Maruna ayata dana dena eka therumak tiyenawada?

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
7dawase dane 3 mase dane kiya kiya daana dena eke therumak tiyenawada?

mage nam mathaya sema kenekma jeewath wela inna kale pin daham karanna ona.
marunata passe wena aya laksha ganan wiyadam karala pin deela wedak tiyenawada?
anika paw weda karala tiyenawanm ewa taman gewanna ona.
monada hithanne e gena?

 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    මෙහමයි මචන්. දානේ දෙන එකෙන් උබලටත් පිනක් ලැබෙනවා, මැරුන කෙනා පින් ගන්න පුලුවන් ආත්මයක නම් ඉපදිලා ඉන්නේ එයා ඒ පින් අනුමෝදම් වෙනවා.

    ජීවත්වෙලා ඉන්න කාලේ මොන පින් කරත් මැරෙන වෙලාවේදී ඒවා මතක්වීමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. වැඩිපුර මතක් වෙන්නේ දරු මල්ලෝ බිරිද සැමියා දේපල වගේ දේවල්. ඒ නිසා මැරුන කෙනෙක්ට පුලුවන් හැම වෙලාවකම දන් දීල පින් දෙන එක හොදයි. හත් දවසේ තුන් මාසේ වගේ සම්මුති වලට සීමා වෙන්න එපා.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මෙහමයි මචන්. දානේ දෙන එකෙන් උබලටත් පිනක් ලැබෙනවා, මැරුන කෙනා පින් ගන්න පුලුවන් ආත්මයක නම් ඉපදිලා ඉන්නේ එයා ඒ පින් අනුමෝදම් වෙනවා.

    ජීවත්වෙලා ඉන්න කාලේ මොන පින් කරත් මැරෙන වෙලාවේදී ඒවා මතක්වීමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. වැඩිපුර මතක් වෙන්නේ දරු මල්ලෝ බිරිද සැමියා දේපල වගේ දේවල්. ඒ නිසා මැරුන කෙනෙක්ට පුලුවන් හැම වෙලාවකම දන් දීල පින් දෙන එක හොදයි. හත් දවසේ තුන් මාසේ වගේ සම්මුති වලට සීමා වෙන්න එපා.
    :yes::yes::yes:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    පිං කියන බෞද්ධ සංකල්පය තියෙන එක හොදයි නැත්නම් පංසල්වල හාමුදුරුවන්ට දානෙත් නෑ පිරිකරත් නෑ.

    බැරක් ඔබාමත් මේ ලඟදි දානයක් දුන්නලු මළගිය ඥාතීන් සිහිකරල ගරුතර සංගරත්නයට ඇමෙරිකාවෙ. :cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,937
    113
    මං අහල තියෙනව මැරුණ කෙනා වෙනුවෙන් අපි දන් දීල පින් අනුමෝදන් කළාට, ඒ පිං ලබාගන්ඩ සීමිත අවස්ථාවක් විතරයි මැරුණ කෙනාට තියෙන්නෙ..
    මනුස්සයෙක් වෙලා ඉපදෙලා නං ඒ පිං වැඩක් නෑ..
    සතෙක් වෙලා ඉපදෙලා නං ඒ පිං වලින් වැඩක් නෑ..
    ඔය වගේ ගොඩක් අවස්ථා වලදි, ඉපදෙන තැන අනුව පිං වලින් වැඩක් නෑ..
    පිං අනුමෝදන් වෙන අවස්ථාවක් තියෙනව, කොහෙද මංද ඉපදුනාම.. ඒක මට හරියට මතක නෑ..
    බුද්ධාගමේ කට්ටිය මේක දන්නව ඇති...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචං, අනිත් ආගම් ගැන මම දන්නේ නැහැ...
    ඒත් බුද්ධාගමට අනුව ගත්තොතින් අපි කරපු පින පව අපි ගෙනියනවා....
    ඉන්නකං කරලා මැරුණම අත අරින්න බැහැනේ...
    ඒ වගේම ඉන්නකං නොකර මැරුණම පින් දහම් කරන්නේ ගොඩක් දෙනෙක් බයට, නැත්නම් සමාජෙන් හොඳ නම ගන්න...
    ඒත් මචං, කොච්චර හොඳ කරලත්, පින් කරලත් එක පවක් නිසා පරලොව ජිවිතේ අසුභ වෙන්න පුළුවන්...
    ඒ දේ වලක්වන්න තමයි ඒ මැරුණ කෙනාට අපි පින් දෙන්නේ...
    පින් දෙන්නෙත් ඒ නමින් මිය පරලොව ගිය කෙනෙක් කියලයි...
    එතකොට හොඳ ආත්මයක් ලබාගන්න බැරිව ඉන්න කෙනෙක්ට උනත් පිහිටක් වෙන්න පුළුවන්...
    මේ ගැන වැඩිය මම දන්නේ නැහැ..
    ඒ නිසා බොරු කියන්න බැහැනේ...
    මැරුණ කෙනාට තමන් හිටපු තැනින් මිදිලා යන්න වෙනවා...
    ගෙවල් දොරවල් වලට පවුලේ අයට ආශාවක් ඇති වෙන නිසා තමයි
    ගොඩක් පවුලේ අය එක්ක ලෙවකාගෙන ඉන්න කට්ටියව ඉස්පිරිතාල වල මැරෙන්නේ....
    නැත්නම් ඒ කට්ටිය ගැන ආශාවක් ඇති වෙනවලු...
    ඉතිං එයාලට ඒ ඇති වෙන ආශාවට විරුද්ධව, එයාලට පින් දීලා යවනවා හොඳ ආත්මයක් ලබාගන්න කියල....
    අහල ඇතිනේ හාමුදුරුවෝ කියනවා...
    දෙවු මිනිස් සැප කෙලවර අමා මහා නිවනින් සැනසීම ලැබේවා....
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    මාත් ඔක තාර්කිකව ඉස්සර හිතපු දෙයක්. මැරිලා දාන දීල පින් අනුමෝදන් කරන්න පුලුවන්නම්, තව කෙනෙක්ට ඒ වගේ පවක් කරලා පව් අනුමෝදන් කරන්න පුලුවන්නේ කියලා.

    පස්සේ තේරුම් ගියේ, මෙතන තියන වෙනම, දෙයක්.. අපි දානයක් දුන්නාම මැරුනු කෙනෙක් වෙනුවෙන් ඒ පින යන්නේ අපිට. ඒත් බුදු දහමේ විශ්වාස කරන්නේ අපි ඒ කරන දේ මියගිය අය බලන් ඉඳල, අනේ හොඳ වැඩක් කියලා ඒකෙන් කොටසක් අනුමෝදන් කරගැනීමයි. හාමුදුරුගොල්ලෝ මේක ලොකුවට මාර්කට් කර්නවා, මොකෝ අපේ මිනිස්සු දානයක් දෙන්නේ ගොඩක් වෙලාවට එකෙක් මලොත්නේ, හැබැයි තම තමන් ජීවත් වෙලා ඉන්න කාලේ රැස් කරගන්න පින් තමයි වඩා වැදගත්. පව් කාරයෙක් වගේ ජීවත් වෙලා මලාට පස්සේ කොච්චර පින් අනුමෝදම් කලත් වැඩක් නෑ
     
    Last edited:

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    ova minissu pina kannai thava thamange hitha hadagannai duka thuni karagannai karana weda neh ban hariyata miniyak kunu wewi thiyenakota geta thiyan andana eka vagemai okath api ewa karanne merichcha ekata nemei ewa karanne api api wenuwenmai namuth eka karanne merichcha kenage account ekata dala
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    මෙහමයි මචන්. දානේ දෙන එකෙන් උබලටත් පිනක් ලැබෙනවා, මැරුන කෙනා පින් ගන්න පුලුවන් ආත්මයක නම් ඉපදිලා ඉන්නේ එයා ඒ පින් අනුමෝදම් වෙනවා.

    ජීවත්වෙලා ඉන්න කාලේ මොන පින් කරත් මැරෙන වෙලාවේදී ඒවා මතක්වීමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. වැඩිපුර මතක් වෙන්නේ දරු මල්ලෝ බිරිද සැමියා දේපල වගේ දේවල්. ඒ නිසා මැරුන කෙනෙක්ට පුලුවන් හැම වෙලාවකම දන් දීල පින් දෙන එක හොදයි. හත් දවසේ තුන් මාසේ වගේ සම්මුති වලට සීමා වෙන්න එපා.
    :yes::yes::yes::yes: pulu puluwan welawata ehema dana dunnama,eken apitath loku pinak hamba wenawa ban,Anika maruna kena pin ganna puluwan thenaka nam inne A pin ayata hamba wenawa,eken ayata hoda uthpattiyak laba ganna puluwan.uba hithana widiha Poddak wenas kara ganin,pulu puluwan welawata pansalata gihin ubata thiyena oya wage prashna hammuduruwo ekka sakachcha karapan,ethakota ubata owa sambanda igena ganna puluwan ;)
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    මචං ප්‍රශ්නේ දැක්කම නම් මල පැන්න. එත් දන්නේ නැති කමට ඇහුව කියල හිතල තරහ නිවගත්ත.

    මචං මොකෙක් හරි මැරුණම දානේ දෙන්නේ මරුන එකාට නෙවෙයි. අනික දානයක් දෙන්න මොකෙක් හරි මැරෙනකන් ඉන්න ඕනෙත් නෑ. උබට හිතෙනවනම් දවස ගානේ හරි කමක් නෑ දාන දීපන්.

    මිනිස්සු මැරුණම හත් දවසෙන් තුන් මාසෙන් අවුරුද්දෙන් අවුරුද්ද දානේ දෙන එක සම්ප්‍රදායක් විතරයි.

    දානයක් දෙන්න සල්ලිම ඕනේ නෑ පුළුවන් මොන විදිහකට හරි දාන දීපන්. හින්ගන්නෙක්ට හරි කමක් නෑ. නමුත් දානය ලබා ගන්න කෙනා සිල්වත් කමින් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ දානේ දෙන කෙනාට ලැබෙන අනිසන්ස වැඩි වෙන්ව.

    දානේ දෙනකොට ගොඩක් අය කරන්නේ හත්මුතු පරම්පරාවෙම මැරිච්ච උන් අරමුණු කරගෙනය, පුතාගේ විබාගේ පාස් වෙන්නය ලෙඩ හොඳ වෙන්නය කියා කියා අරමුණු කරගෙන දානේ දෙනවා එත් එකත් ලොබ කමක් දෙන දෙයට වැඩ දෙයක් බලාපොරොත්තු වෙනවා. එහෙම නෙවෙයි මචං ඔක්කොම අමතක කරලා දෙන දේ පුළුවන් උපරිමයෙන් කිසිම අරමුණක් නැතුව දීපන්. අන්තිමට දානේ ලබාගත්ත කෙනා හරි ස්වාමින් වහන්සේ හරි පින් අනුමෝදන් කරාම හිතින් හිතපන් මේ පින් මලගිය ඇත්තන්ටත් අනුමෝදන් වේවා කියල. එකත් දානයක්. තමන්ට ලැබෙන පිනටවත් ලොබ වෙන්න එපා එකත් අනුමෝදන් වෙන්න පුළුවන් තැනක ඉන්න කෙනෙක් අනුමෝදන් වේවා කියලම ප්‍රර්ථනා කරන්න.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    මෙහෙමයි පින් යන්නේ හරියට අපේ tv එකට සිග්නල් එන විදියට,radio එකට සිග්නල් එන්නේ. අපිට පේන්නැති උනාට ඒවා වැඩනේ එහෙම තමඊ පින් case ekath.
    මිනිසුන්ගේ පින් pau බලාගන්න තමා system එකක් හදල නැනේ. උබ මොකක් හරි එකක් පුලුවන්නම් හදපන්. ගොඩක් scientific la inne පිට රට වලනේ උන් ඕව හදන්නැ උබ මොකක් හරි item එකක් හදපන් අපිටත් බල ගන්න පුළුවන්නේ....
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    දෙන දෙයක් නැති බැරි එකෙක්ට දෙනවනම් හොදයි බන් ..
    අපි දාන කියල දෙන්නේ catering එකකට කියල යාළුවො / නෑයෝ ටිකට රෑ කෑම දෙන එකනේ.. ඔය වැඩේනම් මමත් හෙලා දකිනවා
     
    මෙහමයි මචන්. දානේ දෙන එකෙන් උබලටත් පිනක් ලැබෙනවා, මැරුන කෙනා පින් ගන්න පුලුවන් ආත්මයක නම් ඉපදිලා ඉන්නේ එයා ඒ පින් අනුමෝදම් වෙනවා.

    ජීවත්වෙලා ඉන්න කාලේ මොන පින් කරත් මැරෙන වෙලාවේදී ඒවා මතක්වීමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. වැඩිපුර මතක් වෙන්නේ දරු මල්ලෝ බිරිද සැමියා දේපල වගේ දේවල්. ඒ නිසා මැරුන කෙනෙක්ට පුලුවන් හැම වෙලාවකම දන් දීල පින් දෙන එක හොදයි. හත් දවසේ තුන් මාසේ වගේ සම්මුති වලට සීමා වෙන්න එපා.

    :) :)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    dana denna ona jeewath wela inna unta (mage mathaya)
    maruna ayata pin api denne mokatei.
    jeewath wela inna kale pin karanna ona.moka unath.
    paw weda karala karala apayata giya kiyamu..eeta passe jeewath wena un wate inna unta kanna bonna deela maruna ekata pin denawa ..apayen eida ban goda?
    boru sobhana weda owa.(mage mathaya hode)
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    පින් අනුමෝදන් කිරීම මෙහෙමයි වෙන්නේ
    1 මුලින්ම යමෙකුට අනුමෝදන් වෙන්න හැකි පිනක් අපි උපදවාගත යුතු වෙනවා. අපි පිනක් උපදවා ගන්නේ නැතිව යමෙකුට පින් අනුමෝදන් කරන්න නොහැකියි.
    පිනක් කරනවා කියන්නේ දානයක් දෙනවා කියන එකම නෙමෙයි. පින් ගොඩක් තියනවා එයින් එකක් වෙන්න පුලුවන්. මිය ගිය කෙනෙක්ට පමනක්ම පින් අනුමෝදන් කරනවාම නෙමෙයි ජීවත්ව සිටින කෙනක්ටත් පින් දෙන්න පුලුවන්.
    අපි පිනක් කරනවා කියලා දානයක් දෙනවනම් එය කාරනා 6කින් යුක්ත වෙන්න ඕනි
    1 තමන් සිල්වත් වෙන්න ඕනි
    2සිල්වත් අයට දන් දෙන්න ඕනි
    3දාන වස්තුව ධාර්මික වෙන්න ඕනි
    4ශ්‍රද්ධාව තියෙන්නට ඕනි
    5 හිතේ දානය පිලිබදව ප්‍රසන්න වූ හිතක් තියෙන්න ඕනි.
    6 කර්ම ඵල විශ්වාසය තියෙන්නට ඕනි.
    එහෙම නැති උනොත් අපි කරන දානයෙහි ආනිසංස අඩු වෙනවා.

    අපි මිය ගිය කෙනෙකුට යම් පිනක් අනුමෝදන් කරනවානම් ඒ පින අනුමෝදන් වෙන්න නම් ඒ තැනැත්තා පින් ගත හැකි තැනක ඉන්න ඕනි.
    අපායේ නම් බැහැ. තිරිසන් තතෙකු වී නම් බැහැ. මිනිසෙකු වී නැවත ඉපදී ඇත්නම් බැහැ. දිව්‍යෙලා්කයේ නම් පින් ගන්න එන්නේ නැහැ.
    පින් අනුමෝදන් විය හැක්කේ පරදත්තූපජීවී කියන ප්‍රේතයන්ට පමණයි.

    නමුත් ඔවුන්ට පින් අනුමෝදන් වෙන්න බැරි උනා කියලා පින අපතේ යන්නේ නෑ. ඒක අපට තියනවා.

    පින් කලයුත්තේ ඇයි කියන එක වෙනම පැහැදිලි කල යුතු කාරණාවක්. සම්පූර්ණ කාලාම සූත්‍රය කියෙව්වොත් එයට උත්තරයක් ලැබෙයි. පින නැත්තම් කර්මය පිළිබඳව විස්තර හරියට තේරුම් ගන්න නම් අභිධර්මය චිත්ත චෛතිසික කාන්ඩත් චිත්තවීථි සංග්‍රහයත් බලාගන්න ඕනි