34.11 % ලෙස lbw ප්රතිශතයක් සිය කඩුලු ලබාගැනීම් තුල වාර්තාකරගත් ටෙරී ඇල්ඩ'මන් (170 කින් 58ක් ) පන්දු යවන්නෙකු ලෙස ඉහලම lbw ලබාගැනීමේ ප්රතිශතය සදහන් කරගෙන සිටී..මෙම ලැයිස්තුවේ
ඊලගට සිටින්නේ පකිස්ථානයේ, සයිඩ් අජ්මාල්, වකාර් යුනිස් හා වසිම් අක්රම්ය.
ටෙස්ට් ඉතිහාසයේ වැඩිම lbw ප්රමානයක් ලබාගත් පන්දු යවන්නන්
ක්රීඩකයා /කඩුලු ගණන /lbw / lbw ප්රතිශතය
අනිල් කුම්බ්ලේ/619/ 156/ 25.20
මුත්තයියා මුරලිදරන්/ 800/ 150/ 18.75
ෂේන් වෝන්/ 708 / 138/ 19.49
වසීම් අක්රම් /414/ 119/ 28.74
19.94% ක් ලෙස වැඩිම lbw ප්රතිශතයක් ලබාගෙන ඇති කණ්ඩායම ලෙස ශ්රී ලංකාව සදහන් වෙද්දී, 19.2% ක් ලෙස බන්ගලියන් එහි 2 වන තැන රැදී සිටියි..මේ අතර එහි 3 වන තැන හිමිවන්නේ
පකිස්ථායටය..වැඩිම ප්රතිශතයක් lbw ලෙස දැවීගිය කණ්ඩායම ලෙස සිම්බාබ්වේ දේශය (20.50 ) සදහන්වෙද්දී කැන්ගරු දේශය (12.48) අවම අගය ලබාගෙන සිටී.
වැඩිම lbw ප්රතිශතයක් සහිත වර්ෂයන්
වසර/ lbw / දැවීයාම්/ lbw ප්රතිශය
1990/ 162 / 767 / 21.12
2012 / 255 / 1306 / 19.53
2003 / 260/ 1347/ 19.30
2016/ 269 / 1444 / 18.63
1980/ 136/ 743 / 18.30
43 ,තරගාවලියක් තුල සදහන් වූ වැඩිම lbw ප්රමාණය ලෙසින් සදහන් වන අතර,මෙය 3 වතාවක් සිදුවී ඇත,එන්ගලන්තය මේ සියල්ලන්ටම දායකවීම විශේෂත්වයක් වන අතර, ඒවා පිලිවෙලින් 1981 අලුබදුන
කුසලානයේදී,2000 කොදෙව් සන්චාරයේදී හා 2011 පකිස්ථාන් සන්චාරයේදී සිදුවී ඇත.
7 වතාවක් මැල්කම් මාෂල් විසින් ඇලන් ලෑම්බ් lbw කරගැනීම එක් පන්දු යවන්නෙකු විසින් නිශ්චිත පිතිකරුවෙකු මෙසේ දවාගත් වැඩිම වාර ගණන වන අතර,6 වතාවක් මෙසේ දවාගැනීම් 4ක් වාර්තාවේ, ඒ
අක්රම් විසින් ශ්රී කාන්ත් , කපිල් දේව් විසින් ඩේවිඩ් ගවර් , මයිකල් හෝල්ඩින් විසින් ග්රැහැම් ගෝච් හා ආතර් මොරිස් විසින් ඇලෙක් බෙඩ්සර් ඒ අතර වේ.
20 වතාවක් 2011 පැවති කොදෙව් පකිස්ථාන ටෙස්ට් තරගයේදී lbw දැවීයාම් වාර්තාවීම මෙහි 20 වතාවක් 2011 පැවති කොදෙව් පකිස්ථාන ටෙස්ට් තරගයේදී lbw දැවීයාම් වාර්තාවීම මෙහි තරගයක ඉහලම
අගයයි..මෙය තරගයකට සාමන්ය 4.5 ක් පමණ අගයක් වාර්තාවේ.
4 වතාවක් කිසිදු lbw දැවීයාමකින් තොරව කඩුලු 40ක් දැවීයාම් ටෙස්ට් තරග වල වාර්තාවන අතර ඉන් 3 ක් 1882,85,95 වසර වලදී කැන්ගරු දේශය හා එන්ගලන්තය අතර වාර්තාවේ..මෙහි අනෙක
වාර්තාවන්නේ 1967 ඉන්දු එන්ගලන්ත ටෙස්ට් තරගයකදීය.
වැඩිම lbw ප්රතිශතයක් වාර්තාවන ක්රීඩාංගන
ස්ථානය/ lbw/ දැවීයාම් /lbw ප්රතිශතය
ඩුබායි ක්රිඩාංගනය/ 81 / 320 / 25.31
සහූර් අහමඩ් චවුද්රි ක්රීඩාංගනය,චිතගොන් /99/ 451 / 21.95
ඉක්බාල් ක්රීඩාංගනය, ෆයිසලාබාද්/ 148 / 722 / 20.50
සරා ඕවල් කොලඹ/ 128 / 639 / 20.03
266 ටෙස්ට් තරගයකදී පිතිකරුවෙකු (ඩේව් හූස්ටන්)
lbw ආකාරයට දැවී ගිය ඉහල ලකුණු ගණන ලෙස සදහන් වන අතර ඒ 1994 ශ්රී ලංකාවට එරෙහිව බුලවායෝ හිදීය.
11 වතාවක් ලකුණු ලබාගැනීමට පෙර lbw වූ කර්ට්නි වොෂ් එහි වාර්තාව උසුලයි,මෙහි 2 ස්ථානයේ සිටින්නේ රංගන හේරත්ය (9).
79ක් සිය නම ඉදිරියේ දවාගැනීම් සදහන් කල ජැක් සෝන්ඩර්ස් ඊට කිසිදි lbw දවාගැනීමක් ලබාගැනීමට සමත් නොවූ අතර,එන්ගලන්ත පිට දග පන්දු යවන්නෙකු වූ බිලී ගේට්ස් ද කඩුලු 50ක් තුල කිසිදු lbw
දවාගැනීමක් සදහන් කරගෙන නොමැතිවීම විශේෂත්වයකි.
#මාධවයා