Make Sri Lanka Great Again [2017 version]

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    පඩ එපා සිංහලුනි, 2500ක ඉතිහාසය පුකේ ගහගෙන ඉඳලා හරි යන්නෙ නෑ.
    රටක් විදියට අපි ගොඩක් පැති වලින් පිටිපස්සෙන් ඉන්නෙ. ප්‍රෞඩ අතීත අභිමානය තවදුරටත් අපේ රටට නැහැ කියන එක තේරුම් අරන්, වර්ථමානය සහ අනාගතය ගොඩනගාගන්නෙ කොහොමද කියලා කතා කරමු.

    මම පරණ Member කෙනෙක් 2009දි දාලා තිබුන post එකකින් පටං ගන්නම්,
    Title: How to develop sri lanka? Pls post your ideas.​

    Sri Lanka is the place like no other...
    :love::love::love:
    අපිට සම්පත් ගොඩක් තියනවා.
    තිබුන ලොකුම ගැටළුව "යුද්ධය" ඉවරයි.
    දැං අපි රට දියුණු කරන්න ඕන කොහොමද?​
    1. පිටරට දේවල් මත රඳා පවතින වෙළදපල නතර කිරීම
    2. සහල් ආනයනය නතර කිරීම
    We must make and be able to feed our own people form our paddy rice.
    Why waste billions to buy rice form other countries?
    As now the north part of the country is free; farmers can make the unsued paddy fields usefull.​
    3. දිනපතා පාවිච්චියට අවශ්‍ය දේවල් රට ඇතුලෙම නිපදවන්නෙ නැත්තෙ ඇයි?
    4. ඇපල් සහ රට දොඩම් ආනයනයට ඩොලර් දහස් ගනන් නාස්ති කරන්නෙ ඇයි?
    We can make our own apples and oranges and other fruit​
    5. වාහන සඳහා ටයර් ගෙන්විය යුතු නැහැ.
    We can make our own.
    Only 60% of tires are made in Sri Lanka that we use.​
    6. හම්බන්තොට වරාය, ගුවන් තොටුපල සහ නොරොච්චෝලේ බලාගාරයෙන් උපරිම වාසි ලබාගැනීම.
    7. මුදල් නාස්තිය නැවැත්වීම
    Specially ministers and parliament MPs
    Cut the wages of minsters​
    8 .උතුරේ තරුණ ප්‍රජාව සංවර්ධන ව්‍යාපෘති සඳහා දායක කරගැනීම.
    9. පුල්මුඩේ සහ උතුරේ ඇති අනෙක් ස්වභාවික සම්පත් වලින් උපරිම ඵල නෙලාගැනීම
    10. රටට අවශ්‍ය වාහන දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම.
    11. තේ වැනි සාම්ප්‍රදායික බෝග වලට සීමා නොවීම.
    [/CENTER][/COLOR]
    පේනවනෙ නේද අපේ බලාපොරොත්තු කුඩු වෙලා තියන ලස්සන?
    මේ වගේ අදහස් තමා රට වෙනස් වෙන්න ඕන කියලා හිතන ගොඩක් අය ලඟ තියෙන්නෙ.
    ආර්ථික විද්‍යාවෙන් මේ ගැන කරපු පුළුල් විචාරයකුත් ඕන නම් බලන්න මේ thread එකේ.
    ඒත් ඇත්තටම මේ වගේ අදහස් වලින් රට වෙනස් කරන්න බෑ.
    :rofl::rofl::rofl:

    ඇයි බැරි? එතකොට මොන වගේ අදහස් වලිංද රට දියුණු කරන්න පුළුවන්?
    :confused::confused::confused:

    මේවා හරි යන්නෑ
    ඇත්තටම මේ දේවල් සාකච්ඡා කරා කියලා වත්, සාකච්ඡා කරලා අපි තීරණයකට ආවා කියලා වත්, ඒ දේවල් ක්‍රියාත්මක කරන්න අපිට බෑ. ඔය ඉහත කියලා තියන දේවලින් වැඩි හරියක් මෙහෙයවන්නෙ දේශ පාළුවෝ. උං කරන්නෙ රටේ ජනතාවට ඕන දේ නෙවේ, උංට ඕන දේ.

    හරි යන දේ
    රටක ජනතාව හැටියට, රටක් දියුණු කරන්න අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් තියනවා. ඒ දේ නොකර, දේශපාලුවෝ මේ රටට හොඳ දෙයක් කරනකල් බලං හිටියොත්, අපි කවදාවත් දියුණු වෙන්නෙ නෑ. (දියුණු වෙලා තියන රටවල් දියුණු වෙලා තියෙන්නෙ, දේශපාලනය නිසා නෙවේ, ඒ රටවල මහජනතාවගෙ උත්සාහය නිසා)
    ලංකාව දියුණු කරන්න නම් වෙන්න ඕන දේ ගප්පියාගෙනුත් අහලා බලන්නකො. කොමඩි පාට් එකක් වගේ පේන්න තිබ්බට, මේ තමා ලංකාව දියුණු කරන්න නම් අත්‍යවශ්‍ය දේවල්.


    ස්වභාවික සම්පත්
    කටාර්, ඩුබායි වගේ රටවල් සංවර්ධිත රටවල් බවට පත්වෙනවා පෙනෙද්දි, දියුණු වෙන්න නම්, ස්වභාවික සම්පත් ඕන කියලා අපිට හිතෙනවා. ඒත් දියමන්ති සහ රත්තරන් සංචිත වැඩිපුරම තියන, වැසි වනාන්තර සහ ආවේනික වානර විශේෂ වැඩිම ගනනක් සිටින කොංගෝව ලොව දිළිඳුම රටවල් 10 අතර තියෙන්නෙ කියන එකත් මතක් කරගන්න ඕන.

    ස්වභාවික සම්පත් නෑ
    ඇත්තටම ලංකාව කියන්නෙ ස්වභාවික සම්පත් වලිං අනූන රටක් කියලා හැමෝම කියනවා නේද? සමහර විට කොංගෝවටත් වඩා? ස්වභාවික සම්පත් තිබුනට, මේ රටවල් දෙකේම යම්කිසි අඩුවක් තියනවා දියුණු නොවෙන්න. ඇත්තටම මේ රටවල් ස්වභාවික සම්පත් වලිං සම්පූර්ණ නෑ. කොච්චර ස්වභාවික සම්පත් තිබුනත්, ලංකාවට වැදගත්ම ස්වභාවික සම්පත නැහැ. "ආකල්ප" තමා වැදගත්ම ස්වභාවික සම්පත. මේ දේ ලංකාවෙ බොහොම දුර්වල සම්පතක්.

    ජපානයේ ආදර්ශය
    ජපානය කියන්නෙ ලංකාව වගේම දූපත් රාජ්‍යයක්. ඒ වුනත් ජපානයට ලංකාවට තරම් ස්වභාවික සම්පත් නැහැ. හොඳ කාලගුණයක්, හිතකර පරිසර තත්වයක් නැහැ. සුනාමි, සුලි කුනාටු, හිම කුනාටු, භූමි කම්පා නිතර නිතර ඇතිවෙන රටක්. ඒ වගේම කවුරුත් දන්නවා. දෙවන ලෝක යුද්දෙන් පස්සෙ ජපානය හිඟන තත්වයට වැටුනෙ, ලෙඩ වුන මිනිස්සු ගොඩකුත් හදාගෙන. ඒත් උං නැගිට්ටෙ, එදා මෙදා තුර උංගෙ තිබුන ආකල්පමය වෙනස නිසා.

    සිංගප්පූරුවේ ආදර්ශය
    ස්වභාවික සම්පත් තියා භූමි ප්‍රමාණයෙන් වත් පෝසත් නැති රටක් තමා සිංගප්පූරුව. ඒත් උං අද ලෝකෙ දියුණුම රටවල් 10 අතර ඉන්නෙ. අපිට හිතාගන්න වත් බැරි තරම් ප්‍රගතියක් මෑත කාලීනව ලඟා කරගෙන. උං දියුණු වුනේ තේ, පොල්, රබර් විකුණලා වත්, රට පුරාම ගාමන්ට් ෆැක්ටරි දාලා වත් නෙවේ. උං දියුණු වුනේ, නව ව්‍යාපාර නිසා. ඉහල වටිනාකමින් යුත් භාණ්ඩ අපනයනය කරන නිසා. ජපානය වගේම වටිනාකමෙන් ඉහල වටිනාකමෙන් යුත් නිෂ්පාදන කර්මාන්ත වලට අත ගහන නිසා.

    මොන වගේ අයද ඕන
    කරන්න ඕන ආකල්පමය වශයෙන් වෙනස් වෙන එකයි. සම්ප්‍රදායික චින්තනයෙන් බැහැර වෙලා, අලුත් විදියකට හිතන්න, වැඩ කරන්න පුරුදු වෙන එකයි. "අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී". මේක කාගෙද කියලා හරියට මතක නෑ. ඒ වුනත්, ලංකාවෙ හිටපු ප්‍රසිද්ධ කෙනෙකුගෙ ප්‍රකාශයක්. ඇත්තටම දියුණු රටවල් කරන්නෙත්, ලංකාවෙ නොවෙන්නෙත් මේකම තමා.
    දොස්තරලා වැඩි වුනාට වත්, ටීචර්ලා, ලෝයර්ස්ලා වැඩි වුනාට වත් රටක් ආර්ථිකමය අතින් දියුණු වෙන්නෙ නෑ. නව අදහස් තියන නිර්මාණ කරුවන් මේ රටට අවශ්‍යයි. ඒ වගේම, මේ රටේ විරැකියාවට විසඳුම් දෙන, අපනයන ක්ෂේත්‍රය වර්ධනය වෙන, නිර්මාණකරුවන්ගේ නිර්මාණ සාර්ථකව වෙලඳපල කරා රැගෙන යා හැකි, නිෂ්පාදන සහ අගය එකතු කිරීමේ ව්‍යාපාර බිහිකරන ව්‍යවසායකයන් තමා මේ රටට වැඩිපුරම අවශ්‍ය.
    ව්‍යවසායකයෝ කියලා මහා පරිමාණ ආයෝජකයන්ම අවශ්‍ය නෑ. මොලේ තියන එවුං මේ ක්ෂේත්‍ර වලට අත ගහන එකයි අවශ්‍යතාවය. පටං ගත්ත ගමං ස්පාඤ්ඤට පිපිඤ්ඤා පටවන එවුංම ඕන නෑ. ඉස්සරලා, තමන්ගෙම පිපිඤ්ඤා වැලක් හිටවගන්න බලන්න. පස්සෙ පුළුවන් පිපිඤ්ඤා බීම කොම්පැනියක් පටං ගන්න. ටිකෙං ටික දියුණු වෙන්න පටං ගත්ත හැටි ගැන මේ කතාවත් කියවලාම බලන්නකො.
    මිනිහෙක්ට දියුණු වෙනවා නම් එක පැපොල් ගෙඩියක් වුණත් ඇති කියලා දැනගත්තේ අද මචන්.. මම නම ගම දාන්නේ නෑ.. මොකද ඒක ඌට හොඳ වෙයිද නැත්ද මම දන්නේ නැති නිසා..

    කොල්ලෙක් ඉන්නවා.. කැම්පස් ගියා.. හැබැයි ගෙදර ආදායම අන්තිමයි.. තාත්තා නෑ.. නංගිලා දෙන්නයි.. තාම ඉගෙන ගන්නවා.. අම්මා ඉඳිආප්ප දානවා මම දන්න තරමින් හන්දියේ කඩේට.. තව ගෙවල් වල වැඩ කරනවා..

    කැම්පස් ගියේ අන්තිම අමාරුවෙන්. ගමේ අය උදව් කලා. ඒත් ඒ උදව් හැමදාම කරන්නේ නෑනේ ගමේ අය. මේ කොල්ලා ඌට ලැබෙන මහපොල එකෙන් භාගයක්ම නංගිලා දෙන්නගේ වියදමට එව්වා..

    කැම්පස් ගිහින් අවුරුද්දක් වගේ යන්න ඇති.. මට මතකයි ඌ වැකේෂන් එකට ගෙදර ආවා.. ඌට මාසයක් තිබ්බා වැකේශන්.. මේසන් බාස් කෙනෙක් ලඟ අත් උදව් දුන්නා.. ලැබෙන සල්ලි වලින් මු පැපොල් හිටෙවලා තිබුනා.. ඒක තමයි ඌ කල මුල්ම ආයෝජනය.. ඌ ආයේ කැම්පස් ගියා.. ඵලදාව අම්මා ගිහින් කඩේට විකිණුවා.. ආපු ආදායම පුතා එනකම් තියාගත්තා.. මාසේට එක පාරක් ආපු එකාට ගෙදර එන්න ආසාව වැඩි වුණා.. මු සති 2න් ආවා.. සුලුවෙන් ලැබුණු ආදායම නැවත කෙලින්ම පැපොල් වගාවට ආයෝජනය කලා..

    කතාව කාලේකට නතර වුණා.. මටත් තියෙන වැඩ එක්ක ඌ හමුවුණේ නැතිව ගියා.. අම්මා කිව්වා යාලුවෙක් ඇවිත් මේ ලියුම දීල මගේ මොබයිල් නම්බර් එක අරන් ගියා කියලා.. මම බැලුවා ලියුම..
    ආරාධනා !!! "සරුකෙත" - ගමේ අස්වැන්න ගමේ ඔබට..

    හරියටම මොකක්ද කියලා තේරුම් ගියේ නෑ..
    ඒත් ඌ වෙනුවෙන් මම පහුගිය බ්‍රහස්පතින්දා උගේ වැඩේට කාලේ වෙන් කලා..
    මම ගියා..
    " මචන් වරෙන් " කොන්ඩේ වවාගත්තු රස්තියාදුකාරයෙක් වගේ පිටට පෙනෙන එකෙක් මට කතා කලා.. ඒ මගේ ආදරණීය මිත්‍රයා..

    මේක තමයි මගේ ශොප් එක.. මගේ ජිවිතේ පලවෙනි වතාවට මම ඒ වගේ එකෙක්ව දැක්කේ.. මට සතුටු හිතුන.. ඌ මාත් එක්ක කතා කරන ගමන් ඌගේ කතාව කිව්වා..

    මචන් කරන්න බැරි දෙයක් නැහැ. උගේ කටින් රත්තරන් වටින වදනක් පිට වුණා..

    අද පොරගේ නංගියි අම්මයි ඒ කඩේ කරගෙන යනවා.. එලවලු පලතුරු තියෙන ෆුඩ්සිටි ටයිප් කඩයක්.. ඌ මාකට් එක අල්ලනව කියලා මම දන්නවා.. උගෙන් එදා මම පලතුරු එලවලු ලොට් එකක් අරගෙන ගෙදර ගියා..

    මචන් මම දැක්ක හොඳම ව්‍යවසායකයා ඌ.. අද හොඳ තැනක ජොබක් කරනවා.. එලවලු පලතුරු වගාවක් තියෙනවා.. අම්මයි නංගියි ලොකු කඩයක් කරනවා.. තව මොනවද කියලා මට හිතුනා..

    ඌ එක්ක බලනකොට ඇත්තටම අපි කවුද.. එහෙම හිතුනා..

    දියුණු වෙන්න කෙටි මඟක් නෑ.. දියුණු වෙන්න වේගවත් වෙන්න ඔනේ නෑ.. සෙමින් පටන් ගන්න.. ලොකු දෙයක් වෙනුවෙන් පොඩි දේවල් වලින් පටන් ගන්න.. උඹලටත් ජය.. !!!

    පොඩි තැනින් පටන් ගන්න. පරක්කු නොවී පටන් ගන්න. ඔබ දැනටමත් රැකියාවක් කරනවා නම් හෝ ඉගෙනගන්නවා නම්, ඔබේම ව්‍යාපාරයකට සිහින මවන්න, ටිකෙන් ටික ඒ වෙනුවෙන් (මුදල් සහ දැනුම) ආයෝජනය කරන්න.

    ක්ෂේත්‍ර
    ව්‍යාපාර පටං ගන්නවා නම්, ගොඩක් පැති තියනවා. DragonDගෙ දියුණු වෙන හැටි thread ටික කියවන්න වටිනවා. අවුරුදු 20ක පොඩි එකෙක් Business ගැන පොතේ දැණුම නැතිව අපූරුවට පොඩි පොඩි ව්‍යාපාට ටිකක් කරගෙන යන හැටි කියවනකොට, business වලට ආස හිතෙයි හැමෝටම.

    ලංකාව තුල පොඩි තැන ඉඳලා මහා පරිමාණ අපනයන ව්‍යාපාර දක්වා දියුණු කරන්න පුළුවන් ක්ෂේත්‍ර විදියට බටහිර විද්වතුන් ඉහලින්ම දකින්නෙ මෙන්න මේ ක්ෂේත්‍ර 3.

    1. තොරතුරු තාක්ෂණ සේවා
    තොරතුරු තාක්ෂණය ආශ්‍රිත සේවා රට තුල ඉඳලා පහසුවෙං වෙනත් රටකට අපනයනය කරන්න පුළුවන් නිසාත්, ලංකාවේ මෑත කාලීනව පරිඝණක දැණුම ඉහල නැගීමත් නිසා මේ ක්ෂේත්‍රයේ අවස්ථා බොහොම වැඩියි. බටහිර රටවල් කැමතියි මේ රට වලින් මේ සේවා ලබාගන්න. මොකද ඔවුන්ට ඒක ලාබයක්. අපටත් ඒක ඇඟළුම් ක්ෂේත්‍රයට වඩා ලාබයක් උපයන්න පුළුවන් තැනක්.​

    2. සංචාරක කර්මාන්තය
    ලංකාවට touristලා එනවා වැඩියි, ඒ වුනාට ආදායම අඩුයි. ඒ මොකෝ? ලංකාව promote වෙන්නෙ backpacking සහ cheap expenses කියන කාරණා වලට විතරයි. ඔය එන සුද්දො ත්‍රී වීලර් වල වත් යන්නෙ නැතිව, පයිං යන එවුං. කඩේට ගිහිං තක්කාලි ගෙඩියයි, කෙසෙල් ගෙඩි දෙකයි අරං යන එවුං. අපි වත් එහෙම ගන්නෙ නෑ කඩේකට ගියාම. ලංකාවට වඩා මාලදිවයිනට touristලා එනවා. මොකද උං හොඳට මාකට් වෙලා තියනවා. ලංකාවට මහ දෙයක් නෙවේ මාලදිවයිනට ගහන එක. ඒකට හරි යන business ආරම්භ වෙන්න ඕන.​

    3. ආහාර ක්ෂේත්‍රය
    හැමදාම හාල් මිලට අඬන්නෙ නැතිව, වෙනත් බෝග සඳහා යොමු වෙන්න ලංකාවෙ සාම්ප්‍රදායික මිනිස්සු කැමති නෑ. උංට ඕන හැමදාම එකම දේ වගා කරලා, දවසින් දවස වැඩි ප්‍රතිලාබ අත් විඳින්න. ප්‍රායෝගිකව ඒක හරිම අසාර්ථකයි. වෙනසකට මුල පුරන්න පුළුවන් කෙනෙක්ට විතරයි දියුණු වෙන්න පුළුවන්. වගාවන් තුලින් මිනිස්සු සාර්ථක වුනත්, අසාර්ථක වුනත්, ආහාර ක්ෂේත්‍රය කවදාවත් අසාර්ථක වෙන්නෙ නෑ. පාර අයිනෙ පොඩි පෙට්ටි කඩේක ආප්ප දාන ඇන්ටි කෙනෙක් වුනත්, ටික දවසකිං ඔළුව උස්සගන්න පුළුවන් ගානට Business එක ගොඩ දාගන්නවා. මහා පරිමාණයෙන් ආහාර ක්ෂේත්‍රයට අත තියන කෙනෙකුට, නව නිශ්පාදනයකට යෑම අත්‍යවශ්‍යයි. සිංගප්පූරුව වගේ රටවල අභ්‍යන්තර ආහාර අවශ්‍යතාව එන්න එන්නම වැඩි වෙනවා. export කරනවා නම්, ඔන්න තැනක්.​

    අනිත් ක්ෂේත්‍ර වලට දැනට potential එක අඩු වුනාට, උනන්දුව, කැපවීම තියන කෙනෙකුට ගොඩ දාගන්න අමාරු නෑ. විශේෂයෙන්ම නිපැයුම් සම්බන්ධ ක්ෂේත්‍ර වලට වැඩි අවස්ථාවක් තියනවා සාර්ථක වෙන්න. ඒ වගේම freelancing service/outsource services වලින් හොඳ විදේශ විනිමයක් රට තුලට ගේන්න පුළුවන්.


    ස්තූති කතාව
    මේක කියවලා, තමන්මගේම කියලා මොනා හරි business එකක් පටං ගන්න හිතුනා නම්, මම මගේ උත්සහය ගැන සතුටු වෙනවා. තැනකට ආවාම, පහල ඉන්න අයට උදව් කරන්න අමතක කරන්න එපා. ලංකාව දියුණු කරන්න අපිට පුළුවන්. මම මොනවද කරන්නෙ කියලා අහන්නත් එපා. කියවපු හැමෝටම ස්තූතියි. අදහස් අගේ කොට සලකනවා. හිමීට මොනා හරි කොටාගෙන යන්න. බම්ප් සහ තැන්ක්ස් නම් නැතත් කමක් නෑ. වචන 5කට වඩා දිග reply විතරක් දාන්න. රෙප් නම් ඕනම නෑ. මගෙ තව පිරෙන්න කොටු නෑ. :D

    ඔබට ජය! රටට ජය!
    - ආදරණීය ජොසී
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඉදිරියේ රාළ;20914830 said:
    රතු මිරිස් කන එක නවත්තලා ඒකෙන් මොළේ ස්නායු දුර්වල වෙන එක මුලින් නවත්තලා ඉන්න ඕනා. එතකොට ඉබේටම ලංකාව දියුණු වෙනවා. :yes:

    හැම වැදගත් ත්‍රෙඩ් එකකම කක්ක කරන්න එපා රාල.:yes::yes:
     

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    ඉදිරියේ රාළ;20914830 said:
    රතු මිරිස් කන එක නවත්තලා ඒකෙන් මොළේ ස්නායු දුර්වල වෙන එක මුලින් නවත්තලා ඉන්න ඕනා. එතකොට ඉබේටම ලංකාව දියුණු වෙනවා. :yes:
    Uba nam maha Moda huththek ban. hama thanama oya rathu miris gon part eka spam karanna epa. :angry:
     
    හැම වැදගත් ත්‍රෙඩ් එකකම කක්ක කරන්න එපා රාල.:yes::yes:
    Uba nam maha Moda huththek ban. hama thanama oya rathu miris gon part eka spam karanna epa. :angry:
    රතු මිරිස් නොකාපු කාලේ ලංකාව පෝසත් රටක්. මම නෙවෙයි රොබට් නොක්ස් කියල තියෙන්නේ. රතු මිරිස් වලින් මානසික ආතතිය වැඩි වෙනවා. එතකොට පෝසත් වෙන්න බෑ. ඒ නිසා එතන මුලින් විසඳගන්නෙ නැතුව වෙන මොකුත් කෙරුවට පලක් වෙන්නෙ නෑ. :yes:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Our one and only hope.
    He is the man who can do this.
    We are with you sir.
    Keep calm and let my3 to do the work.

    sddefault.jpg
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඉදිරියේ රාළ;20914830 said:
    රතු මිරිස් කන එක නවත්තලා ඒකෙන් මොළේ ස්නායු දුර්වල වෙන එක මුලින් නවත්තලා ඉන්න ඕනා. එතකොට ඉබේටම ලංකාව දියුණු වෙනවා. :yes:
    උඹ වගේ රට හරක් ඉන්නකල් මේ රට දියුණු කරන්න බෑ. ප්‍රායෝගික තර්කයක් ඉදිරිපත් කරපං. පරණ පොතක තිබ්බ පලියට ඒක ලෝක පාලක ධර්මය වත්, නිරුත්තර සත්‍ය වත් වෙන්නෙ නෑ. උඹ කියන්නෙ එක පොතක එහෙමත් නැත්තම් දෙකක තියන ඒවා. අපි කතා කරන්නෙ පොත් සීයක දෙසීයක තියන ඒවා. නිකං ලිඳේ ඉන්න ගෙම්බෙක් වෙන්න එපා. උඹේ වෙදකම promote කරගනිං වෙන විදියකට. ගොං ආතල් නම් දෙන්න ලෑස්ති වෙන්න එපා.
     
    ජොසී;20915338 said:
    උඹ වගේ රට හරක් ඉන්නකල් මේ රට දියුණු කරන්න බෑ.
    රෝග නිධානයට ප්‍රතිකාර නොකර, රෝග ලක්ෂණ වලට විතරක් පිළියම් කරලා රටක් දියුණු කරන්නත් බෑ
    ජොසී;20915338 said:
    ප්‍රායෝගික තර්කයක් ඉදිරිපත් කරපං.
    මම නෙවෙයි ඔය තර්කේ ගේන්නෙ. රොබට් නොක්ස් නේ, එයා ආපු කාලෙ ලංකාවේ හිඟන්නො ඉඳල නෑ. ඒ කියන්නෙ ඒ කාලේ රට පෝසත්.
    ජොසී;20915338 said:
    පරණ පොතක තිබ්බ පලියට ඒක ලෝක පාලක ධර්මය වත්, නිරුත්තර සත්‍ය වත් වෙන්නෙ නෑ.
    නමුත් බුදු දහමට පවා එකඟයිනේ, මගේ නොවන රොබට් නොක්ස්ගේ තර්කෙත්
    ජොසී;20915338 said:
    උඹ කියන්නෙ එක පොතක එහෙමත් නැත්තම් දෙකක තියන ඒවා. අපි කතා කරන්නෙ පොත් සීයක දෙසීයක තියන ඒවා.
    ඔය පොත් සීය දේසීය ලියල ඇත්තෙ රතු මිරිස් නොකන උන්. ඒවගේ තියන ඒවා ක්‍රියාත්මක කරන්න නම් මුලින් උන් වගේම රතු මිරිස් නොකා පේ වෙලා ඉන්න ඕනා.
    ජොසී;20915338 said:
    නිකං ලිඳේ ඉන්න ගෙම්බෙක් වෙන්න එපා.
    ලිඳේ ඉඳගෙන කටින් බතල හිටවන්නෙ උඹනේ.
    ජොසී;20915338 said:
    උඹේ වෙදකම promote කරගනිං වෙන විදියකට. ගොං ආතල් නම් දෙන්න ලෑස්ති වෙන්න එපා.
    තිත්ත ඇත්තට මුහුණ දෙන්න පුරුදු වියන්. :yes:
     
    Last edited:

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ඉදිරියේ රාළ;20914982 said:
    රතු මිරිස් නොකාපු කාලේ ලංකාව පෝසත් රටක්. මම නෙවෙයි රොබට් නොක්ස් කියල තියෙන්නේ. රතු මිරිස් වලින් මානසික ආතතිය වැඩි වෙනවා. එතකොට පෝසත් වෙන්න බෑ. ඒ නිසා එතන මුලින් විසඳගන්නෙ නැතුව වෙන මොකුත් කෙරුවට පලක් වෙන්නෙ නෑ. :yes:

    උබ කියන දේ යම් කිසි ගත යුත්තක් තියෙනවා මොකද ඇමරිකාවේ උන් කන්නේ නැහැ නෙ මිරිස් සැර උන් ආස ස්විට් ඉතින්, දියුණුව සාපෙක්ශයි මැටි මොල්ලූ ඉන්නවා , එත් හැමොම වගේ නිවිච්ච පොරවල් ඉන්නේ කලබලයක් නැහැ උබ කියනවා වගේ බඩේ ගිනියම පුක දැවිල්ල කලබලය නැතුව ඇති.
     
    උබ කියන දේ යම් කිසි ගත යුත්තක් තියෙනවා මොකද ඇමරිකාවේ උන් කන්නේ නැහැ නෙ මිරිස් සැර උන් ආස ස්විට් ඉතින්, දියුණුව සාපෙක්ශයි මැටි මොල්ලූ ඉන්නවා , එත් හැමොම වගේ නිවිච්ච පොරවල් ඉන්නේ කලබලයක් නැහැ උබ කියනවා වගේ බඩේ ගිනියම පුක දැවිල්ල කලබලය නැතුව ඇති.
    ඇයි සුද්දො ලංකාවට ඉන්දියාවෙන් මිරිස් ගෙනල්ලා කටට රහට සැරට කන්නයි කියල අන්දවලා, ඒ ඇන්දවිල්ලම සිංගප්පූරුවට නොකළේ ? එහෙ වේලිච්ච මිරිස් කරලක් හොයන්න නෑනෙ. ඒ මොකද ඒ ? :rolleyes:
     

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    ඉදිරියේ රාළ;20914982 said:
    රතු මිරිස් නොකාපු කාලේ ලංකාව පෝසත් රටක්. මම නෙවෙයි රොබට් නොක්ස් කියල තියෙන්නේ. රතු මිරිස් වලින් මානසික ආතතිය වැඩි වෙනවා. එතකොට පෝසත් වෙන්න බෑ. ඒ නිසා එතන මුලින් විසඳගන්නෙ නැතුව වෙන මොකුත් කෙරුවට පලක් වෙන්නෙ නෑ. :yes:
    lanakawa wadawasm yugayak thibba ratak. minissu deuken mirikila duk wida wida jiwath una. danata wada salli balaya thibba un minissunwa thalala pelala dapu ratak. Rajata amithuwanrata witharak nowi game arachchi pawa minissu huragena kala unge ganu dushanaya karana kam asarana wela inna una kalayak. rathu miris kapu nathi hinda da a.. ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොසී ඩ සිල්වෙස්ට්‍රා......
    ත්‍රෙඩ් එක නං සෑහෙන වටින එකක්....
    හැදෙන උන් හැදියව් මේව බලල වත්......
     
    lanakawa wadawasm yugayak thibba ratak. minissu deuken mirikila duk wida wida jiwath una. danata wada salli balaya thibba un minissunwa thalala pelala dapu ratak. Rajata amithuwanrata witharak nowi game arachchi pawa minissu huragena kala unge ganu dushanaya karana kam asarana wela inna una kalayak. rathu miris kapu nathi hinda da a.. ?
    ඒවා අදාළ නෑනේ පෝසත් වීමටයි දියුණු වීමටයි. අනික ඔය පෝසත් දියුණුය කියන රටවල වර්තමානයේත් ඔය කියන දෙවල් වලට හපන් දේවල් සිද්ධ වෙනවා. ඒවා මාධ්‍ය වලින් වාර්තා නොවෙන හිංදා මිනිස්සු හිතන් ඉන්නවා එහෙම දෙවල් ඒ රටවල නෑය කියලා. කෙසේ වෙතත් ඔය කාරණා දියුණුවට වත් පෝසත් වෙන්න වත් අදාළ වෙන්නෙ නෑ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20915463 said:
    ඇයි සුද්දො ලංකාවට ඉන්දියාවෙන් මිරිස් ගෙනල්ලා කටට රහට සැරට කන්නයි කියල අන්දවලා, ඒ ඇන්දවිල්ලම සිංගප්පූරුවට නොකළේ ? එහෙ වේලිච්ච මිරිස් කරලක් හොයන්න නෑනෙ. ඒ මොකද ඒ ? :rolleyes:

    රාල සිංගප්පුරුවේ ඇවිදලා බැලුවද මිරිස් නෑ කියන්නේ, ඉන්දියන් උන් කන්නේ වතුරයි බතුයිද :oo:
     
    රාල සිංගප්පුරුවේ ඇවිදලා බැලුවද මිරිස් නෑ කියන්නේ,
    එහෙ මිරිස් විතරක් නෙවෙයි, දෙහිත් නෑ ලුණුත් නෑ කෑම වල.
    ඉන්දියන් උන් කන්නේ වතුරයි බතුයිද :oo:
    මෙහෙ සයිවර කඩවල තියෙන ඒවාම ටිකක් පොෂ් කරලා තමා එහෙ තියෙන්නේ. හැබැයි සැරට ඇත්තෙම නෑ.