ah thanx hamotama,job eka set karana eka kiuwa 1i 30k vithara ona wenawa kiyala yanna.



kelinma u gawata set karannam kiwa.oyalata danne widihata meke risk ekak tiyeda..




යන එක හොඳට බලලා පලයන්. මැලේසියා යවනවා කියලා ලංකාවේ බොරුවට සල්ලි ගරනවා. අන්තිමට උඹට එයේ එයාර්පොර්ට් එකේ ලැගලා ඉන්න වෙනවා අන්තිමට එහෙ පොලීසියට මාට්ටු උනොත් මාංචු දාලා උඹව ගෙනියන්නේ. ඒක නිසා වැඩ කරන ප්ලේස් එකේ ජොබ් ඔෆර් එකක් හරි වැලිඩ් වීසා නැතිව යන්න එපා. එහෙම කිව්වේ ඕක රැකට් එකක් වෙන්න පුළුවන් නිසා. මැලේසියා ජොබ් ලේසියෙන් පිට මිනිස්සුන්ට දෙන්නේ නෑ. ඒක මම හොඳට දන්නවා.

මචන් උබ යන්න කලින් Job Agreement එකක් උබට ලැබෙනවා.
මොකද උබ විදෙස සේවා එකේ රක්ෂණයට ලියාපදිංචි වෙන්න යද්දී ඔය Agreement එක ඕනේ.
ඕක මචන් Valid Agreement එකක්නම් අඩුම වශයෙන් මෙන්න මේ කරනා තියෙන්න ඕනේ.
1-උබේ මාසික වැටුප / අතිකාල ගෙවීම්.
2-මසකට වැඩ කල යුතු දින ගණන.
3-වාර්ෂික නිවාඩු.
4-මාසික අමතර ගෙවෙම්
5-මාසික අඩු කිරීම්
6-ආහාර පිලිබදව(සමහ සමාගම් වල උබ වැඩ කරන වෙලාවේ ඒ කියන්නේ බොහෝවිට දවල් කෑම එක නොමිලේ දෙනවා,නැත්නම් සහනදායී මිලට දෙනවනේ අන්න ඒවා)
7-උබට ලැබෙන පහසුකම්(නවාතැන්,ගමනා ගමන පහසුකම්,සෞක්‍ය පහසුකම්)
8-සේවාවෙන් ඉවත් කෙරීම් සිදුවීමට හේතුවන කරුණු.
9-සේවා කාලය අවසානයේදී නෙවත පැමිණීමට ගුවන් පත්‍ර
එක නිසා මචන් මේ කරුණු ඔක්කොම බලල යන තකට යන්න, නැත්නම් උබේ වටිනා ජීවිතේම කැප කරලා යන ගමනේ කිසිම කහටක් තියාගෙන යන්න හදන්න එපා. අනික උබ කරන රස්සාව,ස්ථානය එකී මෙකී නොකී හැම දෙයක් ගැනම උබේ පවුල,දෙමවුපියන් දනුවත් කරලා යන්න.
සුබ ගමනක් වේවා...