නංගියා මං පෙර කිව් ලෙසට අපේ කවි හූයේ ඕනෑම නිර්මානකරුවෙක්ගේ ගැටලුවකදී මගේ ක්‍රියාකාරී සහභාගිත්වය මං නොවලහා ලබා දෙන්න සැදී පැහැදී සිටිනවා.
නිර්ව්‍යාජ ගැමි පරිසරය හා ආශ්‍රිත කවියක තිබෙනා මට සිලුටු සුන්දරත්වයත්... සමාජ අසාධාරනය හමුවේ කෑකෑරෙන සිත් ඇතිව හීයක වේගයෙන් පිබිදි පෙරට ඒමත් නිර්මාන කරුවෙක් සතු ප්‍රබල ගුණාංඟ..
නිර්මාන කරුවෝ බහුතරයක් හරිම සංවේදී පිරිසක්. මොකද ඔවුන් දකින්නේ හා ලියන්නේ ඇත්ත ඇති සැටියෙන් නිසා..
නංගි අපි අපේ ගමන ස්ථිර අධිෂ්ඨානයෙන් ගල් මුල් වලට මුහුන දෙමින් ඉදිරියටම යමු...
මල් ඇතුරූ මාවතකට වඩා අප පුරුදු පුහුනු විය යුත්තේ ගල් මුල් ඇතුරූ රළු දුෂ්කර මාවතම තෝරා ගැනීමයි.....
ඔබ එම මාවතේ ඉදිරි පෙල ගමන් කරුවෙක් නිසා ඔබ ගැන මා තුල ඇත්තේ මහත් චිත්ත ප්‍රීතියෙකි...
නංගිට ජය..