ඉස්සර මාලදිවයින ලංකාවට යටත් වෙලා වගේ ඉදලා තියනවලු. ඒ කාලේ බදු විදියට උම්බලකඩ, කරෝල එහෙම ලංකාවට දුන්නලු
P.S- තව දෙයක් මාළුන්ගේ ලේ වලින් හදපු මස්කට් වගේ දේකුත් බදු විදියට ලංකාවට දුන්නා දේවල් අතර තිබ්බ වගේ කතාවකුත් යන්තං මතකයි. හරියට sure නෑ හැබැයි
මාල දිවයින ලංකාවට යටත්ව තිබුන බවක් නම් මම දන්නේ නැහැ. ඒ උනාට මාලදිවයිනේ මිනිස්සු පොඩි රුවල් ඔරු වල නැගිලා, ලංකාවට වෙළඳාමට එනවා නම් මම දන්නවා.
ඔවුන් උම්බලකඩ, බොන්ඩි අළුවා, ජාඩි වැනි දේ අරගෙන ලංකාවේ නිරිතදිග වෙරළට එනවා. ඉන්පසු මාස කිහිපයක්ම ඔවුන් ගෙනා දේවල් කත් වල පටවාගෙන රට ඇතුලේ ගම්වලට ගොස් ඒවා විකුනනවා. මේ කාලය වනවිට මෝසම් සුළං වෙනස් වෙලා ඔවුනට මාලදිවයින පැත්තට ආපසු යෑමට සුදුසු සුළං ප්‍රවාහයක් ලැබුනාම ආපසු යනවා.
එසේ ආපසු යන්නේ ඒ කාලයේ මාලදිවයිනේ නොතිබුණු, එහෙත් ලංකාවේ තිබුන නොයෙකුත් ද්‍රව්‍ය මිලදී අරගෙනයි. මේ දේවල් 70 දශකයේ මැද වෙනකොට නැති වෙලා ගියා. එකල රජයේ තිබුන සංවෘත ආර්ථිකය නිසා ඔවුනට ලංකාවේදී මිලදී ගත හැකි දේවල් නොමැති වීම මීට මූලික හේතුව ලෙස මම හිතනවා.
පොහොසත් මාලදිවයින් ළමයින් ඉගෙනීමට ලංකාවට පැමිණීමත් බහුලව සිදු උනා. මම පාසල් යන කාලේ රාජකීය විදුහලේ ඉංග්‍රීසි මාධ්‍ය පංතියේ බොහෝ මාලදිවයින් කොල්ලන් හිටියා මතකයි.