“දැන් අමු අමුවේ මහා කැලෑ කපනවා – අපි ජනාධිපතිටයි රජයටයි මේ වන විනාශය පෙන්නලා දුන්නා”
ස්වභාවික සම්පත් විනාශ කිරීම මෙම කාලය තුළ විශාල වශයෙන් සිදු වන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
රාජ්‍ය නිලධාරීන්ගේ සමඟ අද පැවති හමුවකදී ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ විශේෂයෙන්ම වන විනාශය සහ පරිසර විනාශය සිදුවන බවයි.
පොලිසිය, හමුදාව සහ ගුවන් හමුදාව යොදා ගනිමින් අමු අමුවේ කැලෑ කපන්නන් අත්අඩංගුවට ගත්විට ඔවුන්ට එවැනි විනාශයන් කිරීමට නිත්‍යානුකුල බලපත්‍ර ඇති හෙයින් එවැනි ආකාරයට බලපත්‍ර ලැබෙන්නේ කෙසේදැයි සිතාගත නොහැකි බව ආරක්ෂක ලේකම්වරයා පවසනවා.
මෙවැනි ක්‍රියා කිරීමට බලපත්‍ර ලබාදීමේදී යම් වැරද්දක් සිදුවන බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජය දැනුවත් කර ඇති බවද ඔහු පවසා සිටියා.