Mage 4,000 weni POST 1

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මේ මගේ 4,000වෙනි පෝස්ට් එක

    Internet Security 2010 ප්‍රවේසම් වන්න !!!

    Internet Security 2010 යනු ව්‍යාජ ප්‍රතිවෛරස් වැඩසටහනක් (antivirus program). Internet Security 2010 යන වෛරස් වැඩසටහන Advanced Virus Remover malware නැමති වැඩසටහනේ ක්ලෝනයක් (clone) . මෙම වැඩසටහන් දෙකටම ඇත්තේ එක සමාන පරිශීලක අතුරු මුහුනතක් (graphical user interface) . මෙම වැඩසටහන මගින් විවිධ වර්ගයේ ට්‍රෝජන් (Trojans) වැනි වෛරස් වැඩසටහන් පතුරනු ලබයි . මෙම වෛරස් වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ පැමිණ ප්‍රතිවෛරස් වැඩසටහනක් මෙන් ඔබගේ පරිගණකයේ විශාල ප්‍රමාණයක වෛරස් වැඩසටහන් තිබෙන බවට පෙන්වමින් ඒවා ඉවත් කිරීමට නම් මෙම වැඩසටහන අප්ඩේඩ් ( Update ) කළ යුතු බව පෙන්වමින් Internet Security 2010 වැඩසටහන මිලදී ගත යුතු බව පෙන්වමින් එය මිලදී ගැනීමට පොළබවයි.

    internetsecurity2010.jpg

    IS2010fakealert.jpg

    IS2010activation.jpg



    එසේම වින්ඩෝස් ටාස්ක්බාර් (Windows Taskbar) තුල පහත ආකාරයේ පණිවිඩයක් ද දක්වනු ලබයි.
    IS2010popups.jpg

    මෙය Spyware Doctor with AntiVirus 2010 වැනි මෘදුකාංග යොදාගෙන ඉවත් කළ හැකිය.
    නැතහොත් පහත වෙබ් අඩවියට පිවිසීමෙන් මෙය මෘදුකාංගයක් යොදා නොගෙන ඉවත් කරනා ආකාරය බලාගත හැක.
    http://www.2-spyware.com/remove-internet-security-2010.html
    පහත දැක්වෙන්නේ මාගේ පරිගණකයට අද උදෑසන Internet Security 2010 වෛරසය ඇතුල්වූවිට ගත් පින්තූරයකි.



     
    • Like
    Reactions: BEN TANNYSON

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    තැන්ක්ස් බ්‍රෝ විස්තරේට
    මගෙන් සුබ පැතුම් 4ට