sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මගේ නංගිගේ, කඳුළු වලින් මුතුපොට අමුණා..
ඔබේ කුමරිගේ ගෙල පැලඳුවෙ පෝරුවෙ රන්ඳා..
ඒ කඳුළු යාළුවේ.. මුතු පොටකි අද ඔබේ..
ඇගෙ සුසුම යාළුවේ පවනක්ද අද ඔබේ..

මගේ නංගි එදා ඔබට පිදුව පෙම් කුසුම්..
ඔබෙ දෙපයට පොඩි උනාලු නොපිපෙන විලසින්..
ඔබ එතැනින් තවත් මලෙක සුවඳ පැතුවා නම්..
පින් සිදුවෙයි මගේ නංගි මරලා දැම්මා නම්..

ඒ කඳුළු යාළුවේ.. මුතු පොටකි අද ඔබේ..
ඇගෙ සුසුම යාළුවේ පවනක්ද අද ඔබේ..

ලිපේ ඉදෙන බත ගිලින්න උගුර දෙන්නැතී..
හිතේ තියෙන දුක අහන්න දෙවියො උඩ නැතී..
ඔබේ ලොවට සාපදෙන්න නංගි දෙන්නැති..
අපේ හිතේ ගින්දර ඔබෙ සතුට වෙන්නැතී..

ඒ කඳුළු යාළුවේ.. මුතු පොටකි අද ඔබේ..
ඇගෙ සුසුම යාළුවේ පවනක්ද අද ඔබේ..

ගායනය - විශාරද බස් අජිත්

:dull:
:lol::lol::lol::lol::lol: