Malaysian Job

banda065

Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    colsuba-1112140155_6482897_12012018_RTW_CMY.jpg

    දර්ශන දුර ඈත වැලිකතරේ රැකියාවට යෑමට තීරණය කළේ පවුලේ අගහිගකම් නිසා ය. විවාහ වන විටත් ස්ථිර රැකියාවක් නොමැති දර්ශනට අනාගතය පිිළිබඳ ව බලාපොරොත්තු බොහෝ තිබුණද ඒ බලාපොරොත්තු කිසිදා සැබෑ නොවන සිහිනයක් බවට පත් විය. විවාහ වී වසර කිහිපයක් ගත වන විට ඔවුගේ කුඩා පැලට තවත් අමුත්තියක් එක් විය. පුංචි දියණියට යාන්තම් වයස මාස සය සම්පුර්ණ වන තැන දර්ශන අනාගතය පිළිබඳ තීරණයකට එළැඹිණි. දියණියගේ අනාගතයත් තමන්ට ම කියා නිවසක් තනාගැනීමේ බලාපොරොත්තුව තවත් සිහිනයක් පමණක් ‍ නොවී සැබෑවක් කර ගැනීමේ අරමුණින් දර්ශන දුර ඈත වැලිකතරට යන්නට තීරණය කළේ කිරි කැටි දියණිය පිළිබඳවත් තම බිරියත් වෙනුවෙනි. පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් රැකියාවක් සොයා පිටරට ගිය දර්ශනට අත්විදින්න වුයේ අමිහිරි අත්දැකීමකි.

    අංක 307/1, යද්දෙස්සාව, අතරගල්ල, ගල්ගමුව ලිපිනයේ පදිංචිව සිටි පිටිගල මුදියන්සේලාගේ දර්ශන කුමාර දිසානායක නැමැති අවුරුදු 31 ක් වයසැති ඔහුට අත්වූ ඉරණම පිළිබද මේ දුක්බර කතාව අපට ඇසුණේ ඔහු බොහෝ දුක් වේදනා විඳ ලංකාවට පැමිණි පසුවය. 2016 වසරේ මාර්තු මාසයේ දර්ශන කුමාර මැලේසියාව බලා පිටත් වූයේ එරට නිවසක සේවකයකු ලෙස සේවයට එක්වීම සදහා ය. නමුත් ඔහු විසින් ලබාගෙන තිබූ විදෙස් ගමන් බලපත්‍රයේ යම් ගැටලුවක් නිසා 2016 වසරේම ජූනි මාසයේ නැවතත් ලංකාවට පැමිණ තිබේ. එසේ පැමිණ මෙරට දින දෙකක් ගත වීමට මත්තෙන් එරටින් ලැබී ඇති ටිකක් පතක් මාර්ගයෙන් දර්ශන කුමාර නැවතත් මැලේසියා රටෙහි ඔහු සේවය කළ නිවසට ම පිටත් ව ගොස් තිබේ. දර්ශන තමා මුහුණ පෑ ‍එ් අත්දැකීම පිළිබද සිළුමිණට අදහස් දැක්වුයේ මෙලෙසිනි.

    ‘‘ මගේ බිරිය මට කියපු තොරතුරු වලින් තමයි මමත් ගොඩක් දේවල් දැන ගත්තේ. මම දෙවැනි වතාවේ ලංකාවෙන් ගියාට පස්සෙ එහි දී මොනවද වුණේ කියලා මට මතක නෑ. නමුත් මට ඉන් පස්සේ වුණ යම් යම් සිදුවීම් මතකයි. දෙවැනි වතාවේ ගිහින් ටික දවසක් ඒ ගෙදර වෙන දා වගේම වැඩ කළා. එතැනින් පස්සෙ මට මොනාද වුණේ කියලා මතක නෑ. හැබැයි එහෙ ඉද්දි එක පාරම මම නින්දෙන් ඇහැරුණා වගේ මට දැණුනා. මම අවදි වෙලා බලද්දි මම හිටියෙ රෝහලක වීදුරු පෙට්ටියක් ඇතුළේ. මගේ ඔලුවෙන් ලොකු වේදනාවක් එනවා වගේ මට දැණුනා. සිහිය ඇවිත් ටික වෙලාවක් ගියාට පස්සෙ මම වැඩ කරපු ගෙදර කට්ටිය මාව බලන්න ආවා. මම ඇහුවා ඇයි මම මේ වගේ තැනක ඉන්නෙ කියලා. පස්සේ ඒ අය කිව්වා මට ක්ලාන්තයක් හැදිලා බිම වැටුණා, ඊට පස්සෙ රෝහල් ගත කළා කියලා. ඒත් එක්කම ඒ අය කිව්වා දැන් ඔයාට හොදයි අපි ගෙදර යමු කියලා. ඊට පස්සෙ මම ගෙදර එක්ක ගියා මට මතකයි. ඉන් පස්සෙ මොනවද වුණේ කියලා මතක නෑ. හැබැයි ඊට පස්සෙ කව්දෝ මනුස්සයෙක් මම එක්ක ආවා, ඒ රටේ ගුවන් තොටුපලට. මගේ අතේ සුදුපාට කඩදාසි රෝලක් වගේ එකක් ඔතලා පාස්පෝට් එක මගේ සාක්කුවට දාලා මගේ උරහිසට තට්ටුවක් දාලා කිව්වා, අපි දැන් ලංකාවට යමු කියලා. ඊට පස්සෙ මම ගුවන් යානයට නැග්ගා මට මතකයි. හැබැයි එතනින් පස්සෙ ලංකාවෙන් බහින කල්ම මොකුත්ම මට මතක නෑ. මම ලංකාවට එද්දි මට මොකුත් ම මතක තිබිලා නෑ. අඩුම තරමේ මගේ අම්මා, තාත්තා, සහෝදරයෝවත් මම අඳුරගෙන නෑ. පස්සෙ මෙහෙ රෝහල්වලින් කරපු සැත්කම් එක්ක තමා මේ මතකයවත් මට ලැබිලා තියෙන්නෙ. එහෙ රටින් මගේ හිස් කබල වටේට ම කපපු පාරවල් දැන් වුණත් බලන්න පුළුවන්.

    ‘සමහර දේවල් මගේ මතකයට එන්නෙම නෑ. මම ලංකාවෙන් යද්දි මම වසර 10 කට හදාගෙන ගියපු ගමන් බලපත්‍රය නෙමේ මට එහෙන් එද්දි ලබා දීලා තියෙන්නෙ. මම ආව බලපත්‍රය නිකුත් කරලා තියෙන්නෙ 2017-01-24 කාලය ඉකුත්වීම විදිහට 2017- 04-24 විදිහට සඳහන් වෙලා තියනවා. මම ලංකාවෙන් අරන් ගියපු මගේ සහතික, ඒජන්සිවල රිසිට්, හැඳුනුම්පත වගේ සියල්ල ඒ අය අරගෙන. ඉතිං දැන් මම මානසික ලෙඩෙක් වගේ මට දැනෙනවා. මට මේ රටට එන්න ලබා දීපූ පාස්පෝට් එකේ තියන ඡායාරූපයත් මගේ නෙමේ. ඒකෙ තියෙන මගේ අත්සනත් මගේ සහතිකයකින් අරන් කපලා අලවපු එකක්. මේ වගේ අසාධාරණයක් මට අද වෙලා තියෙන්න. මම ඒ රටේ ඉන්න කාලේ මගේ බිරිය දුරකතන ඇමතුමක් ලබා දුන් අවස්ථාවක ඒ රටේ ගෑණු කෙනෙක් කතා කරලා කියලා මම මැරුණා එ් රටේ භූමිදානය කරලා තියෙන්නෙ කියලා. ඒ කතා කරපු ගෑනු කෙනා සිංහල කාන්තාවක් කියලා තමා මගේ නෝනා මට කිව්වෙ. මට අද වැඩක් කරන්න බෑ; ඇවිදගෙන ගියත් වෙලාවකට වැටෙනවා. මෙහෙ දොස්තරලට පිං සිද්ද වෙන්න අද මගේ ජීවිතේ බේරිලා. ඒත් තව සැත්කමක් කරන්න තියෙනවා. ඒකට ලක්ෂ තුනක විතර මුදලක් යනවා. මට ඒ වගේ මුදලක් එක පාරම හොයාගන්න ශක්තියක් නෑ. “ මට රෝහලට යෑමටවත් මුදල් නැහැ. පන්සලේ හාමුදුරුවෝ තමයි රෝහලට යන්න මුදල් දෙන්නේ.

    දර්ශන මෙරටට පැමිණි පසු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇති අතර අනුරාධපුර සික්ෂණ රෝහලේ දී ඔහුගේ තත්ත්වය සලකා බලා කොළඹ මහ රෝහලට මාරුකර ඇත. වෛද්‍යවරුන් සඳහන් කරන ආකාරයට රෝගියා අදළ රටේහිදී හිස තුළ සිදුකරන ලද සැත්කමකට භාජනය වී ඇතත් ඒ පිළිබඳව නිෂ්චිතව සඳහන් කිරීමට නොහැකිවන්නේ සැත්කම සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් ඔහු සතුව නොමැති වීමයි. කෙසේ වෙතත් කොළඹ මහ රෝහලට මාරුකර හැරීමෙන් අනතුරුව අදාළ සැත්කම පිළිබදව වැඩිදුර පරික්ෂණ සිදු කිරීමෙන් අනතුරුව හිසතුළ වූ ජලය ඉවත් කිරීම සඳහා නලයක් සවිකර ඇත. මේ වන විටත් එම රෝගියා සායන සඳහා සහභාගි වන බව සඳහන් කරයි.

    ඔහු 2017 අගෝස්තු 17 වැනිදා ලංකාවට පැමිණ ඇත. ඔහුගේ නිවැසියන් සඳහන් කරන ආකාරයට ඔහු ලංකාවට පැමිණෙන විට ඔහු සමඟ වෙනත් පුද්ගලයෙක් පැමිණ ඇති අතර පියවී සිහිය නොලද ඔහු අඹන්පොළ දක්වා දුම්රියෙන් ගෙනවිත් දමා ඇති බවට ද තොරතුරු දැන ගන්නට ලැබුණ බව ඔවුන් පවසයි. ඒ පිළිබඳ ඔහුගේ පියා වන පී. එම්. පී. දිසානායක මහතා අදහස් දක්වයි.

    ‘ඇත්තට ම මේ අපේ පුතාද කියලා කාටවත් අඳුර ගන්න බැරි තරම් වෙනස් වෙලා හිටියා. බඩ ඉදිමිලා ඇඟ ඉදිමිලා තිබුණෙ. ඊට පස්සෙ අපි තඹුත්තේගම රෝහලට අරන් ගියා. එතැනින් කිව්වා පුතාගෙ තත්ත්වය ගොඩක් බරපතලයි, ඒ නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට යවන්න වෙනවා කියලා. එතැනින් හැම පරීක්ෂණයක් ම කළා. ඊට පස්සෙ තමා කිව්වෙ පුතාගේ හිසෙන් නහර කොටස් ලබාගෙන ඒ ස්ථාන කිසිම පිළිවෙළක් නැතුව ඇතුළට දාලා ඔළුකට්ට මහලා තියනවා කියලා. ඒ ස්ථානයේ වතුර පුරවලා එක්ස්රේ කාඩ් එකක් ඔලුවට දාලා මහලා තියෙනවා කියලත් කිව්වා. ඊට පස්සෙ කිව්වා දවස් දෙකක් ඇතුළතවත් ඔපරේෂන් නොකළොත් පුතාගේ ජීවිතේ අවධානම් කියලා. ඒත් ඒ වෙලාවේ දොස්තර මහත්තුරු කිව්ව රුපියල් 50000 හොයාගන්න අපිට වත්කමක් තිබුණෙ නෑ. පස්සෙ කොළඹ මහ රෝහලට යවලා ඒ සැත්කම කරලා දුන්නා. මෙයාගෙ ඉතිරි සැත්කමට රුපියල් ලක්ෂ තුනක් විතර යනවා කියලා දොස්තර මහත්තුරු කියනවා. මමයි මගේ බිරියයි දෙන්නට ඇත්තට ම ඒ තරම් මුදලක් හොයාගන්න විදිහක් නෑ. අපි ගොවිතැන් කරලා ජීවත්වෙන මිනිස්සු. ඒ සැත්කමට අපිට උදව් කරන්න පුළුවන් නම් ඇත්තටම ඒක ලොකු පිනක්. මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ලක්වූ දර්ශන කුමාර වෙනුවෙන් හැකි අයුරින් උපකාරයක් කළ හැකිය. ඒ සදහා 0775830753 අංකයෙන් දර්ශන කුමාරගේ පියා සම්බන්ධ කර ගත හැකි අතර 184200180064612 නැමැති මහජන බැංකුවේ ගල්ගමුව ශාඛාවේ ඇති දර්ශන කුමාරගේ ගිණුම් අංකයට ඔබට හැකි පමණින් දායකත්වය ලබාදිය හැකි නම් එය දර්ශනගේ ජීවිතය බේරා ගැනීමට මහත් උපකාරයක් වනු නො අනුමානය.

    දර්ශනට මෙවැනි ඉරණමක් අත්කර දුන් අදාළ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක වෙතැයි දර්ශනගේ මෙන්ම අපගේද අපේක්ෂාවයි.

    පසුබිම් කතාව සහ ඡායාරූප
    ගල්ගමුව සමූහ එම්. එම්. ක්‍රිෂාන්
    සුභද්‍රා දේශප්‍රිය
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Hodak nam wennepa oya sakkilinta..!!!
    Mewage dewal walata adala baladareen nisi piyawara ganna eka awashayama deyak..!
     

    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    Math 2 years hitiya Malaysia wala visath nathuwa henama game ehe tiyenne.godak lankawe minissu innawa ehe anatha wela.monawa hari professional qualifications nathi rassawalata Malaysia yanna epa kiyana ekai mama danna hamotama kiyanne
    :no:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,581
    113
    යකෝ PASSPORT එක එකෙකුටවත් දෙන්න බයයිනේ මේව දකිද්දි :angry:
     

    robert kolla

    Member
    Nov 1, 2016
    110
    29
    0
    danna ekekta malaysia yanna denna epa machanla .professional jobakata yanawanm hodai.ehema nethuwa hotel walai eka eka company wali job walata enawa kiyanne sada anathai.wisheshayen demallu gawa job karanna yannama epa.antima sakkili inne.sehenna dewal mehe dekala tyenwa.ohe un loku loku cn kiyala ewanawa anthimata mehe karanna tyenne anthima jara job.e nisa hodata hoyala nobala machan malaysia yanna epa.
    mehe demallu pattama sakkili.hoda un innawa kalathurakin.
     

    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    danna ekekta malaysia yanna denna epa machanla .professional jobakata yanawanm hodai.ehema nethuwa hotel walai eka eka company wali job walata enawa kiyanne sada anathai.wisheshayen demallu gawa job karanna yannama epa.antima sakkili inne.sehenna dewal mehe dekala tyenwa.ohe un loku loku cn kiyala ewanawa anthimata mehe karanna tyenne anthima jara job.e nisa hodata hoyala nobala machan malaysia yanna epa.
    mehe demallu pattama sakkili.hoda un innawa kalathurakin.

    :yes::yes: