margarita pizza(පිට්සා රැජින උපන් හැටි)

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    margarita pizza(පිට්සා රැජින උපන් හැටි)

    flatbread-margherita-pizza-recipe-treasure.jpg


    පිට්සා මාග‍්‍රරීටා යනු ලෝකයේ ජනප‍්‍රියම පීසා වර්ගයයි. 19 වැනි සියවසේ අග භාගය මෙහි උපත සිදුවූ වකවානුවයි. එකළ ඉතාලියේ පාලක පලමුවැනි උම්බර්ටෝ රජතුමාගේ අග මෙහෙසිය වූයේ ප‍්‍රංශයේ දකුණු හා ගිනිකොන දිශාවේ පිහිටි සව්වා නම් පළාතේ උපත ලද මාග‍්‍රට් කුමරියයි.
    ඉතාලිය එකමුතුවී කොළ, සුදු, රතු වර්ණ ප‍්‍රධාන වර්තමාන ඉතාලි ජාතික ධජය ස්ථාපිත වූ එදවස දිනක් උම්බර්ටෝ රජ යුවල ඉතාලියේ දකුණු දිශාවේ පිහිටි නාපෝලි නගරයේ සංචාරයක නිරතවී ඇත්තේය.
    ඒ අතර තුර දිවා අහාරය සදහා කුඩා ආපන ශාලාවකට ගොඩ වැදුණි. විශ්මයට පත් ආපන ශාලාවේ ප‍්‍රධාන අරක්කැමියා රජ පවුලට පිරි නැමිය යුතු රජ භෝජනය ගැන සිතමින් එය සැළසුම් කොට පිළියෙළ කළේය.
    ඒ අනුව ඉතාලි ධජයේ ඇති කොළ වර්ණයට බැසිල් කොළද, සුදු වර්ණයට චීස් ද , රතු වර්ණයට තක්කාලි යුෂද ඇතුළත් පිට්සා වර්ගයක් පිලියෙල කොට රජ යුවළට පිරිනැමීය. එය අනුභව කිරීමෙන් සතුටට පත් මාග‍්‍රට් රැජිනිය විසින් එම රසවත් පිට්සා වර්ගය ගැන මහත් ඉහළින් වර්ණනා කොට ඇත්තේය.
    එයින් සතුටට පත් අරක්කැමියා විසින් එම පිට්සා වර්ගයට මාග‍්‍රට් රැජිනියගේ නම යෙදීය. අද ලොව ජනප‍්‍රියම ඉතාලි ජාතික ආහාරයක් වන පිට්සා මාග‍්‍රරීටා උපත ලැබුවේ එසේය.
    අද ලොව බෙහෝ දෙනා ප‍්‍රංශයේ මාග‍්‍රට් රැජිනිය අමතක කොට පිට්සා මාග‍්‍රරීටා භුක්ති විඳිති. අද ලෝකයේ විවිධ රසයන්ගෙන් පිරි පිට්සා ඇත්තේය. පිට්සාවක් කොතැනින් අනුභව කළද ප‍්‍රනීතය. විවිධ වර්ණයන්ගෙන් පිට්සාව හැඩ වැඩ වන්නේය. උණුසුම් පිට්සාවක් දිවට රස ගෙන දෙන්නේය. ලොකු, කුඩා, තුනී, මහත ලෙසද පිට්සාව පිළියෙළ වේ. එබැවින් වර්තමානයේදි පිට්සාව කාන්තාවට සම කිරීමටද සමහර යුරෝපියෝ පුරුදුව සිටිති. ඉතින් පිට්සාවක රස බැලීමට අකමැති කවරහුද?
     
    Last edited: