එළවලු මිශ්‍රණය එක්කරන්න.
ඇඹුල් රස මදිනම් සියඹලා ස්වල්පයක් දමන්න.
කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක් ලිප නිවා එක්කර ගන්න.
ඔන්න දැමම්මා! අල මසාලා හදන හැටි!!
කුඩාවට කපාගත් ලොකු ලූනූ, කොත්තමල්ලි කොළ, කරපිංචා, රම්පේ, කුඩාවට කපාගත් අමු මිරිස්, සුදුලූනූ බිකක් කුඩාවට කපා ගෙන සහ තෙල් මේස හැදි දෙකක්.
අර්තාපල් අල ගෙඩි කීපයක් හොදින් තම්බා පොතු ඇර තරමක කැබලි සිටින ලෙස පොඩිකර ගන්න.
තෙල් ලිපතබා රත්වූ පසු අබ සහ සූදුරු තේ හැදි 1/2ක් බැගින් දමා පුපුරවා ගන්න. එයටම කැබලි ලෙස කඩාගත් වියලි මිරිස් කරල් 2-3ක් එක් කර බැදගන්න.
ලූනූ සහ සුදුලූනූ එක්කර විනාඩියක් දෙකක් බැදගන්න.
රම්පෙ, කරපිංචා, අමුමිරිස් එක්කරගෙන විනාඩියක් පිසගන්න.
පොඩිකරගත් අල, රස අනුව ලුණු, කහකුඩු, අමු තුනපහ කුඩු සහ ඇත්නම් ගරම් මසාලා ඉතා ස්වල්පයක්, උලුහාල් ඇට කීපයක් සහ දෙහි බිංදු කීපයක් එක් කර මධ්‍යම පුමාණයේ රස්නෙන් විනාඩි 2-3ක් පිස ගන්න.
ලිප නිවා කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක් එක් කරගන්න.

Last edited: