Maintenance Log

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    බයික් එකක්/වාහනයක් ගත්ත දවසේ ඉදන් maintenance records තියාගන්න ඕනේ. මේ කියන්නේ service එකෙන් wiper & washer switch එකේ එල්ලන tag එක නෙවේ. මම පල්ලෙහා දේවල් දාලා කොල ටිකක් print කරගෙන file එකක් හදාගන්නවා. මේකේ පහත තීරු අඩංගු වෙන්න ඕනේ. මේක තමයි ඊට පස්සේ අපේ වාහනේ log පොත.

    • Date
    • Odometer - mileage එක
    • Job - කරපු repair/maintenance එක මොකක්ද? හෝ ගත්ත බඩු මොනවද?
    • Mechanic - කරේ කොහෙන්ද? කව්ද කරේ? හෝ බඩු ගත්ත තැන
    • Bill No. - හැම බිලක්ම අංක කරලා attach කරන්න. එතකොට වැඩේ පිළිවෙලයි සහ හොයාගන්න පහසුයි
    • Amount - ගිය වියදම හෝ බඩු වල ගණන්
    • Reference - විශේෂ කරුණු, ඉස්සරහට කල යුතු දේවල්, repair එකක් කරනකොට මතු වෙච්ච අලුත් දේවල් වගේ ඒවා උදාහරණ: ඊලග oil change එක කලයුතු km ගණන.

    Log පොතේ අපේ සියලුම repairs maintenance ලියන්න. Accident repairs ඇතුලු සියලුම දේවල් ලියන්න. ලයිසන්, ඉන්සුරන් වියදම්, බදු වගේ සියලුම දේවල් ඇතුලත් කරන්න. මේ file එක අරන් බැලුවම වාහනයට කරපු සියලුම දේවල් හා සියලුම වියදම බලා ගන්න පුලුවන් වෙන්න ඕනේ. හදිස්සියේ එක වගේ repair එකකදී කලින් දාපු බඩු, ගණන් හිලවු, ඊට පස්සේ කොච්චර දුවල තියෙනවද වගේ විස්තර හොයන්න බිල් පෙරලන්න ඕනේ නැහැ. මේකෙන් ඔක්කොම ටක්ගාලා බලන්න පුලුවන්. File කරනකොට උඩින්ම මේ Maintenance කොල ටික තියන්න. ඊට පස්සේ බිල් ටික. ඊට පස්සේ පරණ ලයිසින්, දුම් සහතික, වාහනේ පොත, ට්‍රාන්සර් කරපු කොල, පරණ පොතේ ෆොටෝකොපි, ගත්ත ලියකියවිලි දාන්න. කවදාහරි වාහනේ විකුණුවොත් ගන්න කෙනාට අවශ්ය සියලුම විස්තර log පොතෙන් බලාගන්න පුලුවන් (වාහනේ විකුනනකොට අපි ගත්ත ලියකියවිලි ටික original file එකෙන් අයින් කරලා අලුත් file එකකට දාලා අපි ගාව තියාගන්න. තව ඕකට අපිට ආයේ වැදගත් වෙන ඒවාත් ෆොටෝකොපි කරලා දාගන්න).

    මේක තමයි මමත් වාහන maintain කිරිල්ල ගැන ඉගෙනගත්ත පලවෙනි පාඩම. පලවෙනි bike එක ගත්තට පස්සේ මට මේක කියල දුන්නේ වාහන ගැන ගොඩක් දන්න හා අත්දැකීම් තියෙන කෙනක්.


     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,060
    35,939
    113
    මැදමහනුවර
    BD3Zy0U.png