Malinga~ගේ~නික්මයෑම..!!

මාලිංගගේ තීරනය

  • වැරදියි

    Votes: 29 19.0%
  • නිවැරදියි

    Votes: 124 81.0%

  • Total voters
    153

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    128438.1.jpg


    Lasith Malinga කියන්නේ අපි කවුරුත් දන්න විදියට ලෝකේ ඉන්න ප්‍රභලතම සහ දක්ෂතම වේග පන්දු යවන්නෙක්. ඔහුගේ ඉරියව්, විලාසිතා මේ සියලුම දේවල් නිසා ඔහු අද සෑහෙන දුරක් ඉස්සරහට ඇවිත් තියෙනව. ඒත් ඔහු තමුන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියට සමු දෙන්න තීරණය කරපු එක නරකයි, අවස්ථාවාදීයි කියන අය බොහොමයක් ඉන්නවා. ඒත් ඇත්ත මොකක්ද කියන එක අපි පොඩ්ඩක් හිතලා බලමු.
    ඕනෑම ක්‍රීඩාවක සම්මත ඉරියවු කිහිපයක් තියෙනවා. ඒ ඉරියවු, තාක්ෂණ යොදා ගැනෙන්නේ ආබාධයක් නොවී, අසාධාරණයක් නැතුව ඒ ක්‍රීඩාවේ යෙදෙන්නයි. ඒ තාක්ෂණයන් නිවැරදිව පාවිච්චි කලාම ආබාධ වලට ගොදුරු වුන, වෙන සහ වෙන්න පුලුවන් සම්භාවිතාව ඉතාමත් අඩුයි. ඒත් Lasith Malinga කියන්නේ ඔය කියන තාක්ෂණයන්ගෙන් බැහැර වුනු,

    128330.1.jpg

    ඔහුගේම රටාවකට ක්‍රීඩා කරන අයෙක්.
    ඒ නිසා ඔහුව ආබාධ වලට ගොදුරු වීමට තිබෙන සම්භාවිතාව හුගාක් වැඩියි. ඒ වගේම වුන අවස්ථාත් බොහොමයි. දවසක් පිට්ටනිය මැද්දේ අව්වේ හිටගෙන ඉන්නවා කියන්නෙ සෑහෙන අමාරු වැඩක්. ඒ වගේම කකුල් වලට සෑහෙන වේදනාවක් ගෙන දෙන්නක්. ඒ අතරේ පන්දුවාර 15ක් විතර පන්දු යවනවා කියන්නේ සෑහෙන අමාරු වැඩක්. ආබාධ තුලින් නිතර පීඩාවිදින ක්‍රීඩකයෙකුට ඕක එතරම් හොද දෙයක් නෙවෙයි.
    මේ වගේ ක්‍රීඩකයින් ඉතාමත් පරිස්සමින් අනාගතයට තියාගන්න ඕනේ. මීට තවත් උදාහරණයක් තමා Shaun Tait. ඔහු ක්‍රීඩා කරලා තියෙන්නේ ටෙස්ට් තරග 3ක් පමණයි. අපේ Lasith Malinga ටෙස්ට් තරග 30ක් පමණ ක්‍රීඩා කරලා තියෙනවා.
    පහතින් දැක්වෙන්නේ


    Shaun Tait ගේ පන්දු යැවීම් පිලිබද දත්ත සටහන (espncricinfo ඇසුරෙන්)
    12181165.jpg


    තාක්ෂණයෙන් අපිට සාපේක්ෂව ඉහල තැනක ඉන්න ඕස්ට්‍රේලියාව තමුන්ගේ ක්‍රීඩකයින් පරිස්සම් කරද්දි, අපි අපේ ක්‍රීඩකයින්ට බනින, අපහාස කරන එක සාධාරණද?
    IPL එකේ මුදල් නිසා ක්‍රීඩා කරන එක නැවැත්තුවා කියලා අපහාස කරන මිනිස්සු මේ පිලිබදත් පොඩ්ඩක් හිතලා බැලුවා නම් නරකද?

    ලංකන්ගොසිප්
     
    Last edited:
    • Like
    Reactions: Zeus

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    IPL එකේ මුදල් නිසා ක්‍රීඩා කරන එක නැවැත්තුවා කියලා අපහාස කරන මිනිස්සු මේ පිලිබදත් පොඩ්ඩක් හිතලා බැලුවා නම්:yes::yes:
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    mama nam hithanne malinga gaththu thiranaya hari !
    anika amathaka karanna epa eya world cup eka patan ganna kalinma kiwwa eya test cricket walin ain wenawa kiyala :)

    eth anemanda ac room wala idala putu rath karana mahathwarun thamanta labena salli kuttiya diha balala balen kattiyawa cricket gassanna yana eka gana :sorry:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    තමංගේ සොඛ්‍යය ගැන තමං හිතලා තීරණ ගන්න වෙනවා..............
    අපි‍ට වගේද මාලංගට ආදරේ කරන එයාගෙම කට්ටිය කවදාවත් කැමති වෙයිද මාලිංගට කරදරයක් වෙනවට..............
    මුකුත් කියන්න බැහැ ඒගැන ඒක නිසා.............
    අනික දැං ඔය රටට මෙච්චර සේවයක් කරපු හමුදා සෙබළුන්ට වෙලා තියන දේ පේනවනේ...........
    ඉතිං මුංට මොනවා හරි වුනොත් කවුරු වගකියයිද ඕවට.................
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    isima deyak hariyata danne anthuw akatha karanna epa ban... uta dawas 5 ekadigata sellam karaddi danahise amaruwa enawalu...T20 mean 1.50 hours of balling..and u ball just 4 overs in tht.. so when compared with tests its nothing..

    there are gud test fast ballers in sl.. test is the best place to create a gud player..so new players should play in test..malinga is gud in ODI and T20 format,,, to keep him playing and longer in cricket its gud tht he retierd from test..

    atleast we wil have him for odi and T20 ... rather thn playing for test and injuring him self..

    and remb he had to stay away for 1.5 years away from all format of cricket after geting injured after a test match..

    as lasith said in an interview..'' others wnt feel the pain in my kness when i wake up early morning next day... ''

    ppl coment after reading alot and knowing the facts...dnt accuse our players without knowing any shit..
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මාලිංගට ටෙස්ට් ක්‍රීඩා නොකරන එක හොඳයි කියලා වෛද්‍ය උපදෙස් ලැබුනේ මීට කලකට පෙරදී.

    මේ ගැන අදහස් දක්වමින් මාලිංග ටෙස්ට් වලින් ඉවත්වෙන්න අදහසක් තියන බව ඉස්සෙල්ලාම කීවේ ඒ කාලයේදී....

    දැන් මේ මිනිස්සු මේ ප්‍රශ්ණය ගැන කතා කරන්නේ හරියට ඊයේ පෙරේදා ආපු එකක් වගේ..:lol:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    නිවැරදියි....
    මාලිංග මේ ආබාධය නිසා කලිනුත් රෙස්ට් කරලා තුබුනා.
    ටෙස්ට් වල මහන්සිය වැඩි නිසා එයාගේ දනහිස් ආබාධය තවත් වැඩි වෙන්න පුලුවන්.
    අන්තිමට ODI වගෙම T20 වලදිත් මාලිංගගේ සේවය නැති වෙනවට වඩා
    ටෙස්ට් වලින් අයින් වෙන්න අරං තියෙන තීරණය හොඳයි.
    IPL සල්ලි නිසා මෙහෙම කලා කියන එක ඉරිසියාවට මෝඩයෝ කියන කතාවක්.