mahinda hora

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕක ඉතින් අමුතුවෙන් කියන්න ඕනිද?
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    *සත්කාරකත්වය දැරූ පලමු ලෝක කුසලාන තරගාවලියම ජයග්‍රාහනය කිරීම......
    මෙම තරගාවලිය ආරම්භයේදීම කැපී පෙනෙන සිද්ධියක් වූයේ, ශ්‍රී ලංකාවේ පැවති ආරක්ෂක තත්වය අවම බව පවසා ඕස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් ලංකාවට එරෙහිව ලංකාවේදි
    තරගවැදීම ප්‍රතික්ෂේප කිරීමයි..එය ලංකාව වෙත නිතරගයෙන් ජයග්‍රහනය සදහා මග කැපූ තරග දෙකක් වූ අතර, ඉන්දියාව හා පැවති අවසාන පූර්ව තරගයේදීද කලහකාරී ඉන්දීය නරඹන්නන්ගේ
    ක්‍රියාකලාපය හමුවේ ලංකාව වෙත තරග ජයග්‍රහනය පිරිනැමින..
    *ලොව පාසලකට හිමිකාරිතවය ඇති එකම ක්‍රිකට් ක්‍රීඩාංගනය..........
    සුන්දර මහනුවර නගර මධ්‍යයේ පිහිටා ඇති අස්ගිරිය ක්‍රීඩාංගනය ලොව පාසලකට හිමිකම ඇති එකම ටෙස්ට් ක්‍රීඩාංගනයයි..ත්‍රිත්ව විද්‍යාලයට හිමි අස්ගිරිය ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර්
    සංගක්කාරගේද පාසල් ක්‍රීඩාංගනයයි.දිවයින තුල පිහිටා ඇති අනෙකුත් ක්‍රීඩාංගන වලින් සුවිශේෂත්වයක් ගන්නා මෙය වේග පන්දු යවන්නන්ට වැඩි දායකත්වයක් සපයයි..
    *ලෝක උරුම කලාපයක පිහිටි ක්‍රීඩාංගනයක හිමිකාරීත්වය.........
    17 වන සියවසේ ඉදිකෙරුනු ලන්දේසි බලකොටුවක් ආශ්‍රිතව පිහිටි ගාලු ක්‍රීඩාංගනය, ඕනෑම ක්‍රීඩා ලෝලියෙක් තරග නැරඹීම සදහා යාමට දෙවරක් නොසිතන ලැයිස්තුවේ ඉහලින්ම සිටී..මෙය මුල් කාලීනව
    1876 පමණ ඉදිකෙරුනු තුරග තරග පිටියකි.පසුව මෙය නිල වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් බවට පත්වූයේ 1927 බවට වාර්තා වල සදහන්ය..යුනෙස්කෝ (UNESCO)උරුම ප්‍රදේශයක පිහිටි ගාලු ක්‍රීඩාංගනය
    2004 කඩවැදුණු චණ්ඩ සුනාමි රල පෙලෙන් පසුව දිස්වූයේ, සුන් බුන් ගොඩක් ලෙසය.කෙසේ වෙතත් ශේන් වෝන්ගේ හා ශ්‍රීමත් ඉයන් බොතම්ගේ මූලිකත්වයෙන් ,තවත් සංවිදාන රැසක දායකත්වයෙන් ගාලු
    ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණය කිරීමෙන් වර්තමාන තත්වයට ගෙන ඒමට හැකියාව ලැබිනි..මෙම ක්‍රීඩාංගනය ටෙස්ට් තරග වලදී ශ්‍රී ලංකාවට වැඩි සහයක් දක්වන බවට ඉතිහාසය සාක්ශි දරන අතර,පසුගිය
    ඕස්ට්‍රේලියානු තරගයේදී ද එය මනාව දැකගත හැකිවිය.
    *ලෝක කුසලානයක් දිනාගත් මුල්ම ටෙස්ට් වරම් නොලද රට...........
    1979 අයි සී සී ශූරතාවය දිනාගන්නා ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තත්වය ලැබෙන්නේ, 1981 වර්ෂයේදීය..මෙය ටෙස්ට් වරම් නොලත් රටක් ලෙස ලෙස ලැබූ විශිෂ්ට ජයග්‍රහනයක් වන අතර 96 ලෝක විල්ස්
    ලෝක කුසලානය දිනාගැනීමටද මූලික අඩිතාලම වූ බව පෙනී යයි..
    *සියලුම ටෙස්ට් රටවලට එදිරිව ජයග්‍රහන වාර්තාකල තරුණම කණ්ඩායම............
    ශ්‍රී ලංකාව 1981 ටෙස්ට් තත්වය ලැබීමෙන් වැඩි කලක් යාමට මත්තෙන් සියලු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන රටවලට එදිරිව තරග ජයග්‍රහන වාර්තාකල අතර, එසේ වඩාත්ම ඉකමනින් ජයග්‍රහන වාර්තාකල
    කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව වාර්තා පොත් අතරට එක්වෙයි..දැනට ලංකාවට පසු ටෙස්ට් වරම් ලත් ලැයිස්තුවේ සිම්බාබ්වේ දේශය හා බංගලාදේශය පසුවේ..බන්ගලාදේශයට එරෙහිව වැඩිම ටෙස්ට් ජයග්‍රහන
    වාර්තාකර සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, අඩුම ජයග්‍රහන ප්‍රමාණය වාර්තාකර ඇත්තේ කැන්ගරු දේශය සමගය...අනාගතය ගැන සිතන විට සිංහ පැටව්න්ට තවද කැන්ගරු දේශයේ හා පුරසාරම් දොඩවන
    ඉන්දියානුවන්ගේ රටවල් වලදී ටෙස්ට් ජයග්‍රහණයක් ලබාගැනීමට ඉතිරිය..
    *ලොව දෙවනි දීර්ඝතම අඛණ්ඩ ක්‍රිකට් සැනෙකෙලිය..........
    1879 ඇරඹුනු "නිල් මහා සටන" නමින් විරුදාවලි ලත් රාජකීය - තෝමස් දෙවිද්‍යාල වාර්ෂික ක්‍රිකට් ගැටුම දෙවැනි වන්නේ කැන්ගරු දේශයේ ඇල්ෆ්‍රඩ් කුමර විද්‍යාලය හා ඇඩිලේඩියා ශාන්ත පීතර විද්‍යාලය
    අතර 1878 සිට පැවත එන වාර්ෂික ක්‍රිකට් තරගයට පමණි..වාර්ෂිකව පැවත්වෙන මෙම මහා ක්‍රිකට් ගැටුම (big match) සමගාමි අනෙකුත් පාටශාලාන්තර තරග අතර සුවිශේෂි ආකර්ෂනයක් දිනාගෙන
    ඇත..
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    34.11 % ලෙස lbw ප්‍රතිශතයක් සිය කඩුලු ලබාගැනීම් තුල වාර්තාකරගත් ටෙරී ඇල්ඩ'මන් (170 කින් 58ක් ) පන්දු යවන්නෙකු ලෙස ඉහලම lbw ලබාගැනීමේ ප්‍රතිශතය සදහන් කරගෙන සිටී..මෙම ලැයිස්තුවේ
    ඊලගට සිටින්නේ පකිස්ථානයේ, සයිඩ් අජ්මාල්, වකාර් යුනිස් හා වසිම් අක්‍රම්ය.
    ටෙස්ට් ඉතිහාසයේ වැඩිම lbw ප්‍රමානයක් ලබාගත් පන්දු යවන්නන්
    ක්‍රීඩකයා /කඩුලු ගණන /lbw / lbw ප්‍රතිශතය
    අනිල් කුම්බ්ලේ/619/ 156/ 25.20
    මුත්තයියා මුරලිදරන්/ 800/ 150/ 18.75
    ෂේන් වෝන්/ 708 / 138/ 19.49
    වසීම් අක්‍රම් /414/ 119/ 28.74
    19.94% ක් ලෙස වැඩිම lbw ප්‍රතිශතයක් ලබාගෙන ඇති කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව සදහන් වෙද්දී, 19.2% ක් ලෙස බන්ගලියන් එහි 2 වන තැන රැදී සිටියි..මේ අතර එහි 3 වන තැන හිමිවන්නේ
    පකිස්ථායටය..වැඩිම ප්‍රතිශතයක් lbw ලෙස දැවීගිය කණ්ඩායම ලෙස සිම්බාබ්වේ දේශය (20.50 ) සදහන්වෙද්දී කැන්ගරු දේශය (12.48) අවම අගය ලබාගෙන සිටී.
    වැඩිම lbw ප්‍රතිශතයක් සහිත වර්ෂයන්
    වසර/ lbw / දැවීයාම්/ lbw ප්‍රතිශය
    1990/ 162 / 767 / 21.12
    2012 / 255 / 1306 / 19.53
    2003 / 260/ 1347/ 19.30
    2016/ 269 / 1444 / 18.63
    1980/ 136/ 743 / 18.30
    43 ,තරගාවලියක් තුල සදහන් වූ වැඩිම lbw ප්‍රමාණය ලෙසින් සදහන් වන අතර,මෙය 3 වතාවක් සිදුවී ඇත,එන්ගලන්තය මේ සියල්ලන්ටම දායකවීම විශේෂත්වයක් වන අතර, ඒවා පිලිවෙලින් 1981 අලුබදුන
    කුසලානයේදී,2000 කොදෙව් සන්චාරයේදී හා 2011 පකිස්ථාන් සන්චාරයේදී සිදුවී ඇත.
    7 වතාවක් මැල්කම් මාෂල් විසින් ඇලන් ලෑම්බ් lbw කරගැනීම එක් පන්දු යවන්නෙකු විසින් නිශ්චිත පිතිකරුවෙකු මෙසේ දවාගත් වැඩිම වාර ගණන වන අතර,6 වතාවක් මෙසේ දවාගැනීම් 4ක් වාර්තාවේ, ඒ
    අක්‍රම් විසින් ශ්‍රී කාන්ත් , කපිල් දේව් විසින් ඩේවිඩ් ගවර් , මයිකල් හෝල්ඩින් විසින් ග්‍රැහැම් ගෝච් හා ආතර් මොරිස් විසින් ඇලෙක් බෙඩ්සර් ඒ අතර වේ.
    20 වතාවක් 2011 පැවති කොදෙව් පකිස්ථාන ටෙස්ට් තරගයේදී lbw දැවීයාම් වාර්තාවීම මෙහි 20 වතාවක් 2011 පැවති කොදෙව් පකිස්ථාන ටෙස්ට් තරගයේදී lbw දැවීයාම් වාර්තාවීම මෙහි තරගයක ඉහලම
    අගයයි..මෙය තරගයකට සාමන්‍ය 4.5 ක් පමණ අගයක් වාර්තාවේ.
    4 වතාවක් කිසිදු lbw දැවීයාමකින් තොරව කඩුලු 40ක් දැවීයාම් ටෙස්ට් තරග වල වාර්තාවන අතර ඉන් 3 ක් 1882,85,95 වසර වලදී කැන්ගරු දේශය හා එන්ගලන්තය අතර වාර්තාවේ..මෙහි අනෙක
    වාර්තාවන්නේ 1967 ඉන්දු එන්ගලන්ත ටෙස්ට් තරගයකදීය.
    වැඩිම lbw ප්‍රතිශතයක් වාර්තාවන ක්‍රීඩාංගන
    ස්ථානය/ lbw/ දැවීයාම් /lbw ප්‍රතිශතය
    ඩුබායි ක්‍රිඩාංගනය/ 81 / 320 / 25.31
    සහූර් අහමඩ් චවුද්‍රි ක්‍රීඩාංගනය,චිතගොන් /99/ 451 / 21.95
    ඉක්බාල් ක්‍රීඩාංගනය, ෆයිසලාබාද්/ 148 / 722 / 20.50
    සරා ඕවල් කොලඹ/ 128 / 639 / 20.03
    266 ටෙස්ට් තරගයකදී පිතිකරුවෙකු (ඩේව් හූස්ටන්)
    lbw ආකාරයට දැවී ගිය ඉහල ලකුණු ගණන ලෙස සදහන් වන අතර ඒ 1994 ශ්‍රී ලංකාවට එරෙහිව බුලවායෝ හිදීය.
    11 වතාවක් ලකුණු ලබාගැනීමට පෙර lbw වූ කර්ට්නි වොෂ් එහි වාර්තාව උසුලයි,මෙහි 2 ස්ථානයේ සිටින්නේ රංගන හේරත්ය (9).
    79ක් සිය නම ඉදිරියේ දවාගැනීම් සදහන් කල ජැක් සෝන්ඩර්ස් ඊට කිසිදි lbw දවාගැනීමක් ලබාගැනීමට සමත් නොවූ අතර,එන්ගලන්ත පිට දග පන්දු යවන්නෙකු වූ බිලී ගේට්ස් ද කඩුලු 50ක් තුල කිසිදු lbw
    දවාගැනීමක් සදහන් කරගෙන නොමැතිවීම විශේෂත්වයකි.
    #මාධවයා