Bruce Banner (Hulk)
සම්පුර්ණ නම : Robert Bruce Banner
අනුවර්ථ නාම : Bruce Banner, Hulk, The Incredible Hulk, David B, Mr. Green, Green Monster, The Big One, The Big Guy
වයස : 45
උපන් දිනය : 1969 දෙසැම්බර් 18
හිමිකම : වෛද්‍ය, Culver University හිටපු සේවක, Avengers හිටපු සාමාජික
පුරවැසිභාවය : ඇමෙරිකානු
චිත්‍රපට : The Incredible Hulk, Thor (සදහන් කිරීමක්), The Avengers, Captain America: The Winter Soldier (සදහන් කිරීමක්) , Avengers: Age of Ultron, Captain America: Civil War (2016),Thor: Ragnarok (2017), Avengers: Infinity War (2018 - 2019)
TV series : Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්), Daredevil (ඡායාරූපයක්)
චරිත නිරුපණය : Mark Ruffalo (2012 - 2019), Edward Norton (2008)
1969 දෙසැම්බර් 18 වැනි බ්‍රහස්පතින්දා උපත ලැබූ Bruce Banner උසස් අධ්‍යාපනය Harvard University එකේ හදාරන ලදී . Willowdale විශ්ව විධයාලයේ තම උපාධිය නිම කල ඔහු Culver University හි උපදේශකයෙකු වශයෙන් කටයුතු කළේය. ඔහු ජීව රසායන විද්‍යාව වගේම න්‍යෂ්ටික භෞතිකවිද්‍යාවන් සදහා විශේෂිත වූ අතර ජෛව විද්‍යා දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙක් වුහ. මේ අතරතුර කාලයේදී ඔහු සම්බන්දවෙනවා ගැමා විකිරණ සම්බන්ද වැඩ කිරීමට. 2005 කාලයේදී Bruce සම්බන්ද වෙනවා රහස්‍ය පර්යේෂණයකට. එය නමින් Bio-Tech Force Enhancement Project. ඒ Abraham Erskine 1943 Captain America නිර්මාණය කිරීමට යොදා ගත් Project Rebirth හා සමාන සුපිරි සොල්දාදුවෙකු බිහිකිරීමේ ව්‍යාප්තියක්. ඔහු ඒ සදහා කැමැත්තෙන්ම ඉදිරිපත්වෙනවා.නමුත් එ පරේෂණය අසාර්ථක වෙනවා. ඒ Bruce Banner දැවැන්ත, කොළ පැහැති සමක් සහිත, ශක්තිමත් නමුත් මනස ඉතා අඩු පුද්ගලයෙකු බවට පරිණාමය වෙමින්. නම් ඔහුගේ මේ පරිණාමය තාවකාලිකයි.ඒ වගේම මේ පරිණාමය, ඔහු ඉතා කලබලවන, ඉතා තරහා යන හැම අවස්ථාවකම සිදු වෙනවා. මෙතැන් පටන් ඔහුගේ කතාව MCU එකේදී දැක ගැනීමට හැක.
මේ දක්වා Bruce Banner ගේ MCU සාරාංශය,
ගැමා පරීක්ෂණයට සම්බන්ද වෙමින්.
පළමු පරිණාමයෙන් පසු Betty Ross බැලීමට රෝහලට පැමිණීම.
දිවිනසගනිමට උත්සාහය
විෂනාශක සැදීමට උත්සහ ගැනීම.
Emil Blonsky සමග සටන.
Emil Blonsky සමග අවසන් සටන.
භාවනා කිරීම.
ඉන්දියාවේ කොල්කටා වල ජීවත් වීම.
Banner සහ tony හමුවීම.
Scepter අතැතිව.
Thor සමග සටන.
New York සටනට සම්බන්ද වෙමින්.
Loki සමග ගැටුම.
Natasha Hulk ව මර්ධනය කිරීම.
Ultron ව්‍යාප්තියට සම්බන්ද වෙමින්.
Avengers Tower එකේ party එක.
Wanda Maximoff විසින් මෝහනය කල අවස්ථාව.
Romanoff සමග ඔවුගේ සම්බන්දකම ගැන සාකච්චාව.
Ultron සමග අවසන් සටන.
සියලන්ගෙන්ම වෙන් වී යාම.




