1867 වසරේ මහනුවර දක්වා මගී දුම්රිය ධාවනය ආරම්භ වෙනවාත් සමඟම එවකට ඉතාමත් සාර්ථක ලෙස කෝපි වගාව සිදු කෙරුනු සාරවත් මාතලේ ප්‍රදේශයට දුම්රිය මාර්ග පද්ධතිය සෑදීමේ අදහසක් සුදු ජාතිකයන් තුල පැවතුනා. නමුත් ඒ අදහස ටික කලකට පස්සට දමන්නට අවුනට සිදු උනේ පේරාදෙනියේ සිට නානුඔය දක්වා දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ විමත් සමඟයි. කෙසේ හෝ 1874 වසරේ නාවලපිටිය දක්වා දුම්රිය මාර්ගය විවෘත්ත කිරීමත් සමඟම නැවතත් මාතලේ මාර්ගය පිළිබඳ අවධානය නැවතත් යොමු උනා. නමුත් එවකට ජනතාව තුල පැවති දුම්රිය පුනරුදය හේතුවෙන් නාවලපිටියේ සිට බදුල්ල දක්වා දුම්රිය මග ගෙන ඒමේ දැඩි ප්‍රයත්නයක් ඒ ප්‍රදේශ වල ජනයා තුල පැවතුනා. බොහෝ ජනතාවගේ අභිලාශය උනේ බදුල්ල දක්වාම දුම්රිය මාර්ගය ඉතා ඉක්මනින් නිම කල යුතු බවයි. කෙසේ හෝ මේ හැල හැප්පීම් අතරම මාතලේ දුම්රිය මාර්ගයේ කටයුතු නානුඔය,බදුල්ල මාර්ගයට කලින් ආරම්භ උනා. 1880 වසරේ මගී ප්‍රවාහනයට මාතලේ දුම්රිය මාර්ගය විවෘත්ත උනා. ඒ සැහැල්ලු දුම්රිය මාර්ගයක් ලෙසටයි. අදටත් මේ මාර්ගයේ ධාවනය වන්නේ සැහැල්ලු දුම්රිය හා සැහැල්ලු දුම්රිය එන්ජින් පමනයි.
ඉතින් මම පහුගිය සතියක මාතලේ ට්‍රැක් එකේ සංචාරය කලා.
උදේ 7ට කොටුවෙන් පිටත් වෙන මහනුවර නගර අතර සීඝ්‍රගාමී දුම්රියේ තමයි මහනුවර වෙනකන් ගමන් කලේ.
M6 - 788 ICE colored (ICE කියන්නේ Inter City Express කියන එකයි) එන්ජින් එක තමයි අපිත් එක්ක නුවර යන්න සූදානම් වෙලා හිටියේ. ICE Colored කියන්නේ ICE දුම්රියේ පාටම තමයි මේ ඇන්ජිමට තියෙන්නේ. අනිත් M6 ඔක්කොම කොළ හා රතු පාට උනත් 788 ICE දුම්රියේ පාටම ලොකෝ එකක්.
දුම්රිය එන්ජිමක් ඡායාරූපයට ගන්න හොඳම ඇන්ජල් එක මේක.
අපේ 788.
මේ තියෙන්නේ Expo රේල් පෙට්ටිය. මේකේ යන අය ගැන නම් මට පුදුම දුකක තියෙන්නේ. දෙන දේ කාලා, වෙන දේ බලාගෙන AC එක ඇතුලට වෙලා යන්නයි තියෙන්නේ. මොකෝ ඉතිං අපිට වගේ ෆුට් බෝර්ඩ් එකේ යන්න කියල යෑ...
කෝච්චිය අදින්න වෙලා තිබුන නිසා ගියා ඉස්ටේසම වටේ රවුමක්. මෙන්න මෙයා අළුත්ගම යන්න ලෑස්ති වෙනවා. මාතරට වෙනකන් යන්න බෑනේ දැන්.
මෙයාව අළුත්ගම ඇදගෙන යන්න හදන්නේ අළුත්ම අළුත් ඇන්ජිමක්. අළුත්ම අළුත් කිව්වාට මෙයා අවුරුදු 57ක් අපි වෙනුවෙන් සේවය කරලා තියෙනවා. රත්මලානට ගිහිල්ලා හොඳ සර්විස් පාරක් දාගෙන එදා තමයි ඉස්සෙල්ලාම වැඩට බැහැලා තියෙන්නේ. ඒ අපේ M1-593 හෙවත් New Brunswick සහෝදරයා. අපේ දුම්රිය සේවයේ වයසකම මනුස්සයෙක්. දැනට තියෙන පරණම ඇන්ජින් වලින් එකක්.
උඩින් පේන විදිය පොටෝ එකක් ගන්න හිතුනා. දුවලා ගිහින් මගී පාලම උඩට නැගලා ගත්තා එකක්.
කොහොම හරි හරියටම 7ට ICE එක මහනුවර යන්න පිටත් උනා.
යනකොටම S10 එකක් එනවා කොටුවට.
මරදානට W3 එකක් ඇවිල්ල.
යන අතරමගදී ප්‍රමානයෙන් පොඩි උනත් ලොකු වැඩ කොටසක් කරන කෙනෙක් හිමින් හිමින් මරදානට එනවා. මේ එන්නේ කොලොන්නාවෙ ඉඳලා.
පොඩි උනත් කොහොමද ඇදිල්ලේ දිග. මේ යන්නේ තෙලුත් එක්ක.
රුමේනියන්-චයිනීස් පූට්ටුවක්. මේකට කියන්නේ කචල් පුට්ටුව කියලා. මේ විදියට පුට්ටු කරොත් ඒක කචල් වෙනවා.
දෙමටගොඩ ගුවන් පාලම යටින්.
ඔන්න මගේ බොඩරේ...
වරායට යන වහලදාලා තියෙන මුතුවැල්ල ට්‍රැක් එක මේන් ලයින් එක ක්‍රොස් කරන්නේ මෙතනින්.ඔය ඈතින් පේන වතුර ටැංකිය ගාව තමයි පෙරේරාගේ අඩවිය.
තුන්වෙනි ට්‍රැක් එක එලන්නයි සූදානම.
රාගම.
ගම්පහ. ICE එක නවත්තන්නේ ගම්පහයි, පේරාදෙනියෙයි විතරයි.
නැවත ගමනේ.
ඔහොම යනකොට කොට කොට කොට කොට කොට එනවා ඉන්දියාවේ තවත් අපුරු නිර්මානයක්. ඉන්දියාවෙන් අපේ දුම්රිය සේවයට එකතු වෙච්ච M8 ඇන්ජිමක්. මේ යන්නේ M8 - 844.
මෙහෙම ටිකක් යනකොට හම්බ උනා උඩහ ට්‍රැක් එකේ වැඩකාරයෙක්. M6 - 787 කොටුවේ යනවා. රෑ බදුල්ලේ ඉඳන් එන රාත්‍රී තැපැල් දුම්රිය අරගෙන තමයි මේ යන්නේ.
වේයන්ගොඩ පහුවෙනකොටම M2 - 572 හම්බ උනා. තවත් පැරණිම ඇන්ජින් එකක්.
S10 - 890 හම්බ උනා මගදී. දුම්රිය දෙපාර්තමේන්තුවට සෑහෙන වැඩකොටසක් මේ S10 වලින් සිද්ද වෙනවා.
තව ටිකක් ඉස්සරහට යනකොට තඩි බලල් තඩියෙක් ඉස්සරහට එනවා දැක්කා. මේ එන්නේ M5 එන්ජින් එකක්. මේ ඇන්ජිමට පූස් එන්ජිම කියන්න හේතුවක් තියෙනවා. M5c කියන ක්ලාස් එක යටතේ ලංකාවට ගෙන්වපු මේ ඇන්ජින් වල ආපු දෝශ හේතුවෙන්, මේවා නැවත්ත රත්මලානේදී re-build කලා. ඒ කලේ CAT ආයතනයේ නිපදවන ලද ඇන්ජින් යොදාගෙනයි. ඒ නිසා එදා ඉඳලා කැට් ඇන්ජින් යොදපු එන්ජිම පූස් එන්ජිම උනා. මේ එන්නේ 777.
නැවතත් අපි ගමනේ.
S10 - 888
ඔන්න තවත් බලල් තඩියෙන් රේල් පාරේ විසි වෙනවා.
අපි පොල්ගහවෙලට කිට්ටු උනා. තවත් S10 එකක්.
රඹුක්කන.
බිං ගෙයක් තුලට.
බිං ගෙය තුල.
බිං ගෙයින් එලියට.
තව එකක්.
අපේ කඩියගේ ගම.
රඹුක්කන ඉඳලා කඩුගන්නාව වෙනකන් දුම්රිය මගේ නැග්ම. ආනතිය1:45 වෙනවා. දුම් ද දා අදුන අපේ 788.
ඉහල කෝට්ටේදී තමයි මෙයාව හම්බ උනේ. එල භාන්ඩේ මේක.
ඈතින් පේන බතලේගල. එලකිරි සංචාරකයා මීලඟ සංචාරය...
මෙතන මාර ජොයින්ට් එක. මේකට කියන්නේ sensation rock කියලා. දුම්රිය ගමන් කරන නිසා ලස්සන පින්තූර ගන්න බැරි උනා.
තවත් බිං ගෙයකින් එළියට.
සුප්‍රසිද්ධ Lions Rock
කඩුගන්නාවට ලඟා උනා. මෙතනින් නැග්ම අවසන් වෙනවා. දැන් අපි උඩ.
මාතලේ,මහනුවර මාර්ගය බදුල්ල මාර්ගයෙන් වෙන් වෙන්නේ පේරාදෙනියේදී. මේ තියෙන්නේ මේන් ලයින් එක බදුල්ලට හැරෙන තැන.
පේරාදෙනිය හන්දිය.
පේරාදෙනිය පැරණි දුම්රියපොල.
මහනුවරට ලඟා වෙමින්.
අපි නුවරට ආවා. මේ නවත්තලා තියෙන්නේ 10:30 කොළඹ කෝච්චිය.
එයාව ඇදගෙන කොළඹ යන්න W3 එක ලෑස්තිවෙලා.
කොහොම හරි මහනුවරින් නැවතත් මාතලේට ටිකට් අරගෙන මාතලේ දුම්රිය වේදිකාවට අපි පිවිසුනා. මාතලේට මහනුවර ඉඳන් හැතැක්ම 17ක් තියෙනවා. තුන්වෙනි පන්තියේ ටිකට් එකක මිල රුපියල් විසි පහයි.
මාතලේ දුම්රිය වේදිකාවට පෙට්ටි ටික ඇදගෙන ආවේ තවත් බළල් තඩියෙක්.
ඒ M5 - 781
මම මුලිනුත් කීවානේ මාතලේ මාර්ගය සුදුසු වන්නේ සැහැල්ලු දුම්රිය හා දුම්රිය ඇන්ජින් වලට විතරයි කියලා. ඒ නිසා මාතලේ මාර්ගයේ ධාවනය වෙන්නේ W3, M5 හා M7 ඇන්ජින් විතරයි. අපේ කෝච්චිය ඇදගෙන යන්න සූදානම් වෙලා ඉන්නේ මගේ තවත් කැමතිම ඇන්ජින් වලින් එකක්. ඒ M7 - 799 කියන එක්කෙනා.
හෙමින් ගමන් උනත් බුවා එල.
මාතලේ කෝච්චිය පිටත් වෙන්නයි හදන්නේ. රියදුරු අසුනට ගොඩ උනා.
මහයියාව දුම්රියපොල.
හෙමින් හෙමින් ගමනේ.
කටුගස්තොට දුම්රියපොල.
නැවත ගමනේ.
පල්ලේතලවින්න දුම්රියපොල.
මෙන්න මේක තමයි ස්ථානාධිපති කාර්යාලය.
නැවත ගමනේ.
උඩතලවින්න.
නැවත ගමනේ. තවත් දෙයක් කියන්න ඕනා. මාතලේ මාර්ගයේ මාර්ග නඩත්තුව නම් ඉතා පහල මට්ටමකයි පවතින්නේ. හැම තැනම වල් වැවිලා, රේල් පාර විනාස වෙලා ගිහින් තියෙනවා. රියදුරු මහට්වරුන් මාතලේ මාර්ගයට කියන්නේ පතෝල මැස්ස කියලා. ඒ තරම් වල් වැදිලා විනාස වෙල. ගොඩාක් දුකයි ඉතින්..
මීගම්මන
පැරණි සිග්නල්
වත්තේගම ඉස්ටේසමට කිට්ටුකරනකොටම තවත් බලල් තඩියෙක් පාර බලන් ඉන්නවා.
යටවර.
නැවත ගමනේ. ගස්කොලන් වලින් පිරුණු ලස්සන පරිසරයක් තමයි මාතලේ මාර්ගය අවට දිස් වෙන්නේ.
මෙච්චර වෙලා අපි අපි කියලා කීවාට කවුද අපි කියලා කියන්න අමතක උනා නේ. මේ ටුවර් එක ගියේ ඉතිං අපි දෙන්නා තමයි.
ඔය උඩින් තියෙන බට වලින් තමයි පොල්ගොල්ලේ ඉඳලා මහවැලි ගඟෙන් උකුවෙල ජල විදුලි බලාගාරයට වතුර ගෙනියන්නේ.
උඩත්තාවල.
නැවත ගමනේ.
උකුවෙලට කිට්ටු උනා.
නැවතත් සංචාරේ.
තවත් දුම්රිය මගක අවසානය.
අපි ආපු කෝච්චිය.
එලකිරි සංචාරකයා හැමදාමත් වගේ ඔයලාගේ යෝජනා,චෝදනා, අදහස්, උදහස් වෙනුවෙන් විවෘත්තයි.

Last edited:

සනීප නැතුව හිටියනේ....!!